මන්ත්‍රී පියසේන ගමගේ
(නිශාන්ත කුමාර බණ්ඩාර)
ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කිරීම සඳහා කැබිනට් අමාත්‍ය ධුරයක් අවශ්‍ය කළ ද එය නොලැබී යාම නිසා එක්සත් ජාතික පක්ෂය, කිසිවිටකත් අතහැර නොයන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසයි.
නමුත් ආණ්ඩුවට යුතුකමක් ලෙස තමන්ට කැබිනට් අමාත්‍යධුරයක් පිරිනැමීමට තිබුණ ද එසේ නොලැබීම නිසා කිසිදු අවස්ථාවක සිත් තැවුලට පත්නොවන බවද ඔහු සඳහන් කළේය.
පසුගියදා රටේ සිදුවූ දේශපාලන අර්බුදය යම්තාක් දුරකට විසඳී ඇති අතර එහෙත් එය සම්පූර්ණ වශයෙන් නිමවී නැතැයි ද ඒ මහතා කීය.
මේ නිසා දේශපාලන ක්ෂේත්‍රය තුළ පවතින අවුල තවමත් නිමවී නැතත් මෙම තත්ත්වය හමුවේ රට ඉදිරියට ගෙන යාම පිළිබඳ ප්‍රශ්නයක් මතුවන බවද ඔහු සඳහන් කළේය.
මෙම අවුල් සහගත තත්ත්වය නිර්මාණය කිරීමට දේශපාලන පක්ෂ නායකයන් සම්බන්ධ වූවාසේම එය විසඳීම සඳහා ද ඔවුන්ම ඉදිරිපත් විය යුතු බවද පියසේන ගමගේ මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමැතිකමක් ඕනෑ - නොලැබුණත් එජාපය දාල යන්නෙ නෑ