(චන්දන ප්‍රනාන්දු)
නයිනමඩම, ලිහිරියාගම ,මැල්වත්ත ප්‍රදේශයේ ලොතරැයි අලෙවි කරමින් දරුවන් සිව් දෙනකු සමඟ දිවි ගෙවන විශේෂ අවශ්‍යතා සහිත අයකු වන දුමින්ද සුරේෂ් මහතා බිරිඳ ඔහු හැර යාම නිසා දරුවන් සිව්දෙනා හදාවඩා ගැනීමට නොහැකිව දැඩි අසරණ තත්ත්වයට පත්ව තිබේ.
සිය බිරිඳ පසුගිය දෙසැම්බර් මාසයේදි තමන් සහ දරුවන් හැර යාම නිසා මෙලෙස දරුවන් පෝෂණය කිරීමේදී තමන් දැඩි ගැටළුවකට මුහුණ දී ඇති බව දුමින්ද මහතා පවසයි.
වසර 18 ක් තිස්සේ බිරිඳ තමන් සමඟ පවුල් ජීවිතය ගත කළ බවත් බිරිඳ හිටි හැටියේ තමන් සහ දරුවන් අතහැර යාම නිසා මේ වන විට වයස අවුරුදු 4 ක් 8 ක් 14 ක් හා 17 වයසැති දරුවන් හතරදෙනා සමඟ තමන් කිසිවක් කර කියා ගත නොහැකිව අසරණ වී ඇතැයි ඔහු සඳහන් කරයි.
මවගේ හැරයාම දරුවන් දැඩි මානසික පීඩනයකට ලක් ඇති අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුද අතරමග නැවැතී ඇත. පාසල් යමින් සිටින දියණිය ඉගෙනුම අතහැර බාල සහෝදරිය සහ සහෝදරයන් දෙදෙනා වෙනුවෙන් ගෙදර නැවතීමටද සිදුව තිබේ.
එමෙන්ම දරුවන් නිතරම මව ගැන විමසීම නිසා තමන්ද අසරණ තත්වයට පත්ව ඇතැයි ද දරුවන් ගැන සිතා හෝ නැවත පැමිණෙන ලෙස සිය බිරිඳගෙන් ආයාචනය කරන බවත් දුමින්ද මහතා පවසයි.
බිරිදගේ මෙම හැර යාම සම්බන්ධව දුමින්ද මහතා වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. ඇය පිළිබද තොරතුරු දන්නා අයෙක් වේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන්නැයි ඔහු ඉල්ලීමක් කරයි.
2025 දෙසැම්බර් මස 04
289
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දරුවන් සිව් දෙනා සමඟ අසරණ වු සැමියා බිරිඳව සොයයි