(දයාසීලි ලියනගේ)
ඇමැතිධුර සංඛ්‍යාව වැඩිකර ගැනීම සඳහා රජය දෙවැදරුම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන් පළමුවැන්න ඇමැතිධුර වැඩිකර ගැනීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරවා ගැනීම යැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් කීය.
අනෙක් පියවර වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුනට එම තනතුරු තහනම් කරමින් නිකුත් කර ඇති ක්වෝ වොරන්ටෝ තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම බව ද සඳහන් වේ.
මේ තහනම් නියෝගය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ඇමැතිවරුනට යළි ඇමැතිකම් ලබා ගැනීමේ නීතිමය ප්‍රශ්නයක් උද්ගත වී තිබෙන බව ද දැනගන්නට ඇත. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු පිරිසක් රජයට එක්වීමට බලාපොරොත්තුව සිටින බව වාර්තා වී ඇති අතර අධිකරණයෙන් තහනම ඉවත් කර පාර්ලිමේන්තු යෝජනාව සම්මත වූ පසු ඔවුන් බහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු වශයෙන් රජයට එක්වී ඇමැති තනතුර ලබා ගනු ඇතැයි ද ඔහු කීය.
2025 දෙසැම්බර් මස 04
136
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමැති ධුර වැඩිකර ගැනීමට දෙවැදෑරුම් වැඩ පිළිවෙලක්