(ජේ.කේ.එල් චාමින්ද)
ගිංගගේ ජලය බැසයමින් පැවතියද තවමත් ගිංගඟ පහළ නිම්නයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බැව් එම ප්‍රදේශවල ජනතාව පවසති. ගිංගඟ පහළ නිම්නයට අයත් හෝළුවාගොඩ, ඕපාත, යන ප්‍රදේශවල පහත්බිම් රැසක් තවමත් ජලයෙන් යටවී ඇති අතර ජලය බැසයාම සිදුවන්නේ ඉතා සෙමින් බැව් එම ප්‍රදේශවල ගොවීහු පවසති.
හෝළුවාගොඩ ඇළ මාර්ගයේ ජලය බැස යාම ඉතා සෙමින් සිදුවන බව පවසන ගොවීහු මහමෝදර මෝය කට නිසි අයුරින් විවර කර නොමැති බවද පවසති.
අස්වැන්න නෙළාගැනීමට ආසන්නව පැවති ඕපාත, හෝළුවාගොඩ, මිපාවල, වක්වැල්ල,කුරුන්ද, කපුහෙම්පල ආදි ප්‍රදේශවල කුඹුරු අක්කර සිය ගණනක් තවමත් ජලයෙන් යටවී ඇති බවද, මෙම තත්වය නිසා තමන් දැඩි අසරණ තත්වයට පත්ව ඇති බවද පවසන ඔවුහු වගාහානි සඳහා කඩිනමින් වන්දිමුදල් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිති.
මේ වනවිට ගිංගගේ ජලය බැස යමින් පවතින බවත් බද්දේගම ජල මාපකයේ ජල මට්ටම අද (29) උදෑසන වනවිට මීටර් 3.83 ක් හා තවලම ජල මාපකයේ ජල මට්ටම මීටර් 2.33ක් ලෙස සටහන්ව තිබු බව ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු නිලංග සුභසිංහ මහතා පවසයි. හෝළුවාගොඩ ප්‍රදේශයේ ජලය බැසයන මහමෝදර මෝය කට අඩි 60ක් පමණ පුළුල්කොට ඇති බවද වාරිමාර්ග ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂක එල්. එච්. සුරියබණ්ඩාර මහතා මෙසේ කිවේය.
“මහමෝදර මෝයකට උපරිම කපලා තියෙනවා .මුහුදෙන් වැලි වදිනවා මෙහේ වතුර අඩුවෙන්න අඩුවෙන්න පිඩනය අඩුවනවිට වැලිගොඩ තල්ලුකරන්න බැහැ. වෙරළෙන් තල්ලුකරන්න එන වැලි මෙහෙන් තල්ලුකරගන්න ශක්තියක් නැත්නම් මෝය කට වැහෙනවා.එය ස්වාභාවික දෙයක්. ගංගේ වතුර පාර හොදට තිබියදි මෝයකට කඩාගෙන හොදට වතුර බැස්සා .දැන් මහමෝදර කළපුවෙත් වතුර අඩුවෙලා.වේගයෙන් ජලය අඩුවේගෙන යනවා. පැයකට සෙන්ටිමිටර් දෙක තුනක් ජලය අඩුවෙනවා. එදිනෙදා ජනතාවගේ ජන ජිවිත යථා තත්වයට පත්වෙලා තියෙනවා” යැයි අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
ගොවීන්ගේ වගාහානි සම්බන්ධව කෘෂිරක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයා සමග තමන් සාකච්ඡා කළ බවත් ඉදිරියේ සියලුම ගොවින්ට වගා හානි සඳහා වන්දිලබාදීමට කටයුතු කරන බවට ඔහු පොරොන්දු වූ බවත් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පැවසීය.




2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගිංගඟ පහළ නිම්නයේ ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටවෙලා