(*** අංජුල මහික වීරරත්න)
ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්වූ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට දහ නව වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළොන්නාවේදී පැවැසීය.
දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බිහිවූ ආයතන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන ආයතන බවට පත්කර විධායකය-ව්‍යවස්ථාදායකය සහ අධිකරණය එකිනෙකා ආරක්ෂා කරගෙන පාලනය මෙහයවීමේ ක්‍රමවේදය සකස් කරනවැයිද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළොන්නාව පුරාණ විහාරස්ථානය වැඳපුදා ගෙන මහා සංඝ රත්නයේ ආශීර්වාදය ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශය කරමින් මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.
සමගි ජනබලවේගයේ අප බෞද්ධ සිද්ධස්ථාන පුනරුදය කිරීමේ ගමන ක්‍රියාත්මක කරනවා. කොළොන්නාව ශාසනාරක්ෂක බල මණ්ඩල කොට්ඨාසයෙහි විහාරස්ථාන ගණනාවකට අද දිනයේ පැමිණියේ ඒ අනුවයි.
මහා සංඝරත්නයේ අවවාද-අනුශාසනා ගෙන බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා විහාරස්ථාන පද්ධතිය ශක්තිමත් කිරීම අපගේ අරමුණයි.
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවූ මරු පහරබව කිව යුතුයි. මෙම යෝජනාවට පාර්ලිමේන්තුවේ දී විරුද්ධ වනවා සේම සම්ප්‍රදායෙන් පිටට පැන දහ නවවැනි සංශෝධනය තවත් ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරිමට අප බලාපොරොත්තු වෙනවා. එමගින් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ජාතික ආරක්ෂක සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ දහ නවයෙන් ඉදිරියට වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.
යහපත් රාජ්‍ය පාලනය සඳහා නිර්මාණයවූ දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදනවලින් බිහිවූ ආයතන, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන ආයතන බවට ස්ථාපිත කිරීම අපගේ අරමුණයි. ඒ ආයතනවලට දේශපාලන හෝ වෙන යම් බලපෑම් කිරීමට ඉඩ ප්‍රස්ථා හෝ දෙන්නේ නැතිව ඒ ආයතනවල ස්වාධීන බව සහ ශක්ති සම්පන්න බව තහවුරු කිරීම අපගේ අරමුණයි.
එමෙන්ම යහපත් රාජ්‍ය පාලනය සඳහා බිහි වූ ආයතනවලට ප්‍රමාණවත් ප්‍රතිපාදන දිය යුතුයි. භෞතික මෙන්ම මානව සම්පත්ද දියයුතුයි. දහ නව වැනි ව්‍යවස්ථාවේ තිබෙන දුර්වලතා ඉවත් කර වඩා ප්‍රශස්ත සංශෝධනය ක්‍රියාත්මක කරන්නට අප බලාපොරොත්තු වෙනවා.
මෙම වැඩ පිළිවෙළ අනුව විධායකය, ව්‍යවස්ථාදායකය එමෙන්ම අධිකරණය තම-තමන්ට හිමිවන බලය තුළින් යහපත් පාලනයට තුඩු දෙන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඒ ඒ ආයතන වලින් එකිනෙකා ආරක්ෂා කිරීමේ මෙන්ම සුරක්ෂිත කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා. ඒ අනුව නැවුම් වැඩපිළිවෙළ ඔස්සේ දහනවයෙන් ඔබ්බට යන වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා යැයිද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවැසීය.
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්
ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
19ටත් 20ටත් උඩින් යන වැඩපිළිවෙළක් ගේනවා
kamal Wednesday, 16 September 2020 08:06 AM
19ටත් 20ටත් ඉහළින් යන්න? ඒ කියන්නේ 18 වෙන්න ඇති..
Raveendra Wednesday, 16 September 2020 02:14 PM
අම්මපා සජි .. අපි නම් හිතුවේ 19 නම් කම්කරු 20 නම් සිකුරිටි කියලා.. මොකද 19 ට 20 ජේෂ්ඨයිනේ...
isuru Wednesday, 16 September 2020 02:30 PM
ගමත් කාලා, පක්ෂයත් කාලා, රටත් තන්න වගෙයි යන්නේ...
nimalWednesday, 16 September 2020 11:23 PM
ඉවසීමක් නොමැතිව ඉක්මන් වෙලා, තණ්හාවට, බලයට මුල්තැන දී යථාර්තය අවබෝධ කරනොගෙන උඩින් ගියාම පේනවා නේද වෙන දේවල්...? අවසානයේ යන එන මන් නැතිවෙන එක තමයි වෙන්නේ. දේශපාලනයට අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුත්තේම ඉවසීම සහ බුද්ධිය මිස ඉක්මන් වීම නොවේ.
chandima Wednesday, 16 September 2020 05:13 PM
ඔයා මෙහෙ උඩින් යන්න දඟලනවා. අන්න අරගොල්ලෝ කරඬුව වඩම්මන්නේ වෙන අලියෙක් දාලා.. ඔලුව අතගාලා උඩින්ම යැව්වා වගේ පේන්නේ...
Chandima Wednesday, 16 September 2020 11:45 PM
මෙයා උඩින් යද්දි අරයා කනෙන් රින්ගා ඉවරයි.
Bamunuarachchi Friday, 18 September 2020 03:58 PM
මොන කෙංගෙඩිය කරන්නත් රටේ බලය ලැබෙන්න ඕනේ නේද? ඉස්සෙල්ලා බලයට එන්නකෝ...