(දයාසීලි ලියනගේ)
එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් සංවර්ධන කටයුතු වලට සහභාගි කර ගැනීම සඳහා යළි අධීක්ෂණ මන්ත්‍රී තනතුරු ඇති කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
එම වැඩ පිළිවෙළ යටතේ කලින් අධීක්ෂණ මන්ත්‍රීවරු ලෙස පත් කර සිටි සියලු පසුපෙළ මන්ත්‍රීවරු යළි ඒ ඒ අමාත්‍යාංශ සඳහා පත් කර ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ දීමනා ගෙවීමකින් තොරව අධීක්ෂණ මන්ත්‍රී පත්වීම් ලබාදී ඇති බවයි.
ඒ යටතේ තමන්ට අධිකරණ හා බන්ධනාගාර අමත්‍යාංශයේ අධික්ෂණ මන්ත්‍රී තනතුර හිමි වී තිබෙන බවද හෙට්ටිආරච්චි මහතා කීය.
අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට විශේෂ පහසුකම් ලබාදී නැති අතර, ඔවුන් අමාත්‍යාංශවල සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමට පත්කර ඇත.
2025 දෙසැම්බර් මස 18
232
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාප පසුපෙළ මන්ත්‍රීන්ට අමාත්‍යංශ අධීක්ෂණ වගකීම්