දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්
(නිශාන්ත කුමාර බණ්ඩාර)
අග්‍රාමාත්‍යවරයා සහ තම සන්ධානය අතර පැවති සාකච්ඡාව කිසිසේත්ම පෞද්ගලික අවශ්‍යතා මත සිදුවූවක් නොවන බව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරයි.
ඇතැම් පිරිස් දෙමළ සන්ධානය ජාතිවාදී සන්ධානයක් බව පැවසුව ද, තමන් සෑම විටම සමස්ථ ජාතිය වෙනුවෙන් පෙනී සිටින බව එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
කොරෝනා වයිරසයෙන් උතුරු නැගෙනහිර මෙන්ම සමස්ථ ජනතාවම ආරක්ෂා කිරීම තම සන්ධානයේ ද වගකීම බව ඔහු සඳහන් කළේය.
අගමැතිවරයා සමග පසුගිය සතියෙ පැවැති සාකච්ඡාවේදී සමස්ථ ලංකාවාසී ජනතාවට බලපාන කරුණු සාකච්ඡා කර තිබේ.
දෙමළ ජාතික සන්ධානය ජාතිවාදී සන්ධානයක් බවට ඇතැමුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා පක්ෂ, පාට, කුල, ආගම් ආදිය අමතක කර එකා මෙන් පෙනී සිටින බව ද එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අගමැති සමග අප ගියේ පෞද්ගලික සාකච්ඡාවකට නොවෙයි