(අජන්ත කුමාර අගලකඩ)
බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ සතියේදී දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එතුමිය දිවයිනට පැමිණීමෙන් පසුව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය දැඩිව විවේචනය කරමින් හිටපු ජනාධිපතිනිය ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාට මීට පෙර ලිපියක්ද යවා තිබිණි.
හිටපු ජනාධිපතිනිගේ ලිපියට ප්‍රතිචාර දක්වමින් දයාසිරි ජයසේකර මහතා එතුමියට ලිපියක් යවා තිබූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ශ්‍රීලනිපය ගත් තීරණය එමගින් සාධාරණීකරණය කර තිබිණි.
හිටපු ජනාධිපතිනිය දිවයිනට පැමිණ ජනාධිපතිවරණය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් කරන ප්‍රකාශ අනුව ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද තීරණය කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
චන්ද්‍රිකාගේ තීන්දුව මේ සතියේ