IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අමාත්‍යංශවලට ගෙවන කුලිය මේ පුංචි රටට ​ඔරොත්තු දෙනවාද ?

අමාත්‍යංශ පවත්වා ගෙන යාමට කුලී පදනම මත ලබා ගෙන ඇති ගොඩනැගිලි සඳහා මාසයකට ගෙවන කුලී මුදල රුපියල් කෝටි 15ක් පමණ වී ඇත. මෙම ගොඩනැගිලි සඳහා ගෙවා ඇති අත්තිකාරම් මුදල කෝටි 100කට අධිකය.  


මීට අමතරව රාජ්‍ය ආයතන ගණනාවක්ම කුලී ගොඩනැගිලිවල පවත්වා ගෙන යයි. මෙයට හොඳම උදාහරණය සිවිල් ගුවන් සේවා අධිකාරියයි. වසර 15ක කාලයක් තිස්සේ මෙම ආයතනය කුලී ගොඩනැගිල්ලක පවත්වා ගෙන යාමයි. එහි කුලිය වශයෙන් රුපියල් කෝටි 1306ක පමණ මුදලක් ගෙවා ඇති බව විශ්වාස කරයි. මෙම ගොඩනැගිල්ල සඳහා මාසික කුලිය රුපියල් ලක්‍ෂ 60කි.

 
මෙහි විශේෂත්වය වන්නේ මෙම ආයතනය ලබන ලාභයෙන් කෝටි 70ක් බැගින් මුදලක් විටින් විට මහාභාණ්ඩාගාරයට ලබාදීමයි. මෙම කෝටි 70ක මුදල වැයකර ගුවන් සේවා අධිකාරියට තට්ටු හත අටක ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමට අවස්ථාව ඇත. එකම ගොඩනැගිල්ලක් ඉදිකර ගත්තා නම් මසකට ලක්‍ෂ 60ක මුදලක් ආයතනයට ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත.  


මීට අමතරව අමාත්‍යංශ සඳහා ද කුලී පදනම මත ගොඩනැගිලි ලබාගෙන ඇත. එම ගොඩනැගිලි සඳහා ගෙවනු ලබන කුලිය මෙසේය.  


තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 4.23කි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 1.586කි. නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය සඳහා මිලියන 2.401කි. විශේෂ කා්යභාර අමාත්‍යංශය සඳහා මිලියන 1.1114කි. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය සඳහා මිලියන 2.847කි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහා මිලියන 1.700ක් ගෙවනු ලැබයි.  


ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහා මිලියන 1.719ක්ද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහා මිලියන 4.896ක්ද, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ කොටසක් සඳහා මිලියන 2.909ක්ද, විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ කොටසක් සඳහා මිලියන 3.347ක්ද, විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ තවත් කොටසක් සඳහා මිලියන 3.278ක්ද, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංයෙ සඳහා රුපියල් ලක්‍ෂ 4ක්ද, විදේශ රැකියා අමාත්‍යංශයේ කොටසක් සඳහා මිලියන 2.060ක්, විදේශ රැකියා අමාත්‍යංශයේ තවත් කොටසක් සඳහා මිලියන 1.278ක්ද, කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා මිලියන 24.570ක්ද, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කොටසක් සඳහා මිලියන 2.062ක්ද ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ තවත් කොටසක් සඳහා රුපියල් ලක්‍ෂ 6.22ක්ද ගෙවනු ලබයි.  


ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කොටසක් සඳහා මිලියන 1.081ක්, එම අමාත්‍යංශයේ තවත් කොටසක් සඳහා රුපියල් 70,000ක්, අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ කොටසක් සඳහා මිලියන 3.940ක්, එම අමාත්‍යංශයේ තව කොටසක් සඳහා මිලියන 1.233ක්, එම අමාතංශයේ තවත් කොටසක් සඳහා රුපියල් ලක්‍ෂ 8ක් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 3.432ක් ගෙවනු ලබයි.  


වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය සඳහා මිලියන 1.669ක්, ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යංශය සඳහා මිලියන 1.610ක්, සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යංශය සඳහා මිලියන 11.958ක්, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය සඳහා මිලියන 1.924ක්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සඳහා මිලියන 1.405ක්, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සඳහා මිලියන 4.544ක් ගෙවනු ලබති.  


නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය සඳහා මිලියන 1.25ක්, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය සඳහා මිලියන 11.331ක්, විදේශ කටයුතු අමාත්‍යංශය සඳහා ගෙන ඇති ගොඩනැගිලි දෙක සඳහා මිලියන 3.954ක්, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය සඳහා මිලියන 1.930ක්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහා මිලියන 9.900ක්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය සඳහා මිලියන 1.412ක්, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ කොටසක් සඳහා රුපියල් 8,95000ක්, පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ කොටසක් සඳහා රුපියල් 9,25000ක් ගෙවනු ලබති.  


වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සඳහා මිලියන 7.075ක්, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහා රුපියල් 5,91,048ක් මාසිකව ගෙවනු ලබති.  


මෙයින් වැඩිම කුලිය ගෙවනු ලබන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙනි. එහි කුලිය මාසයකට රුපියල් ලක්‍ෂ 245කි.  
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක  
රජයේ ගොඩනැගිලිවල අමාත්‍යංශ 25ක් හා රාජ්‍ය අමාත්‍යංශ 11ක් පවත්වා ගෙන යන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කීය.  


එම අමාත්‍යංශ සඳහන් කරමින් ඇමැතිවරයා මෙසේ ද කීය.  


මහාමාර්ග හා උසස් අධ්‍යාපන, වාරිමාර්ග හා ජල සම්පත්, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු, ඉඩම්, පරිසර හා මහවැලි, ධීවර හා ජලජ සම්පත්, කර්මාන්ත හා වාණිජ, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා, ආරක්‍ෂක, අධිකරණ, ආපදා කළමනාකරණ, අධ්‍යාපන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන, මුදල්, බුද්ධ ශාසන, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය, පළාත් සභා හා පළාත් පාලන, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, ස්වදේශ කටයුතු, ක්‍රීඩා, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු, විදේශ කටයුතු, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් යන අමාත්‍යංශ රජයේ ගොනැගිලිවල පවත්වනවා. මේවායින් කුලියට ලබාගත් කොටස්වල අමාත්‍යංශ පවත්වා ගෙන යනවා.  


මහාමාර්ග, ඉඩම්, මුදල්, අධ්‍යාපන, ධීවර හා ජලජ සම්පත්, ආරක්‍ෂක, උසස් අධ්‍යාපන, කර්මාන්ත හා වාණිජ, වාරිමාර්ග හා ජලසම්පත්, නගර සැලසුම් හා ජල සම්පාදන, වෘත්තීය පුහුණු යන රාජ්‍ය අමාත්‍යංශ රජයේ ගොඩනැගිලිවල පවත්වාගෙන යනවා. 

දයාසීලි ලියනගේ 

 



අදහස් (0)

අමාත්‍යංශවලට ගෙවන කුලිය මේ පුංචි රටට ​ඔරොත්තු දෙනවාද ?

ඔබේ අදහස් එවන්න

පුවත්

ලෙබනනයට දැඩි ප්‍රහාර ශ්‍රී ලාංකිකයන්ට ලෙබනන් තානාපති කාර්යාලයේ රැකවරණ
2024 ඔක්තෝබර් මස 07 106 0

ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන දැඩි ගුවන් ප්‍රහාර හමුවේ ශ්‍රී ලාංකිකයන් 32 ක් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණ පතා පැමිණ ඇති බවත් එම ශ්‍රී ලාංක


සිවිල් පුද්ගලයන්ට ලබා දී තිබූ ගිනි අවි යළි රජය භාරයට සේනාධිපතිට 9 ක්, ජොන්ස්ටන්ට 8 ක්, යෝෂිතට 7 ක් දීලා ගිනිඅවි භාරදිය යුතු අවසන් දිනය නොවැම්බර් 7
2024 ඔක්තෝබර් මස 07 45 0

සිවිල් පුද්ගලයන් හට ජීවිතාරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් ලබා දී ඇති සියලුම ගිනි අවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබා දීමට සලකා බැලීම සඳහා


රට විරු වාහන බලපත්‍රයෙන් කෝටි ගණනක වංචාවක් විගණනය මැතිසබයට වාර්තා කරයි
2024 ඔක්තෝබර් මස 07 48 0

විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයන් (රට විරුවන්) ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ, වංචා සහ ආක්


මහ ඡන්දෙදි මාලිමාවට ලැබෙන ජනවරමෙන් ජනාධිපති ධුරය අහෝසි කරන ආකාරය තීරණය කරනවා ජනාධිපති ධුරය අහෝසි කරන ආකාරය තීරණය කරනවා
2024 ඔක්තෝබර් මස 07 38 0

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබෙන ජනතා වරම සැලකිල්ලට ගනිමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්


ආචාර්ය මණ්ඩල පුරප්පාඩු නිසා සරසවි අඩපණ වෙයි
2024 ඔක්තෝබර් මස 07 30 0

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සිටිය යුතු ආචාර්ය මණ්ඩලය 12,992ක් වුවද මේ ​ෙවන විට සිටිනුයේ ඉන් 6,548ක් පමණක් වීම නිසා ඇතැම් විශ්වවිද්‍යාලවල පාඨමාලා නතර කිරී


පුළුල් සන්ධානයක් පිළිබඳ සාකච්ඡා අසාර්ථකයි සමගි ජන සන්ධානය දුරකතනයෙන් එයි
2024 ඔක්තෝබර් මස 07 27 0

ඉදිරි මහ මැතිවරණයට සමගි ජන සන්ධානය යටතේ දුරකතනයෙන් තරග කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40147 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site