(නිශාන්ත කුමාර බණ්ඩාර)
එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් හදන පුළුල් සන්ධානයට සිය පූර්ණ සහාය පළ කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එම පෙරමුණට සම්බන්ධ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ජාතික හෙළ උරුමය සහ රිෂාඩ් බදුයුදීන් මහතාගේ මක්කල් කොංග්‍රසය සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් මෙම සන්ධානය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර ඇත.
සන්ධානයේ ලාංඡනය සහ සන්ධානයේ නම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කෙරෙමින් පවතින බව ආරංචි මාර්ග පැවසීය.
කෙසේ වෙතත් සන්ධානයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට දැනටමත් මුස්ලිම් කොංග්‍රසය එකඟ වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පවතින දේශපාලන අස්ථාවරය හමුවේ ප්‍රබල පුළුල් සංවිධානයක් හැටියට නව සන්ධානය ක්‍රියාකරනු ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විශ්වාසය පළකර සිටිති.
2025 දෙසැම්බර් මස 30
76
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
732
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
එජාපය ප්‍රමුඛ සන්ධානයට මුස්ලිම් කොංග්‍රසයේ සහාය