(මනම්පිටිය-නිමල් ජයරත්න)
මාදුරුඔය ඉසඞ්.ඩී ප්‍රධාන ඇලට අද (23) යතුරුපැදියක් වැටි සිදු වූ අනතුරකින් එහි ගමන්ගත් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළසිරුරක් අද (23) දහවල් 11.00ට පමණ අරලගංවිල මැදගම ප්‍රදේශයේදී සොයාගත් බව අරලගංවිල පොලිසිය කියයි.
ඇලට වැටුණු අනෙකුත් පුද්ගලයා අතුරුදහන් වී ඇති අතර ඔහු සොයා මාදුරුඔය විශේෂ බලකායේ පිහිනුම් ඒකකයේ සහ ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ බෝගස්වැව අංක 222 ලිපිනයේ පදිංචිව සිටි දෙදරු පියෙකු වන චමින්ද කුමාර රත්නායක යන අය බව අරලගංවිල පොලිසිය කියයි.
අතුරුදහන්ව ඇත්තේ අංක 02 බමුණාකොටුව ලිපිනයේ පදිංචි 60 හැවිරිදි තිදරු පියකු වන ජී.විමලසිරි යන අයෙකු බව පොලිසිය සඳහන් කරයි.
බමුණාකොටුව ප්‍රදේශයෙන් ඇලට වැටුණු මෙම යතුරුපැදියේ මියගිය පුද්ගලයාගේ මළසිරුර සොයාගෙන ඇත්තේ එම ඇලේ කිලෝමිටර් 5ක පමණ දුරට ගසාගෙන ගොස් යකඩ දැලක රැඳී තිබියදි බව අරලගංවිල පොලිසිය කියයි.
පොළොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ මෙහෙයවිමෙන් අරලගංවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.පී.ඩබ්ලිව්. ප්‍රේමලාල් මහතා ඇතුලු පොලිස් නිලධාරිහු වැඩිදුර පරික්ෂණ සිදුකරති.




2025 නොවැම්බර් මස 04
392
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2173
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1649
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාදුරුඔය ඇලට වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට