IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අවුල හැදුණේ 19 නූල් සූත්තරෙන්

(අජන්ත කුමාර අගලකඩ)  

දේශපාලන අවුලක් රට තුළ නිර්මාණය වී ඇත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අවුල් සහගත තත්ත්වය නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘ඉරිදා ලංකාදීප’ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.  


දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සියයට 80ක් හොඳ වුව ද ඉතිරි සියයට විස්සේ බරපතළ වැරැදි තිබෙන බව කී ජනාධිපතිවරයා රට තුළ අද වනවිට දේශපාලන අවුලක් ඇතිකර තිබෙන්නේ එම සියයට විස්සෙ තිබෙන වැරැදි නිසා බව ද කීවේය.   

රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ ගෝලයින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදද්දි මේ ගැටේ ගසා ඇත්තේ රට නැත්තටම නැතිවෙන්නට බව කී ජනාධිපති සිරිසේන මහතා එසේ නොවුණා නම් මේ ප්‍රශ්න අධිකරණයට නොගොස් විසඳා ගැනීමට තිබූ බව ද කීවේය.   


ජනතා පරමාධිපත්‍යය ඉහළින්ම තිබෙන විධායකයටත් ව්‍යවස්ථාදායකයටත් අධිකරණයේ තීන්දු එනතෙක් බලා සිටීමට සිදුව ඇතැයිද මෙය රටකට කිසිසේත්ම සුදුසු දෙයක් නොවන්නේ යැයිද ජනාධිපතිවරයා පැවැසීය.  


මෙම ප්‍රශ්නය අධිකරණය හමුවට නොගියේ නම් විධායකයත් ව්‍යවස්ථාදායකයත් සාකච්ඡා කර සම්පූර්ණයෙන්ම විසඳා ගැනීමට ඉඩකඩ තිබුණ බව ද ජනාධිපති සිරිසේන මහතා සඳහන් කළේය.  


මේ අවුල අධිකරණයට යාම තුළ සියලු දෙනා සිරවී ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.  


අධිකරණයේ ස්වාධීනත්වය නිදහස් රාජ්‍ය පාලනය, මාධ්‍ය නිදහස මානව හිමිකම් ආරක්ෂාවීම මෙන්ම රාජ්‍ය සේවකයාට පොලිස් නිලධාරීන්ට පිටකොන්දක් ඇතිව වැඩ කරන්නට ඉඩකඩ ලැබුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා බව කී ජනාධිපතිවරයා එසේ වුවද අද ඇතිව තිබෙන දේශපාලන අවුල නිර්මාණය වූයේද 19 වැනි සංශෝධනයේ වැරැදි නිසා බව කීවේය.  

 



අදහස් (0)

අවුල හැදුණේ 19 නූල් සූත්තරෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site