(අජන්ත කුමාර අගලකඩ)
රජයේ ප්‍රමුඛතම සංවර්ධන වැඩපිළිවෙළක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ‘ගම්පෙරළිය’ වැඩසටහන සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මුදල් වෙන් කිරීමේදී එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම සමව ලැබෙන සේ මුදල් වෙන් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු හෝ පළාත් සභා මන්ත්‍රීවරයකු ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිත්වය දරන බැවින්, පක්ෂ දෙකටම අසාධාරණයක් නොවන සේ මුදල් වෙන් කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇතැයි එම ආරංචිමාර්ගවලින් පැවැසේ.
ගම්පෙරළිය වැඩසටහන යටතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා රුපියල් මිලියන 200 බැගින් වෙන් කිරීමට රජය සැලැසුම් කර ඇති අතර එය මිලියන 100 බැගින් සම සමව පක්ෂ දෙකට වෙන් කිරීමට තීරණය වී ඇතැයි පැවැසේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා වෙන් කෙරෙන මුදල් ජනාධිපති කාර්යාලය හරහා සංවර්ධන ව්‍යාපෘතිවලට වෙන් කරන ලෙස ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් ද කර ඇතැයි වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පෙරළියේ මුදල් එජාපයට-ශ්‍රීලනිපයට සම සමව