IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ඉරාක හමුදාවේ 1700 ක් අමු අමුවේ මරා දමති

ඉරාකයේ සුන්නි ත්‍රස්ත්‍රවාදීහු සටන්වලදී අල්ලා ගන්නා ඉරාක රජයේ හමුදා සෙබළුන් සිය ගණනින් පෙළට තබා අමු අමුවේ මරා දමති. ඉරාකය සුන්නි ත්‍රස්තයන්ගෙන්  බේරා  ගැනීමට ඇමෙරිකාව එතොත්  ඉරානයද සහාය දීමට සැරැසේ.

එවැනි ඝාතන වල  ඡායාරූප සහ වීඩියෝ දසුන් ද මේ වනවිට අන්තර්ජාලයට එක් කර තිබේ.

ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ, අයිඑස්අයිඑස් නමැති සුන්නි ත‍්‍රස්තවාදී කණ්ඩායමය.

‘ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඞ් ලෙවොන්ත්’ යනුවෙන් හැඳින්වෙන මොවුන් ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ට පක්ෂපාතී පිරිසකි.

මේ වනවිට තමන් විසින් අල්ලා ගනු ලැබූ ඉරාක හමුදා සෙබළුන් 1,700 ක් දෙනා මරා දැමූ බව අයිඑස්අයිඑස්  ත‍්‍රස්තයෝ කියති.

2003 වසරේ ඇරැඹි ඉරාක සංග‍්‍රාමයේ දී අල් කයිඩාව සමඟ අත්වැල් බැඳගෙන සිටි මොවුහු, සිරියා සිවිල් යුද්ධය මුල්කොට ගනිමින් සුන්නිවරුන්ගෙන් සැදුම්ලත් අල් කයිඩාව සමඟ මතභේද ඇතිකර ගත්හ. අද වනවිට මොවුහු අල් කයිඩාවෙන් වෙන්වී ස්වාධීනව කටයුතු කරති. කෙසේ නමුත් ඇමෙරිකා සහ බි‍්‍රතාන්‍ය බුද්ධි අංශ මෙම ත‍්‍රස්ත සංවිධානය හඳුන්වා දී ඇත්තේ අල් කයිඩාවේ නව මුහුණුවර යනුවෙනි.

අයිඑස්අයිඑස් ත‍්‍රස්තයන් උත්සාහ ගනිමින් සිටින්නේ, බැග්ඩෑඩ් අගනුවර අල්ලා ගැනීමටය. ඔවුන් බැග්බෑඞ් නුවරට රොකට් ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඉකුත් සති අන්තයේ සිටය. ‘අයිඑස්අයිඑස්’ සංවිධානයට නායකත්වය දෙන අබු බක්ර් අල් බැග්ඩෑඩි සැඟවී සටන් මෙහෙයවන නායකයෙකි.

මේවනවිට ඉරාකයේ මොසූල් සහ ටික්රිත් ඇතුළු ප‍්‍රධාන නගර රැසක් අත්පත් කරගෙන සිටින්නේ ද මෙම ත‍්‍රස්තවාදී සංවිධානයයි.

සුන්නි ත‍්‍රස්තවාදීන් බැග්ඩෑඞ් අගනුවර අල්ලා ගැනීමට සැරැසෙද්දී ඉරාකයේ ෂියා මුස්ලිම් රජය සමඟ එක් වී සටන් කරන්නැයි, ෂියා ආගමික නායක අයතුල්ලා අලී අල් සිස්ටානී ෂියා මුස්ලිම් වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව, ෂියා තරුණයන් සිය ගණනක් සහ රජයට පක්ෂ ගෝති‍්‍රක වැසියන් දහස් ගණනක් ද මේ වනවිට ඉරාක හමුදාව සමඟ එක් වී සිටිති.

මේවනවිට ඉරාක කුර්දිස්තානයේ කුර්දි හමුදාව ද ඉරාක ෂියා මුස්ලිම් රජයට සහාය දක්වමින් ඉරාක හමුදාව සමඟ එක් වී සුන්නි ත‍්‍රස්තයන් සමඟ සටන් වදින බව ද වාර්තා වේ.

ඉරාකයේ නගර එකිනෙක අල්ලා ගනිමින්, ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකිරීමටත් අල්ලා ගන්නා එම නගරවල ෂරියා නීතිය පැනැවීමටත් ‘අයිඑස්අයිඑස්’ ත‍්‍රස්තයෝ කටයුතු කළහ. එම අවස්ථාවේදී ඉරාක අගමැති නූර් අල් මලිකී කුර්දිවරුන්ගේ සහාය ඉල්ලූවේ නැත. ඒ, කුර්දිවරුන් අතර පවතින මතභේද නිසාය.

ඉරාකයේ බැග්ඩෑඞ් නුවර අල්ලා ගැනීමට වෙර දරන සුන්නි ත‍්‍රස්තයන්ට එරෙහිව සටන් වැදීමට ඇමෙරිකාව මැදිහත් වෙන්නේ නම්, ඇමෙරිකාවේ කැමැත්ත අනුව තමන් ද ඇමෙරිකාව සමඟ එක් වී සුන්නි ත‍්‍රස්තයන්ට එරෙහිව සටන් කරන බව ෂියා මුස්ලිම් ඉරානය පවසා ඇත.

මේ අතර ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ආරම්භ කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කනස්සල්ලට පත් වී සිටින බව ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා පවසා ඇත. ඇමෙරිකා නාවික හමුදාවට අයත් ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ් යුද නැව ගල්ෆ් කලාපයට යවා සීරුවෙන් තැබීමට ජනපති ඔබාමා කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

බැග්ඩෑඩ් නුවරදීය (එන්.ඩි .ටීවී)

 

 



අදහස් (0)

ඉරාක හමුදාවේ 1700 ක් අමු අමුවේ මරා දමති

ඉන්දික Monday, 16 June 2014 02:54 PM

ඇමරිකාව ඉරාකෙට සාමය උදාකරදී ඇත ! (දී)

:       0       0

නජිත් Monday, 16 June 2014 02:58 PM

බලපු ෆිල්ම් මතක් උනා (දී)

:       0       0

සුරංග Monday, 16 June 2014 03:31 PM

1700 කියන්නේ සුළු පටු ගානක්ද (දී)

:       0       0

රංගන Monday, 16 June 2014 03:33 PM

පිල්ලේ නෝනලා මේවා දකින්නේ නැද්ද (දී)

:       0       0

ඖසි Monday, 16 June 2014 03:33 PM

නියමයි අනේ... සාමය රජයනවා.... (දී)

:       0       0

රන්ජිත් කුලතුංග ට්‍රයිකෝ Monday, 16 June 2014 03:33 PM

මේවා සියල්ලම බටහිර රටවල් සමග ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමේ ප්‍රතිපල . එදා සදාම් හුසේන් කාලයේ මේවගේ දේවල් සිදුවුනේ නැහැ (දී)

:       0       1

චන්ද්‍රා Tuesday, 17 June 2014 08:39 PM

මෙන්න ත්‍රස්තවාදී ක්‍රිය කෝ අර පිල්ලේ , මේවා අනුමත කරනවද?,....ත්‍රස්තවාදය වැලැක්වීම අනුමත කරනවද?(අ)

:       0       0

සුනිල් Monday, 16 June 2014 03:37 PM

මේක තමා ජෝජ් බුෂ් සහ ටෝනි බ්ලයර් ඉරාකේ ඇති කරපු සාමයේ තරම. සදාම් හුසේන් හිටපු කාලෙට වඩා අද ඉරාකේ ලේ වැගිරෙනවා. මේකට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් වග කියන්න ඕනි. (දී)

:       0       0

අසංක Monday, 16 June 2014 03:45 PM

ලංකාවෙත් අවුරුදු 30කට කලින් මේ විදිහට කොටි සාමාන්‍ය ජනතාව සමුල ඝාතනය කළා , (දී)

:       0       0

සරත් පර්ත් Monday, 16 June 2014 03:45 PM

කොටි ත්‍රස්තවාදීනුත් අහිංසක සිංහල, මුස්ලිම් සහ දෙමල ජාතිකයින් මරා දැම්මෙත් මෙආකාරයටම තමයි. (දී)

:       0       0

ඉම්රාන් Monday, 16 June 2014 03:46 PM

මිනිස්සු මේ විදිහට හැසිරෙනවාද කියලත් පුදුමයි ඔබ හරි ඇමති තුමනි (දී)

:       0       0

නජිත් Monday, 16 June 2014 03:47 PM

මේ යන විදිහට ලෝකේ ජිවත් වෙන්න බැරි වෙනවා (දී)

:       0       0

සෙන්සාන් Tuesday, 23 September 2014 08:24 AM

තම මතයට විරුද්ධ මිනිසුන් මරාදමන්න කියලා කිසිම ආගමක කියලා නැහැ.ඇයි ඔවුන් ආගම වෙනස් කරන්නේ? ඇයි ඔවුන් දෙවියන්ට පිටුපාන්නේ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 19 June 2014 11:38 PM

අන්තවාදය කියන්නේ යක්ෂයෙක්. මේ මරාගන්නේ මොනවා බෙදාගන්නද? (නි)

:       0       0

චන්දන Sunday, 22 June 2014 05:55 AM

කාලකන්නි මිනිසුනේ, මෙවැනි සමුල ඝාතනවලින් මොනවද උඹලාට ලැබුනේ? (නදී)

:       0       0

නිමල් Monday, 16 June 2014 06:17 PM

ඉරාකයේ සාමය. (නදී)

:       0       0

ඉන්ද්‍රා Thursday, 28 August 2014 08:06 PM

වගකිවයුත්තන් මේ ගැන සොයා බැලුවේ නැත්නම් අපේ ඉදිරි පරම්පරාවටත් මේ දේට මුහුණ දෙන්න වෙන්න පුලුවන්. පක්ෂ බේදයකින් තොරව මනාප ගැන නොසිතා රට ගැන සිතා වැඩ කිරීමට කාලය පැමිණ ඇත (නි)

:       0       0

හේරත් Wednesday, 18 June 2014 07:01 AM

කවුරුන් වුණත් මේ වැසෙන්නේ මිනිස් සංහතිය නොවේද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 20 June 2014 09:22 AM

අන්තවාදය කියන්නේ යක්ෂයෙක්. මේ මරා ගන්නේ එකම ආගම අදහන දෙපිරිසක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 229 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1235 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 335 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 408 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 406 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 295 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site