ඇමැති පාඨලී
(දයාසීලි ලියනගේ)
මෙම ජනාධිපතිවරණයෙන් ජය ගන්නා පුද්ගලයාට ලබන මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව ලැබී ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කීය.
මේ මැතිවරණයෙන් තවත් මැතිවරණ ගණනාවකට මග පාදන සියලු මැතිවරණවල මව් මැතිවරණය වන බව ද ඇමැතිවරයා කීය.
ලබන මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීමට සිදුවන අතර පළාත් සභා මැතිවරණය සඳහා අණපනත් සම්මත කරගෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ද හැකි වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd