ඇමැති චම්පික කියන කතාව
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසට සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට පොදු එකඟතාවකින් තීරණය විය. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සියලු සුළු පක්ෂවලද එකඟතාව ලැබී තිබුණි. ජාතික හෙළ උරුමය සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට එකඟවීමේ හේතුව ඇමැති පාඨලී චම්පික රණවක මහතාගෙන් විමසුවෙමි.
සජිත් සමග රට ගොඩගන්න පුළුවන් බව තරයේ විශ්වාස කරන්නේ යැයි ඇමැති පාඨලී චම්පික රණවක මහතා කීය.
අපි ඉන්නෙ ප්‍රජාතාන්ත්‍රික සංධානයක. තුන් හතර දෙනකුට එකතු වෙලා තීන්දු තීරණ ගන්න බැහැ. මේ ප්‍රජාතාන්ත්‍රික සන්ධානයේ අපි එකිනෙකට වෙනස් ආයතන කීපයක් මගින් සමීක්ෂණයක් කළා. ඒ සමීක්ෂණවලින් අපේ කඳවුරේ සිටින ජනප්‍රියම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව අනාවරණය වී තිබුණා. ඒ අනුව අපි ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමා එතුමාට ඒ අවස්ථාව ලබාදීමට තීරණය කළා.
ප්‍රශ්නය - අංශ කීපයකින් සමීක්ෂණය කළා යනුවෙන් සඳහන් කළේ?
පිළිතුර - විද්‍යාත්මකව සමීක්ෂණ පවත්වන ආයතන තියෙනවා. ඒ ආයතන මගින් සමීක්ෂණය කළා. සමහර ආයතන එක පැත්තකට බරයි. එක් පුද්ගලයෙක් මූලික කර ගෙන මෙවැනි සමීක්ෂණයක් කරන ආයතන තියෙනවා. ඒවා ගැන අපට විශ්‍වාසයක් නැහැ. ස්වාධීන සමීක්ෂණයක් අපට වැදගත්. ඒ නිසා අපි මේ ගැන වෘත්තීය මට්ටමේ ආයතන තුනකින් සමීක්ෂණයක් කළා. ඒ තුනෙන්ම එකම සමීක්ෂණ ප්‍රතිඵල ලබාදී තිබුණා. සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට ආසන්න එක් හේතුවත් එයයි. තවත් හේතු ගණනාවක් තියෙනවා.
ප්‍රශ්නය - මේ සමීක්ෂණයට අමතරව තවත් හේතු තියෙනවද?
පිළිතුර - ඔව්. අපි අතර එකඟතාවක් තියෙනවා. ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල සීමා වෙලා තියෙන්නේ. අගමැති හා කැබිනට් මණ්ඩලය සමඟ ජනාධිපතිවරයා සාමුහිකව කටයුතු කළ යුතුමයි. ඒක ව්‍යවස්ථාවෙම සඳහන් වෙන දෙයක්. ජනාධිපතිගේ බලතල එක්ක මේ පැත්තේ ගොඩනැගෙන්නේ සාමුහික ප්‍රයත්නයක්. අනික් පැත්තෙන් එන්නේ පවුලේ නායකත්වයක්. සාමූහික නායකත්වයක් ගොඩනැගීමේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ශක්තීන් මෙන්ම දුර්වලතා සමග කටයුතු කිරීමට තවත් තරුණ පිරිසක් ඔහු වටා ඉන්නවා. ඔහුගේ ශක්තිය තවත් ශක්තිමත් කිරීමටත්, දුර්වලතා මගහැර නිවැරදි දේ කිරීමට හා ඒ අනුව ඉදිරියට යාමටත් තරුණ පිරිසක් අපි ඉදිරිපත් කරනවා. ඒ ඒ හැකියාවන්ගෙන් පිරුණ වෘත්තීය පිරිසක් ඉන්නවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළවිට එය හැමෝටම වැටහේවි. එතුමාගේ දුර්වලතා තිබේනම්, ඒවා මඟහැරවීමට පිරිසක් ඔහු පිටුපසින් ඉන්නවා. ඔහුගේ ශක්තිය වැඩි කරන්නත් මේ පිරිස ඉන්නවා.
ප්‍රශ්නය - සජිත් ප්‍රේමදාසගෙ දුර්වලතා ලෙස ඔබ දකින්නේ මොනවාද?
පිළිතුර - එහෙම විශේෂ දුර්වලතාවක් ගැන කිව්වා නෙවෙයි. අපි පෘතග්ජන පුද්ගලයෝ හැටියට සියලු දෙනාටම මොනවා හෝ දුර්වලකමක් තිබිය හැකියි. වැදගත්ම දේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ඉදිරියට යාමට නම් තනිව නොව, පවුලක් වශයෙන් නොව, කණ්ඩායමක් ලෙස ඉදිරියට යායුතු වෙනවා. කණ්ඩායමක් ලෙස ඉදිරියට යාමේදී හැකියාවත් සමග දුර්වලතා මඟහරවා ගෙන ඉදිරියට යාහැකියි. යහපාලන රජයක් ලෙසට විශේෂඥයන්ගේ අදහස්, උපදෙස් විමසමින් කටයුතු කෙරෙනවා.
ප්‍රශ්නය - පරිසරය, කෑමබීම, ණය බර මේ සියල්ලක්ම අද බොහොම නරක පැත්තට යොමු වී රට ගමන් කරන බව පෙන්නුම් කරනවා. එවැනි තත්ත්වයක් තුළ සජිත් ප්‍රේමදාස කුමන ආකාරයකට කටයුතු කරාවිද?
පිළිතුර - රටක් හැටියට අපේ හැකියාවන් තිබෙනවා. අපේ දුර්වලකමක් නම්, විදේශ ණය අරගෙන ආදායම් නොලබන දේට යෙදවීම. අපේ ප්‍රධානම මූල්‍ය දුර්වලතාව ඒකයි. ඒවගේ අපට හැකියාවන් දෙකක් තිබෙනවා. එකක් නම් අපේ රටේ භූගෝලීය පිහිටීම පාවිච්චි කර අප ඉන්දියානු සාගරයේ බලගතු නාවික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනයවීමේ හැකියාවක් තිබෙනවා. උගත්, සෞඛ්‍ය සම්පන්න බළකායක් අපට තියෙනවා. හොඳ උගත්කමක් තියෙන විශාල පිරිසක් අපට ඉන්නවා. මේ උගත්කමත් සෞඛ්‍ය සම්පන්න බවත් රටේ සංවර්ධනයට යෙදවිලා නැහැ. ලෝක බැංකු වාර්තාවක අපේ රටේ මානව ප්‍රාග්ධනය සීයක් නම් සේවයේ යෙදවිලා තියෙන්නේ 58ක් බව සඳහන් වී තිබෙනවා. තව 42ක් යෙදවිලා නැහැ. අන්න ඒකෙන් තව 30ක් යොදා ගත්තා නම් අප රටක් හැටියට මහ පිම්මක් පනිනවාමයි.
ප්‍රශ්නය - සජිත් ආවොත් රට ගොඩයාවිද?
පිළිතුර - අපිට ගොඩයන්න පුළුවන් කියලා මම තරයේ විශ්වාස කරනවා. රාජ්‍ය සේවයේ හා රාජ්‍ය පාලනයේ කුසලතාවට ඒ සඳහා මූලික තැන ලබාදිය යුතු වෙනවා. දේශපාලනවාදය අමතක කර, කුසලතාවාදයට මූලික තැන දියයුතු වෙනවා. ඒ වගේම හතර වැනි කාර්මික විප්ලවයත් සමග යන දැනුම පදනම් කර ගත් ආර්ථිකයකට රට පරිවර්තනය කළ යුතු වෙනවා. අපි මැතිනියගේ යුගයේ දේශීය ආර්ථිකයක් ගැන කටයුතු කළා. ජේ.ආර්. යුගයේදී අපනයන ආර්ථිකයක් ගැන කටයුතු කළා. දැන් අප දැනුම පදනම් කර ගත් ආර්ථිකයකට රට පරිවර්තනය කළ යුතු වෙනවා.
ප්‍රශ්නය - සජිත් රටට ගැරීපෙන යහපත් නායකයෙක් වේවිද?
පිළිතුර - මම සෑහෙන කාලයක් සජිත් ඇසුරු කර තිබෙනවා. ඔහු අප සමඟත් පක්ෂ නායකයන් සමඟත් පෞද්ගලිකව සාකච්ඡා කර තිබෙනවා. සාමුහික නායකයෙක් ලෙස ඔහුට ඉදිරියට යන්න පුළුවන් බව අප තේරුම් අරගෙන ඉන්නේ.
ප්‍රශ්නය- නායකයෝ බොහෝ දෙෙනකුම බලයට ආවට පස්සේ ආගියතැන් අමතක වෙනවා. සජිත්ටත් එහෙම වේවිද?
පිළිතුර - දැන් එහෙම කරන්න බැහැ. ව්‍යවස්ථාවෙන්ම ඒ සඳහා බාධා පමුණුවා තිබෙනවා. ජනාධිපතිට හිතුමතේ කටයුතු කරන්න බැහැ. අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයෙන් නොවිමසා කටයුතු කිරීමට පුළුවන් කමක් නැහැ. ඒ විමසීම පිළිබඳව ගිය වසර 4 1/2 තුළ අප ලොකු අත්දැකීමක් ලබලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතා කා සමඟත් සාකච්ඡා කර සාමුහිකව කටයුතු කරාවි.
දයාසීලි ලියනගේ
වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ ප්‍රධාන වශයෙන්ම ‘ෆේස්බුක්’ මෙහෙයුමකිනි. මුහුණු පොත එපා වන තරමටම ජාතික ජනබලවේගයට පක්ෂපාතී එම බලවේගයේ මැතිවරණ ප්‍රචාරණය ර
1947 ප්‍රථම මහා මැතිවරණයේ සිට ඡන්ද කොට්ඨාස මට්ටමෙන් පැවැත්වූ අවසාන මැතිවරණය වූ (1977) දක්වා “තට්ටු මාරු ක්‍රමයට” වමටත්, දකුණටත් ජයග්‍රහණය ලබා දුන් අවස්ථා තු
1897 පෙබරවාරි 13 වැනි දින ලෙනින්ට නැගෙනහිර සයිබීරියාවට අවුරුදු 3ක් පිටුවහල් කරහැරීමේ දණ්ඩනයක් පනවන ලදී.
ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමෙහිලා සහ ඉටු කිරීමෙහිලා තමාට සහය දීම පිණිස තම මතය අනුව අවශ්‍ය වන ලේකම්වරයන් පත් කිරීමට ද, අමාත
මැති ඇමති මන්ත්‍රීන් ඉල්ලා අස්වීම යනු ලෝක දේශපාලනයේ නවමු පුවතක් නොව නිතර ඇසෙන පුවතකි. යම් වරදක් අඩුපාඩු සිදුවූ විට එහි වගකීම බාරගනිමින් තමන් දැරූ ධූරය
“ලස්සන ලංකාවක්” හදන්නට අප මතක ඇති කාලයේ පටන් සිහින දකිමින් සිටින්නෙමු. කලින් පරපුරත් එලෙස සිහින දකින්නට ඇත. පසු පරපුරත් සිහින දකිමින් සිටියි. ජාතික ජ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
හෙළ උරුමය සජිත්ට සහාය දුන්නේ ඇයි? අපේ කඳවුරේ ජනප්‍රියම අපේක්ෂකයා සජිත් බව සමීක්ෂණවලින් තහවුරු වුණා