(නිමල් ජයරත්න)
වැලිකන්ද කොට්ඨාසයේ ගම්මාන තුනකට අද (21) අලුයම කඩා වැදුණු වන අලි රංචුවක් නිවාස 12 ක් පමණ කඩා බිද ඒවායේ තිබු වී මලු රැසකට හානි සිදු කර තිබේ.
රුහුණකෙත ගම්මානයේ වෙලදසැල් දෙකක් ඇතුලු නිවාස 08 ක්ද මදුරංගල ගම්මානයේ නිවාස තුනකටද මෙම වනඅලි රංචුව විසින් හානි කර ඇත.
ආහාරයට ගැනිමට සහ මෙවර කන්නයේ වගා කිරිමට තිබු බිජ වී ද වන අලි විසින් විනාශ කර ඇති අතර ගත වු දින කිහිපය පුරා තවත් තනි අලියෙකු විසින් වැලිකන්ද ප්‍රදේශයේ නිවාස 15 කට ආසන්න සංඛ්‍යාවක් කඩා බිද අලාභ හානි සිදුකර ඇති බව ගොවිහු සදහන් කරති.
මාදුරුඔය හා සෝමාවතිය ජාතික වනෝද්‍යාන වලින් ගම්වදින මෙම වන අලින් කුඩා ප්‍රමාණයේ ලදු කැලැවල සැගව සිට රාත්‍රි කාලයේදි තම නිවෙස් බිද කැමට තිබෙන වී මලු විනාශ කිරිමෙන් තමන් දැඩි අසිරුතාවයට පත්ව සිටින බව වැලිකන්ද කොට්ඨාසයේ ගම්මාන රැසක ගොවිහු පෙන්වා දෙති.
පසුගිය කාලවල රජය විසින් විවිධ ව්‍යාපාරිකයන්ට මහා පරිමානයෙන් ඉඩම් ලබා දිමත් එහි කැලැ විනාශ කිරිමෙන් වන අලි ගම්වැදිමට ප්‍රධාන හේතුවක් බවත් ප්‍රදේශයේ විදුලි වැටවල් අක්‍රිය විම තවත් හේතුවක් බවද ප්‍රදේශවාසින් සදහන් කරති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි ඉතින් කෙරුවොත් ඔහොම වැඩක් තමයි