(දයාසීලි ලියනගේ)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් කෝටි 40ක මුදලක් වැයකර මෙරටට ගෙන්වන ලද ගෑස් පිරවුම් යන්ත්‍රයක් වසර 9 ක කාලයක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන දිරාපත් වෙමින් පවතින බව සඳහන් වේ.
වර්ෂ 2010 දී මෙරටට ගෙන්වන ලද මෙම ගෑස් පිරවුම් යන්ත්‍රය සඳහා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 5000ක්ද ආනයනය කර තිබූ අතර පසු කාලයක දී ඒවා යකඩවලට විකුණා ඇති බව දැන ගන්නට ඇත.
ආනයනය කරන ලද මෙම යන්ත්‍රය කැලණි පාලම ඔස්සේ සපුගස්කන්දට රැගෙන ඒමට නොහැකි තරම් විශාල වීම නිසා විශේෂ බත්තලක් ඉදිකර ඒ මතින් ගෙන යාම සිදුවූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
බත්තල ඉදි කරන තෙක් වරායට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවූ බව ද කියති.
මෙම යන්ත්‍රය ගෙන්වීමට මූලික වූ ඉහළ පෙළේ නිලධාරියා මේ වෙන විට තාර අලෙවියෙන් සංස්ථාවට රුපියල් කෝටි 35ක අලාභයක් සිදුකර ඇති බවට ජනාධිපති කොමිසමෙන් වැරැදිකරු කර ඇතත් මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු විනය පියවරක් ගෙන නැති බව ද කියති.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටි 40ක ගෑස් පිරවුම් යන්ත්‍රයක් සපුගස්කන්දේ දිරණවා