(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ ප්‍රධාන මාර්ගයෙන් පිටත ගමන් කිරීම හා වනෝද්‍යාන නිලධාරීන්ගේ රාජකාරියට බාධා සිදු කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් පුද්ගලයෙකුට රුපියල් හතලිස් දහසක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (09) නියෝග කළේය.
මෙසේ දඩ නියම වුයේ කෙන්ගල්ල, මැදවල, මයිලගහපිටිය වත්ත පදිංචි මංජුලද සොයිසා නැමැති අයෙකි.
හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd