(ඩී.ජී.සුගතපාල)
හබරාදුව දික්කුඹුර මාර්ගයේ කටුකුරුන්දේදි අද (24) දහවල් ලොරියක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණලා හැපිමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේම මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හබරාදුව කටුකුරුන්දේ පදිංචි හබරාදුව නගරයේ සුපිරි වෙළඳ සලක සේවය කරන 29 හැවිරිදි විවාහකයෙකි.
ඔහු නිවසේ සිට එමින් සිටියදි විමලඥාණ විහාරස්ථානය අසළදි මෙසේ අනතුරට පත්ව ඇත.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරා අත් අඩංගුවට ගෙන ඇති අතර හබරාදුව පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
(ඡායාරූපය - ජේ. කේ. එල්. චාමින්ද)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd