කොවිඩ් පාලනයට දැඩි නීති ඕනෑ
සෞඛ්‍ය අංශ ජනපතිගෙන් ඉල්ලයි
(දයාසීලි ලියනගේ)
කොරෝනා වසංගතය පැතිරීම ඉතාමත් අවම කර ගැනීම සඳහා රටේ ජනතාවගෙන් සියයට 90ක්ම නිවෙස්වල රඳවා තැබිය යුතු යැයි වෛද්‍ය අංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවකදී පෙන්වා දී ඇත.
සියයට 90ක පිරිස සති දෙකක කාලයක් නිවෙස්වලම රඳවා නොතිබුණහොත් රෝගය ව්‍යාප්තවීමේ වේගය අඩාල කර ගැනීමට නොහැකි වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.
දැනට සංචරණ නීති ක්‍රියාත්මක වුවත් එය ප්‍රමාණවත් නොවන බවද වෛද්‍යවරයා කීය.
මේ වනවිට රෝගය පැතිරීමේ වේගය දැඩි අවදානම් තත්ත්වයක පවතින අතර ජනගහණ ප්‍රතිශතය අනුව ඉන්දියාවට වඩා වැඩිවේගයක් පෙන්නුම් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ ජනගහනය අනුව මිලියනයකින් මියයන සංඛ්‍යාව සියයට දෙකක් වී ඇති අතර, අපේ රටේ මිලියනයකට මියයන සංඛ්‍යාව සියයට 1.7ක් වී ඇති බව දත්ත තොරතුරු අනාවරණය කර තිබෙන බවද වෛද්‍ය සොයිසා මහතා සඳහන් කළේය.
මේ අතර කොරෝනා එන්නත ලබාදීමේදී අවුරුදු 60ට වැඩි අයට හා ගර්භණී කාන්තාවන් සඳහා ප්‍රමුඛතාව ලබාදෙන ලෙසට ද ඉල්ලීමක් කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනගහණයෙන් සියයට අනූවක් නිවසට සීමා කරන්න