(ඉන්දිකා රාමනායක )
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවෙකුට ලබා දිමට රැගෙන එන ලද හෙරොයින් පැකට් 4 ක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දොපාර්තමේන්තුව කියයි.
සැකකරු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටින ඔහුගේ ඥාතියෙකු සදහා පැමිණ ඇති බවත්, සැකකරු ඥාතියාට ලබාදීම සදහා රැගෙවිත් බඩු සහිත පාර්සලය පොලිස් මුරපොළේ රාජකාරියේ යෙදි සිටි බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිලධාරින් විසින් ඉතා දැඩි සෝදිසියට ලක් කර ඇත .
සැකකරු රැගෙන ආ එම භාණ්ඩ තුළ ඉතා සුක්ෂම ලෙස සඟවා හෙරොයින් යැයි සැකකල හැකි මත් ද්‍රව්‍ය සහිත සුදුපැහැති කුඩා පැකට් 04 ක් සොයාගෙන ඇත.
මෙම තහනම් ද්‍රව්‍ය රැගෙන එන ලද පුද්ගලයා සහ මත් ද්‍රව්‍ය ඉදිරි නිතිමය පියවර ගැනීම සදහා බොරැල්ල පොලිස්ථානය වෙත භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd