(අංජුල මහික වීරරත්න)
අප අද ජීවත්වන්නේ දේශප්‍රේමී පිරුවට පැළඳගත් ඇමෙරිකා පුරවැසියන් ජනාධිපතිවරුන් බවට පත් කිරීමට උත්සාහ කරන රටක යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද(31) පැවැසීය.
ලෝකය ගෝලීයකරණය වී විශ්ව ගම්මානයක් බවට පත්වී ඇති යුගයක ඇතැමුන් තවමත් ජාතිය, ආගම, කුලය වෙනුවෙන් කෑ ගසන බව කී අමාත්‍යවරයා එලෙස කෑගසන දේශප්‍රේමීන්ගේ සැබෑ පදිංචිය විදේශ රටකවීම සැබෑ විහිලුවක් යැයිද කීය.
හෙද හෙදියන් 1608දෙනෙකු සඳහා ඩිප්ලෝමා සහ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම උත්සවය පැවැත්විණි.
(ඡායාරූප - ඉෂාන් සංජීව)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd