IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


දසත පැතිරූ මව් පිය ගුණ

ඉතා අසීරුවෙන් මාර්ගය සොයාගෙන කදු මුදුනට පැමිණ එහි වැතිර ගිමන් නිවමින් අවට පරිසරයේ සුන්දරත්වය විඳින ඔබ, මෙහොතකට ඔබ පැමිණි මාවත දෙස බැලූ විට එම දුෂ්කර ගමනේ සළකුණු නැවත ඔබට දක්නට ලැබෙනු ඇත. එහි කුඩා ගස් ඔබට ඉහළට නැගීමට සිය ශක්තිය කැපකිරීම හේතුවෙන් තවමත් පහළට නැමී ඇති අයුරුද දකිනු ඇත. බොහෝ විට අප ජයග‍්‍රහණය කිරීමේදී විශ්වාස කරනු ලබන්නේ අපගේ ශක්තිය කෙරෙහි පමණි. නමුත් අපගේ ජයග‍්‍රහණයේ ශක්තිය රඳා පවතින්නේ සමාජයේ අනෙකුත් අයගේ උදව් උපකාර මත බව බොහෝ දෙනෙකු නොදකින මෙන්ම නොදන්නා කරුණකි.

 

මෙයාකාරයෙන් අපගේ ජීවන ගමනේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවූවන් ගැන මෙනෙහි කිරීමට අප කාලය යෙදවීද? ඔබට ඔවුන්ව හඳුනාගැනීමට හැකිවීද? ඔවුන් ඇතැම්විට තවමත් ඔබට ශක්තියක් වෙමින් අප‍්‍රමාණ වූ කැපකිරීම් කරමින් ඔබ අසළම සිටිනවා විය හැකිය. නැතිනම් ඔවුන් සිය කාර්යයන් නිමකර, ඔබට සුරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කර ඔබගෙන් ඈතට ගොස් ඇතිවා වන්නටද ඇත. ලොව උත්තරීතර වූ මනුෂ්‍ය ගුණාංගය වන අනෙකා වෙනුවෙන් කැපවීම යන උතුම් මිනිස් ගුණාංගයට අසමසම අර්ථයක් ලබාදුන් ඔවුන් අනෙකෙකු නොව ඔබගේ දෙමාපියන් ය.

 

මෙවැනි උත්තරීතර වූ කැපකිරීමට මනා නිදර්ශනයක් වූ මව්පිය සෙනෙහසක කතාවක් අපට අසන්නට ලැබුණේ පොළොන්නරුව ප‍්‍රදේශයෙනි. සාමාජයෙන් එල්ලවූ නොයෙකුත් ගැහැට සහ එයින්ම උපන් විවිධ වූ දුෂ්කරතාවයන් ඔස්සේ සිය දරුවන් වෙනුවෙන් කැපවූ එම දෙමාපියන් අද සතුටට පත්වන්නේ සිය පුතණුවන් ජාත්‍යන්තර තලයේ ආයතනයක ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කිරීම මෙනෙහි කරමිනි. මෙතැන්සිට දිගහැරෙන්නේ ඔවුන්ගේ කතාවයි. දෛනික රැකියාවල නිරතවෙමින් සිය දුරුවන් පෝෂණය කිරීම සඳහා කැපවුණු ඔවුන් කුසට අහරක් නොලැබ, දෙනෙතට නිදි නොලැබ සිය දරුවන් පෝෂණය කිරීම වෙනුවෙන් කැපවූයේ ජීවිතයෙන් ඔවුනට උරුම වූ දුෂ්කරතාවයන් තම දරුවන්ට නොදීමට වගබලා ගනිමිනි. මෙහිදී දෙමාපියන් ලෙස තම දරුවන්ට ලබාදිය හැකි උතුම් දායාදය වන්නේ ගුණගරුක බව සහ මනා අධ්‍යාපනය යන්න විශ්වාස කළ මොවුන් ඒ වෙනුවෙන් කැපවූයේ අනාගත සුබ සිහිනයන් සිතෙහි තෙරපා ගනිමිනි.

 

දිනෙන් දින සිය දරුවා ඉගෙනුම් කාර්යයට දක්වන දක්‍ෂතාවය ඔවුන්ට ඉමහත් ධෛර්යයක් එක් කළේය. ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගනිමින් සමත්වීම සිය දරුවාගේ අනාගතය සම්බන්ධයෙන් විශ්වාසයක් ඔවුන් තුළ ඇතිවිය. පෙරට වඩා වැඩියෙන් කුලී වැඩ සොයමින්, දිවා රෑ ඔවුන් වෙහෙසුනද දිනෙන් දින අධ්‍යාපනයෙන් ඉහළට යන සිය පුතණුවන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට ඔවුන් ගත වාරු නොවීය. නමුත් සිතේ ධෛර්යය ඔවුන් වෙත ශක්තිය ලබාදුන්නේය.

 

මෙහිදී සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ 9 ක් සමගින් සමත් වූයේ ඔහුගේ සුවිශේෂී දක්‍ෂතාවය සැමට ප‍්‍රදර්ශනය කරමිනි. කුඩා කල සිටම සිය පුතුගේ සිත තුළ ගුලිවී තිබූ ඉංජිනේරුවරයකු විමේ සිහිනය ක‍්‍රමයෙන් මෝදුවන බව ඉවෙන් මෙන් හැදින ගත් දෙමාපියන් හට පවතින දුෂ්කර තත්ත්වයන් හමුවේ එම සිහිනය බොඳවේයැයි යන බියක් ඇති නොවුනාම නොවේ. නමුත් දෙමාපියන් නිරන්තරව ඔහුට ධෛර්යයක් ලබා දුන්නේ ඔවුන්ට කළහැකි අවසන් දෙයද එය බැවිනි.

 

උසස් පෙළ වභාගයෙන් ගණිත අංශයෙන් දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථමයා වශයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබීමට පිවිසෙන ඔහුට ‘ඩයලොග් කුසලතා ශිෂ්‍යත්වය' හිමිවූයේ කිසිදු බාධාවකින් තොරව අධ්‍යාපන කාර්යයන් කරගැනීමේ පරිසරය සකසා දෙමිනි. මෙම ශිෂ්‍යත්ව ඔහු ඇතුලූ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ මෙන්ම අද වන විටද අධ්‍යාපන කාර්යයේ නිරත බොහෝ සිසු සිසුවියන් වෙත ප‍්‍රතිලාභ රැසක් ලබාදීමට සමත්ව ඇත. විශ්ව විද්‍යාලය තුළ ඉතා සක‍්‍රීය ශිෂ්‍යයකු බවට පත්වෙමින් අධ්‍යාපන මෙන්ම විෂය සමගාමී ක‍්‍රියාකාරකම් වලට සාර්ථක අයුරින් නිරත වූ ඔහු සිය උපාධිය විශිෂ්ඨ අයුරින් හිමිකරගත්තේ අන්තර්ජාතික තලයේ ආයතනික රැකියාවක් සඳහා ද මාර්ගය විවර කර ගනිමිනි.

 

කුඩා ගමක දිළිඳු පැලක කුසට ප‍්‍රමාණවත් තරමේ ආහාර නොලැබ සිය දරුවන් පෝෂණය කරමින් අද වන විට ජාත්‍යන්තර තලයේ ආයතනයන් වල සේවය කිරීමේ හැකියාවෙන් යුතු දක්‍ෂයන් බවට පත්ළ එම දෙමාපියන් අද වන විටද ඔහුගේ ගමනට ආශිර්වාද කරන්නේ ඔහුට හිමි, ඔහු අපේක්‍ෂා කරන ලෝකය ගොඩනගා ගැනීමට අවශ්‍ය මග අතුරාලිමිනි.

 

මෙය එක් මවකගේ සහ පියෙකුගේ කතාවක් වුවත් එය සමස්ත ජාතියේම මව් පියවරුන්ගේ කතාවයි. මේ අයුරින් අනේක වූ  වූ දුෂ්කරතාවයන් විඳිමින්, සිය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවෙන අප‍්‍රමාණ වූ ජාතියේ මව් පියවරුන් වෙත අප මෙලෙස අපගේ උත්තමාචාරය පුදකර සිටිමු. 



අදහස් (0)

දසත පැතිරූ මව් පිය ගුණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 189 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 373 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 383 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site