රංජිත් රාජපක්ෂ
ආහාර විස වී ආසාද්මිකතාවයක් ඇතිවීම හේතුවෙන් වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ ළමුන් 65 දෙනකුගෙන් ළමුන් 17 දෙනෙකු වටවල රෝහලේත් තවත් ළමුන් තිදෙනකු නාවලපිටිය මුලික රෝහලේත් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වටවල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි සනත් පෙරේරා මහතා පැවසීය.
වටවල පොලිස් වසමට අයත් ටෙම්පල්ස්ටො වතුයායේ පදිංචි ළමුන් 160 දෙනකුට එම වතුයායේ පිහිටි රාජ්‍යය නොවන සංවිධානයක් මගින් පවත්වාගෙන යන ආගමික ස්ථානයක් මගින් ලබාදුන් ආහාර විස වී ආසාත්මිකතාවයක් ඇතිවිම හේතුවෙන් ඊයේ (5) රාත්‍රී 7 සිට රාත්‍රී 10 පමණ වන තෙක් වයස අවුරුදු 1 සිට 12 දක්වා වයස් කාණ්ඩවල පසුවන ළමුන් 65 දෙනෙකු වමනය, ක්ලාන්තය සහ පාචනය යන රෝග ලක්ෂණ නිසා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනු ලැබීය.
එසේ ඇතුළත් කළ ළමුන්ගෙන් අසාධ්‍යය තත්ත්වයේ සිටි ළමුන් තිදෙනකු නාවලපිටිය මුලික රෝහලට වෙත මාරුකර යවා ඇති අතර තවත් පිරිමි ළමුන් දස දෙනෙකු සහ ගැහැණු ළමුන් හත් දෙනකු වටවල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග පවසයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.