(දයාසීලි ලියනගේ)
මැතිවරණයෙන් තේරී පත් ෙවන පළාත් පාලන සභිකයන්ගේ ප්‍රථම රැස්වීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුවක් නිසා, එම රැස්වීම පැවැත්වෙන වෙනත් දිනයක් යළි ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත.
පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම සම්බන්ධයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මඟින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ පෙබරවාරි 15 වැනි දින ප්‍රථම රැස්වීම් පැවැත්විය යුතු බව සඳහන් වී තිබිණි.
එහෙත් පළාත් පාලන පනතට අනුව ප්‍රථම රැස්වීම පැවැත්වීමට දින 7කට පෙර පළාත් පාලන කොමසාරිස්වරු විසින් පළමු රැස්වීම පැවැත්වෙන දිනය සියලු සභිකයන් වෙත දැනුම් දිය යුතුව තිබේ. මේ තත්ත්වයන් පිළිබඳව පළාත් පාලන අමාත්‍යංශය හා මැතිවරණ කොමිසම විශේෂ සාකච්ඡාවක් පවත්වා අැත.
එහිදී ප්‍රායෝගික කරුණු හා පනතේ සඳහන් කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, ප්‍රථම රැස්වීම පැවැත්වෙන දිනය සඳහන් කර යළි ගැසට් පත්‍රයක් අමාත්‍යංශය මඟින් නිකුත් කළ යුතු බව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ප්‍රථම රැස්වීම මාර්තු මුල් සතියේදී පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
2025 දෙසැම්බර් මස 04
422
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
453
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
411
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලුත් මන්ත්‍රීන්ගේ මංගල රැස්වීමට ගැසට් එකෙන් ලෙඩක්