(නිශාන්ත කුමාර බණ්ඩාර)
ලබන ජනවාරියේ සිට දිවයින පුරා සියලු එක්සත් ජාතික පක්ෂ කමිටු ප්‍රතිසංවිධාන කිරීමේ කටයුතු පුළුල් කෙරේ.
ශාඛා සමිති ප්‍රතිසංවිධානය කොට එහි කටයුතු වේගවත් කරන අතර දැනට පත්කර ඇති නායක, උපනායක, සංවිධායක තනතුරුවලට අමතරව ලබන ජනවාරියේ සෙසු තනතුරු සඳහා නව කාර්යක්ෂම නිලධාරින් පිරිසක් පත්කරන බව ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.
පුරප්පාඩුව පවතින ආසන සංවිධායක ධුර සඳහා කඩිනමින් නිලධාරින් පත් කරන බවත් එම ප්‍රතිසංවිධාන කටයුතු වේගවත්ව සිදුකිරීමට උපදෙස් ලබා දී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. මේ අතර දැනට කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් අනුමත කළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කටයුතු සඳහා ඊට සම්බන්ධ පක්ෂ නායකයන් දිගින් දිගටම සාකච්ඡා කරන අතර පුළුල් ජාතික පෙරමුණක් ලෙස ඉදිරියේදී එම සන්ධානය සූදානම් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම සන්ධානයේ කටයුතු ද කඩිනමින් සකස් කරන බවත් ඉදිරි මැතිවරණවලදී එම සන්ධානය යටතේ තරග කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
573
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාප ප්‍රාදේශීය කමිටු ප්‍රතිසංවිධානය ඇරැඹේ