‘රට හදන තැන් වැරදි කරන හැටි’ විශේෂාංගයෙන් මෙවර හෙළිදරව් කරන්නේ පසුගිය කාලයේ මුළු රටේම කතා බහට ලක්වූ සිදුවීමක් ගැනය. සාතිශය බහුතරයකගේ අනුකම්පාවට හා ගෞරවයට පාත්‍රවූ චරිතයකට තවමත් සාධාරණයක් ඉටුවී නැති හැටි ගැන මෙවර අනාවරණය කරමු.
ඇය ගුරුවරියකි. නිකම්ම නිකම් ගුරුවරියක නොව අසාධාරණය වෙනුවෙන් සටන් කළ ගුරුවරියකි. තමන්ට වූ අසාධාරණයක් ගැන ජනමාධ්‍යයට කරුණු කීවේ යැයි වැඩ තහනම් වූ ගුරුවරිය ඇයයි. ඇගේ නම හා පාසල මීට පෙර ප්‍රසිද්ධ වුවත් අපි ඇගේ නම සහ පාසල ඉදිරිපත් නොකරමු. ඇය හැඳින්වීම සඳහා ‘මනෝරි’ යන නම අපි භාවිත කරන්නෙමු.
රජරට පාසලක සිටි මනෝරිට කොළඹ පාසලකට ඒමේ අවස්ථාව උදා වෙන්නේ උසාවි නියෝගයක් මගිනි. ඇය රජරට පාසලක ඉගැන්වීම් කටයුතු කළාය. කාලයක් එම පාසලේ ඉගැන්වීම් කටයුතු කළ ඇය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසලකට ස්ථාන මාරුවක් ඉල්ලා සිටි අතර විදුහල්පති ඇය නිදහස් කිරීමට අනුමැතිය ලබා දුන්නේය. ඇයට ස්ථාන මාරුව ලැබෙද්දී විදුහලේ සිටියේ අලුත් විදුහල්පතිවරයෙකි.
ස්ථාන මාරු ලිපිය ගැනීම සඳහා ගුරුවරිය විදුහල්පතිගේ නිල කාමරයට ගියාය. ලිපිය ලබා දී ඇය නිදහස් කිරීම සඳහා විදුහල්පතිවරයා කොන්දේසියක් ඉදිරිපත් කළේය. ඔහුගේ කොන්දේසිය වූයේ නිදහස් කිරීමට නම් තමා සමඟ හෝටලයකට යෑමට එන ලෙසයි. එම ඉල්ලීම ඇසූ සැණින් යක්ෂාරූඪ වූ ගුරුවරිය සිය සෙරප්පුව ගලවා අතට ගෙන විදුහල්පතිගේ මුහුණට පහරක් ගැසුවාය.
රාජකාරි ස්ථානයේදී රාජකාරියට බාධා කළ බවට හා පහර දුන් බවට විදුහල්පතිවරයා පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ගුරුවරිය අත්අඩංගුවට පත් විය. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් කරනු ලැබුවාය. දීර්ඝ නඩු විභාගයකින් පසු නිදොස් කොට නිදහස් වූවාය. තමාට වූ අසාධාරණය ගැන ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය. ගුරුවරියට කොළඹ පාසලක් ලැබුණේ එම පෙත්සම් විභාගයෙන් ඇය ජය ලැබීමෙන් පසුවය.
ඇය එකල අසාධාරණයට ලක්වී සිටි සමයේ ඇයට උදව් උපකාර කළේ එවකට රජරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වත්මන් මහ ඇමැති පේෂල ජයරත්න මහතාය.
කොළඹ ආ ඇයට ඊළඟට විඳින්නට සිදුවූයේ ඊටත් වඩා අමිහිරි අත්දැකීම්ය.
ඊළඟට ඇයට එම විද්‍යාලයයේ ගුරුවරයකුගෙන් දිගින් දිගටම හිරිහැර එල්ල වන්නට විය. ඒ ගැන විදුහල්පතිට දැන්වුවත් පලක් නොවූ අතර විදුහල්පති ද ගත්තේ ගුරුවරයාගේම පැත්තය. දිනක් ඇය පාසලේ කාමරයක සිටිය දී පැමිණි එම ගුරුවරයා ඇයට බලහත්කාරකමක් කරන්නට උත්සාහ කළේය. ඒ ගැන පාසලේ විනය භාර ගුරුවරයාට දැන්වූ විට ඔහු කීවේ පාසලේ හොඳ නමට එය කැළලක් වන නිසා පොලිසියට පැමිණිලි නොකරන ලෙසයි. විදුහල්පතිට දැන්වූවිට විදුහල්පති කීවේ ගුරුවරයා එම ක්‍රියාව කරන්නට ඇත්තේ විහිළුවට බවයි. පාසලෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් නොපෙනෙන නිසා ඇය පොලිසියට පැමිණිලි කළාය.
ගුරුවරයා අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබීය. නමුත් ඔහු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම නිසා තත්ත්වය එන්න එන්නම දරුණු විය. විදුහල්පතිවරයා මෙන්ම ගුරුවරයා ද දිගින් දිගටම ගුරුවරියට බලපෑම් කරන්නට වූහ. අවසානයේ බැරිම තැන මෙම ගුරුවරිය ලංකා ගුරු සංගම් කාර්යාලයට ගොස් සිද්ධියට මැදිහත්වීමක් වන ලෙස ඉල්ලීමක් කළ අතර ඒ අනුව එම ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි කළේය. ඉන් ද පලක් වෙන බවක් නොපෙනුනි. ඒ අනුව ඇය ලංකා ගුරු සංගම් කාර්යාලයයේ දී තම දුක් ගැනවිල්ල විද්‍යුත් මාධ්‍යක විමර්ශන වැඩසටහනක් මගින් අනාවරණය කළාය.
ප්‍රශ්නය බැරෑරුම් වූයේ ඉන් පසුය. ගුරුවරියට පීඩා කරන ගුරුවරයාට හා විදුහල්පතිට පියවරක් ගන්නවා වෙනුවට ජනමාධ්‍යයට ප්‍රකාශයක් දුන්නේ යැයි කියමින් ගුරුවරියගේ වැඩ තහනම් කිරීමට අමාත්‍යංශ නිලධාරීහු පියවර ගත්හ.
ගුරු සංගම් දිගින් දිගටම බලපෑම් කිරීම නිසා සහ ලංකාදීපය දිගින් දිගටම මෙම සිදුවීම වාර්තා කළ නිසා ගුරුවරයාට සහ විදුහල්පතිට එරෙහිව විමර්ශන ඇරුඹිණි. නමුත් ගුරුවරියගේ වැඩ තහනම ඉවත් වූයේ නැත. තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ සාධාරණයත්වයේ අයිතිය වෙනුවෙන් ගුරුවරිය ලංකා ගුරු සංගමයේ සහයෝගය ද ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළාය. නඩුවේ අතුරු නියෝගයක් අනුව ගුරුවරිය යළි සේවයේ පිහිටැවිණි.
එසේ නමුත් නඩු විභාගය යන අතරතුර අධ්‍යාපන අමාත්‍යංශය ගුරුවරියට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා ඉන් ඇය වැරදිකාරිය කළ අතර ගුරුවරියට රුපියල් 35,000ක දඩයක් ගසා ඇගේ වැටුප් වර්ධකයන් අත්හිටුවීය. එසේ නමුත් විදුහල්පතිට හා ගුරුවරයාට එරෙහි විනය පරීක්ෂණ කඩිනම් කළේ නැත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ වසර හතරක විභාගයෙන් පසු 2016 නොවැම්බර මාසයේ දී නඩු තීන්දුව ලැබිණි. ඇගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කළ එම නඩු තීන්දුව ඓතිහාසික නඩු තීන්දුවක් විය. අසාධාරණකම්වලට භාජනය වන රජයේ සේවකයන්ට එය දිරිගැන්වීමක් විය. මාධ්‍යයට ප්‍රකාශ ලබා දීමට තහනම් කරමින් ආයතන සංග්‍රහයේ ඇති වගන්තිය ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව එම නඩු තීන්දුවත් සමග රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ඇය නඩුවෙන් ජයග්‍රහණය කළ ද ඇයට එරෙහිව ගත් විනය නියෝග ඉවත් කළේ නැත. ඇයට අසාධාරණය සිදුවන වකවානුවේ ඇගේ ගැටලුව පාර්ලිමේන්තුවේ කතා කළේ එවකට විපක්ෂ මන්ත්‍රීවරයකු වූ අකිල විරාජ් කාරියවසම් මහතා ය. නඩු තීන්දුව දෙන වකවානුව වන විට අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ඇමැතිවරයාව සිටියේය.
නඩු තීන්දුවෙන් පසු විනය නියෝගය ඉවත් නොකිරීම ගැන එදා තමා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කළ අකිල විරාජ් කාරියවසම් මහතා හමු වී ප්‍රකාශ කළාය. එම අවස්ථාවේ අධ්‍යාපන ඇමැතිවරයා වහාම පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. නමුත් එය ඉටු වූයේ නැත. අධ්‍යාපන ඇමැතිවරයා යළි උපදෙස් දුන්නද එය ද ඉටු වූයේ නැත.
ඒ අනුව එදා තමා රජරට සිටියදී තමා වෙනුවෙන් උදව් කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවී මෙම තත්ත්වය පැහැදිලි කිරීමට ඇය තීරණය කළාය. ඒ අනුව පොළොන්නරුවේ නිවසට දුරකථන ඇමතුමක් ගත්තද ජනාධිපතිවරයා එහි සිටියේ නැත. ඇමතුම ගත් පුද්ගලයා ඇගේ දුරකථන අංකය ලියා ගත්තේය. ඊට පැය ගණනකට පසු ඇයට දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ ජනාධිපතිවරයාගෙනි. තමාට වූ අසාධාරණය ගැන ගුරුවරිය කී විට කොළඹ පැමිණ තමා හමුවන ලෙස ජනාධිපතිවරයා ඇයට දැන්වීය. ඒ අනුව කොළඹ ජනාධිපති නිල නිවසේ දී ඇය ජනාධිපතිවරයා හමුවූවාය. දුක්ගැනවිල්ල ඇසූ ජනපති එම අවස්ථාවේම අධ්‍යාපන ලේකම් සම්බන්ධ කර දෙන ලෙස නිලධාරීන්ට දන්වීය. අධ්‍යාපන ලේකම් සම්බන්ධ වූ පසු මෙම නඩු තීන්දුව ක්‍රියාත්මක නොකරන්නේ ඇයි දැයි විමසා එය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දුන්නේය. ගුරුවරියට සාධාරණයක් කරන ලෙස ලිඛිතව දැන්වීමට තම කාර්ය මණ්ඩලයට උපදෙස් දුන්නේය.
රටේ පළමු පුරවැසියා සහ අධ්‍යාපනය භාර ඇමැතිවරයා උපදෙස් දුන්නද තවමත් එම ගුරුවරියගේ විනය නියෝගය ඉවත් කර නැත. මාස ගණනක් තිස්සේ ඇය වැටුප් වර්ධකයන් අහිමිව සිටින්නීය. මෙම ක්‍රියාව මන්දගාමී කර ඇත්තේ ද, වගඋත්තරකරුවන්ගේ විනය ක්‍රියාමාර්ග ප්‍රමාද කර ඇත්තේ ද එකම කල්ලියකි. එම කල්ලියේ සිටින නිලධාරීන් අතළොස්ස වැඩ කරන්නේ සාධාරණය වෙනුවෙන් නොව වගඋත්තරකරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙනි.
තරිඳු ජයවර්ධන සහ
බිඟුන් මේනක ගමගේ
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ජනාධිපතිගේ හා අධ්‍යාපන ඇමැතිගේ නියෝග අහක දැමූ අධ්‍යාපන ලොක්කෝ