IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හස්තය හෙවත් ‘‘හත නැකත’’

ජ්‍යෝතිෂයට අනුව රාශි චක්‍රය නැකැත් විසිහතකට බෙදාවෙන් කර ඇත. ‘‘නැකතක් යනු අංශක 360°ක් වූ ගෝලයේ විසිහතෙන් කොටසකි. එවිට නැකතකට අයත් වන අංශය ප්‍රමාණය වන්නේ අංශක 13° කලා 20° කි. නැකතකට පාද 04ක් අයිතිය. 

හත නැකත අයත් වන්නේ දහතුන් වෙනි නැකතටය. මෙම නැකැත් පන්තිය (පෙළ) අතක ස්වරූපයක් පවතී. හස්ත යනු අතට කියන නමයි. ඉන්දියාවේ ජ්‍යෝතිෂයට අනුව හත නැකත භාවිත කරන්නේ හස්ත යනුවෙනි. හස්ත යන පදය හත නැකැත නමින් මෙරට භාවිතයේ යෙදෙයි. 


මෙම හත නැකත චන්ද්‍රයාට අයත්වන අතර බුධහිමි කන්‍යා රාශියේ අංශක 10° සිට අංශක 23° යි කලා 20’’ දක්වා පැතිර පවතී. මෙහි පළමු පාදය කුජ හිමි මේෂ නවාංශකයටද දෙවන පාදය සිකුරු හිමි වෘෂභ නවාංශකයට ද තුන්වන පාදය බුධහිමි මිථුන නාවාංශකයට ද හත් වෙනි පාදය සඳු හිමි කටක නවාංශකයට ද අයත් වෙයි.​ ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට අනුව හත නැකත සම්බන්ධ විස්තර මේ ලෙසට විග්‍රහ කර දැක්වීමට පුළුවන. 


අද සමාජයේත් පැරණි සමාජයේත් ‘‘හත’’ නැකත ගැන වැරදි අවබෝධයක් අනිසි බියක් ඇතිකරගෙන තිබෙන බව මෙම සමාජයේ පවතින කටකථා දෙස බලන විට පෙනී යයි. විවාහය සම්බන්ධ කටයුතු වලදී හත නැකත අයිති දෙපාර්ශය වෙත වපර ඇසින් බැලීමට සමාජගත ප්‍රශ්නයක්ව පවතී. 


නැකත පිළිබඳව හරි අවබෝධයක් නැතිනිසා මිනිසුන් මගින් කටකථා දිගින් දිගට ප්‍රචාරය කිරීම මත සමාජය හත නැකත හිමි ස්ත්‍රී- පුරුෂයින් අතර විවාහය සිදුකිරීමට බිය පල කරති. හත නැකත හිමි පුරුෂයින්ට ස්ත්‍රීන් හත්දෙනකු විවාහය සඳහා ලැබෙන බවත් හත නැකත හිමි ස්ත්‍රීන්ට පුරුෂයින් හත් දෙනෙක් විවාහ කරගන්නට ලැබෙන බව යන වැරදි අවබෝධයක සිටී. (මිය යෑම හෝ අත්හැරීම යන කරුණු මත පදනම්ව පවතී) 


එය ගැමි වහරට අනුව හත නැකතින් ඉපදුනොත් ‘‘දීග හතක් යනවා’’ යන ගැමි වහරේ මුල්බැසගෙන ඇති මිථ්‍යා අවබෝධයකි. 


විවාහය සාර්ථක හෝ අසාර්ථක බව​ පෙන්වන්නේ කේන්දරයක හත්වෙනි කොටුවෙනි. හත්වැන්නාධිපතිගේ බල දුබලතාවය හත්වැන්නට වැටෙන සුබ හෝ අසුබ පාප දෘෂ්ඨි හත්වැන්නාධිපති සිටින නැකැත් ආදිය බලා විවාහයට සම්බන්ධ කරුණු අනාවරණය කරගැනීමට පුළුවන. හත නැකත එකකි. හතේ නැකත තවත් එකකි. මිනිසුන් මෙම තැන් දෙක පටලවා ගෙන ඇති බව පෙනෙයි. 


හතේ නැකැත් හොඳ නැති බව පෙන්වා දෙන්නේ හත්වෙනි කොටුවට සම්බන්ධ නැකැත් මිස දහතුන් වෙනි නැකත වූ හත නැකත නොවන බව තේරුම් ගෙන තිබීම. මිනිසුන්ට මෙය තේරුම් කරදීම මගින් හත නැකතින් උපන් තරුණ- තරුණියනට වන අසාධාරණ බලපෑම්වලින් සහනය සලසා දීමටපුළුවන. 


ජ්‍යෝතිෂය සම්බන්ධව කටයුතු කරන ජ්‍යෝතිෂවේදී අයද මේ සම්බන්ධව මිනිසුන් තුළ තිබෙන මිථ්‍යා වැරදි මත නිවැරදි කර දී ඔවුන්ගේ අනවශ්‍ය බිය නැති කිරීමට පිහිට විය යුතුය. 


හත නැකතින් උපත ලබන ස්ත්‍රී පුරුෂයින් තම උත්සාහයෙන්ම දියුණුවට පත්වෙන කළගුණ හොඳින් මතක තියෙන සමාජයේ ප්‍රසිද්ධිය ලබන​ නොයෙක් ශාස්ත්‍රීය කටයුතු වලට මෙන්ම නිර්මාණ කුසලතා ඇති උගත් බුද්ධිමත් අය වෙති. ස්ත්‍රීන්ට නම් පුරුෂ පක්‍ෂයෙන්ද පුරුෂයකුට නම් ස්ත්‍රී පක්‍ෂයෙන්ද ගෞරවය ආදරය ප්‍රියමනාප බව හිමි කර ගන්නවා ඇත. දුක- සැප විඳ දරාගැනීමේ ශක්තියද ඇති නිරෝගීමත් ශරීරයක් හිමි වෙයි. 


හත නැකතින් උපත ලබන ස්ත්‍රීන්ට දුටුවන් මන බඳින රූ සපුවකට හිමිකම් කියයි. ඒ වාගේම ගේදොර ඉඩකඩම් ලැබිමට වාසනා බලය ඇත. සමාජයෙන් ගරු සැලකිලි ලබයි. 


හත නැකතින් උපත ලැබූ ස්ත්‍රී පුරුෂයන් සඳහා වඩාත් සුබ වන්නේ පුනවාස-පුෂ-අස්ලිය-මා-පුවපල්-උත්‍රපල් සිත- විසා අනුර යන නැකැත්වලින් උපන් ස්ත්‍රී පුරුෂයින්ය. ස්ත්‍රී පුරුෂ දෙදෙනාම හත නැකත වී නම් එය ද ඉතා සුබයි. 


හත නැකතින් යොද‌ාගෙන කරන සුබ කටයුතු අතර හිසකෙස් කැපීම- කන් විදීම- අකුරු කියවීම- ඉඳුල්කටගෑම විවාහ කටයුතු- ගෙවල් සෑදීම- ගෙවදීම්- වෙළඳකටයුතු ගමන් බිමන් සඳහා ද ගොවිතැන් කටයුතු සඳහාද- වෙහෙර විහාර ඉදිකිරීම් කටයුතු සඳහා ද හත නැකත යොද‌ා ගනී. 


මෙම නැකත අසුබ යැයි මිනිසුන් අතර වැරදි මත තිබුණේ මෙය උතුම් නැකතක් බව අවධාරණයෙන්ම කිව යුතුය. 
එම නිසා හත නැකත ගැන දෙමාපියන් අතර ඇති අනියත බිය නැති කිරීම මගින් එම දරුවන්ටද ඉදිරි කටයුතු විශේෂයෙන් විවාහ සම්බන්ධව බලපාන වැරදි අවබෝධයෙන් ඉවත් කිරීමට පුළුවන. 

 

 

 

 

 

 

 

 

 

 

 


ජ්‍යොතිෂවේදිනී 
සේපාලි කරුණාරත්න 
‘‘සෙත්මිණ ජ්‍යොතිෂ සේවය’’ 
අංක- 28, බංඩාරවත්ත 
රත්තොට, මාතලේ. 



අදහස් (1)

හස්තය හෙවත් ‘‘හත නැකත’’

නයනා කුමාරි Tuesday, 21 December 2021 10:51 PM

මම පොරොන්දම් බලල කසාද බැන්දෙ .මගෙත් තියෙන්නෙ හත නැකත. නමුත් විවාහ ජීවිතේ අැතිවන හැම ගැටලුවකටම කියන්නෙ මගෙ නැකත හත නිසාලු ඔක්කොම මේක මානසික වදයක්. ඔබ තුමාගෙ මේ පැහැදිලි කරීම අැත්තටම වැදගත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site