(අජන්ත කුමාර අගලකඩ)   
ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් හා පළාත් සභා මහ ඇමැතිවරුන් සතියකට වරක් හමුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ.   

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩ පිළිවෙළ, පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු, ආණ්ඩුවේ වැඩ පිළිවෙළ යනාදිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමත්, මැති ඇමැතිවරුන්ගේ ගැටලු ප‍්‍රශ්නවලට විසඳුම් දීමත් අරමුණු කර ගනිමින් මෙම හමු පැවැත්වෙන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.   


ආණ්ඩුවේ හා පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සතියකට වරක් ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් දෙන්නැයි ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් කර තිබූ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි වාර්තාවේ.   


ජනාධිපතිවරයා ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් හා මහ ඇමැතිවරුන් ඉකුත් බ‍්‍රහස්පතින්දා රාත්‍රියේ කොළඹ නිල නිවසේදී හමුවූ අතර ඊට පෙර සතියේ සිකුරාදා ගාල්ලේදී හමුවිය.