(ඩබ්. ඒ. පියතිලක)
මැදිරිගිරිය අඹගස් වැව ජලය පවතින ප‍්‍රදේශය තුළ අනවසරයෙන් පිරිසක් කුඹුරු කරන බවත් ඒ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නත් මෙතෙක් කිසිදු පියවරක් නොගෙන ඇති බව අඹගස්වැව මහසෙන් ගොවි සංවිධානය සහ එක්සත් ගොවි සංවිධානය කියයි.
මෙම වැවෙන් කුඹුරු අක්කර 3000කට වැඩියෙන් ගොවිතැන් කටයුතු සිදු කරන අතර ගොවි පවුල් 3000කට වැඩි පිරිසක් යල මහ දෙකන්නයේ ගොවිතැන් කරති.
වඩිගවැව,කදුරුගස්වැව,මීගොල්ලෑව,පතොක්වැව,ගොඩපොත්ත,අඹගස්වැව,ජයතුගම,මහකන්දාරාව,පුපුදුගම,නිකහේන ආදි ගම්මානවල වැසින් ගොවිතැනට අමතර තම දෛයිනික අවශ්‍යතා ඉටුකර ගනු ලබන්නේ ද මෙම අඹගස්වැවෙන් බව ප‍්‍රදේශයේ ගම්වැසියෝ කියති.
මේ පිළිබද අදහස් දැක්වු අඹගස්වැව එක්සත් ගොවි සංවිධානයේ සභාපති කේ ජි ජගත් මහතා මෙසේ පැවසීය.
‘මේ වැව රජ කාලේ ඉදලා තමයි තියෙන්නේ. මේ වැවෙන් කුඹුරු අක්කර 3500ක් පමණ යල මහ දෙකන්නයේ ම වැඩ කරනවා. මේ වන විට වැව ඉහළින් ව්‍යාපාරිකයෝ පිරිසක් වැවේ වතුර තියෙද්දීම නියරවල් දාලා කුඹුරු කරනවා. රජවරු වැව් හැදුවේ වැවේ කුඹුරු කරන්න නෙවෙයි වැවට එකතු වෙන ජලයෙන් කුඹුරු කරන්න.
නමුත් දැන් වෙන්නේ වැව ඇතුලේ කුඹුරු කරන්න පටන් අරන්. අපි දන්න විදියට වැවක තණ කොළ පිඩල්ලක්වත් කපන්න අවසරයක් නෑ. නමුත් දෙයියනේ ට‍්‍රැක්ටර් දාලා කුඹුරු කරන කල් කිසිදු නිළධාරියකු මැදිහත් නොවී සිටිම පුදුමයක්.
සෑම නිලධාරියකුටම දැනුම් දිලා තියෙනවා. ඒ වගේම හැම ගොවි රැස්වීමක ම කියලා තියෙනවා .මේ වෙනකං කිසිම නිලධාරියකු මේ පිළිබඳ බලන්නවත් ඇවිත් නෑ. අපි කියන්නේ මේ වැවට අයිති සීමාව මැනලා අනවසරයෙන් වැවේ කුඹුරු කරන අයව ඉවත් කරන්න කියලා තමයි. එහෙම නැති වුණොත් තව කන්නයක් යනකොට අඹගස්වැව තිබුණ තැනවත් හොයන්න හමු වෙන්නේ නෑ.


2025 දෙසැම්බර් මස 04
194
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
376
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අඹගස්වැව පෙදෙසේ පිරිසක් අනවසරෙන් කුඹූරු කරතියැයි ගම්මුන්ගෙන් චෝදනා