ජයරත්න වික්‍රමාරච්චි
ඇදිරි නීතිය මධ්‍යයේ නවගත්තේගම පොලිස් වසමට අයත් මුල්ලේගම වෙලේවැව ප්‍රදේශයේ කාන්තාවක් සිය නිවස තුළ මුදල් ඔට්ටුවට පවත්වාගෙන ගිය බව කියන සූදුපිටියක් වටළා එම කාන්තාව ඇතුළුව සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.
වයස අවුරුදු 50ක් පමණ වන වැන්දඹුවක බව කියන සැකකාරිය සිය නිවස තුළ මුදල් ඔට්ටුවට සූදුපිටියක් පවත්වාගෙන යන බවට පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව අද (29) දින සවස 3ට පමණ මෙම වැටළීම සිදු කළ බවත් පොලීසිය පවසයි.
මෙම අවස්ථාවේ සැකකරුවන් එම සූදු පිටියට දමා තිබූ රුපියල් 11,500 ක් හා සැකකාරියගේ තෝම් බෝතලයද තමන් බාරයට ගත් බවත් පොලීසිය කියයි.
වෙලේවැව ප්‍රදේශයේ පදිංචි සැකකාරිය නීති විරෝධි කසිප්පු ජාවාරම් සම්බන්ධයෙන් පෙරවැරදි ඇත්තියක බවත්, ඇය පවත්වාගෙන ගිය බව කියන මෙම සූදු පොළේ දි අත් අඩංගුවට ගත් සෙසු සැකකරුවන් ද ඒ අවට පදිංචිකරුවන් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අත්අඩංගුවට ගත්තු කාටවත්ම ඇප දෙන්න එපා මෙයාලාව නිරෝදායන මද්‍යස්ථාන වල ආව තේවා වැඩ වලට යවන්න එතන ඉන්න ලෙඩ වුනු අයගේ රෙදි හෝදන්න , කෑම හදලා දෙන්න , එයාලව නාවන්න , බෙහෙත් ටික ආරක්‍ෂිත විදියට ලගට ගිහිල්ලා දෙන්න වගේ දේවල් මෙයාලගෙන් කරගන්න.