IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ශ්‍රි.ල.නි.ප කණ්ඩායම තීරණයක් ගන්නවානම් ඉදිරි අයවැයේදී ආණ්ඩුව පෙරළිය හැකියි

(ඩයනා උදයංගනී)
 
ඉදිරි අයවැයේදී උදාවන අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට ආණ්ඩුව සමඟ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායම තීරණයක් ගත යුතු යැයි එම පක්‍ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය.
           

අපේ ප‍්‍රශ්න විසඳා ගැනීමට අපට අවස්ථාව දෙන්නැයි ජනාධිපතිවරයා නිර්භීතව ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටිමින් දැරූ ස්ථාවරය ඉතා වටිනා බව කී එස්.බී දිසානායක මහතා ජනාධිපතිවරයාගේ ස්ථාවරය එය වුවත් අගමැතිවරයා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයේ අදහස එය නොවීම කණගාටුවට කරුණක් බව ද ප‍්‍රකාශ කළේය.


            එක්සත් ජාතික පක්‍ෂය සමඟ තව දුරටත් ආණ්ඩු කිරීමෙන් රටත්, ආර්ථිකයත්, රටේ ආරක්‍ෂාවත් පිළිබඳ මෙන්ම ශ්‍රී.ල.නි.පයේ අනාගතය පිළිබඳව ද තවත් ගැටලූ ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ  සිතා බලා මෙම තීරණය ගැනීමට කටයුතු කරන්නැයි පක්‍ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ද තමන් ඉල්ලීමක් කරන බව එස්.බී දිසානායක මහතා සඳහන් කළේය.


 වත්මන් ජාතික රජය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 23 දෙනාගෙන් එක් අයෙක් හැර සෙසු සියලූ දෙනාම ආණ්ඩුවෙන් ඉවත්වීමට කැමැත්තෙන් සිටින බව කී දිසානායක මහතා ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායම හා එක්ව ප‍්‍රගතිශීලී ආණ්ඩුවක් ගොඩනැගිය හැකි බව ද කීවේය.


ශ්‍රී.ල.නි.ප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වී නව රජයක් පිහිටුවන්නේ නම් ඒ හා එක්වීමට එක්සත් ජාතික පෙරමුණේ බොහෝ දෙනෙකු කැමැත්තෙන් සිටින බව කී එස්.බී දිසානායක මහතා වත්මන් රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ තිබූ විශ්වාසය ද මේ වන විට බිඳ ගොස් ඇතැයි කීවේය.

 නව ව්‍යවස්ථාවක් ඇතිකර දෙමළ ජනයාගේ ප‍්‍රශ්නයට විසඳුමක් දෙන බව කොතෙක් කීවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එය ඉටුනොකරන බව කී එස්.බී දිසානායක මහතා අවසානයේ එහි වරදත් ජනාධිපතිවරයා පිට පැටවීමට අගමැතිවරයා සූදානම් වන බව ද ප‍්‍රකාශ කළේය.

මෙවැනි දේ හේතුවෙන් මුස්ලිම් කොංග‍්‍රසය, රිෂාඞ් බදියුදීන් මහතාගේ පක්‍ෂය, මනෝ ගනේෂන් මහතාගේ පක්‍ෂය ආදිය ද ආණ්ඩුව කෙරෙහි කළකිරී සිටින බව කී මන්ත‍්‍රීවරයා ශ්‍රී.ල.නි.ප කණ්ඩායම ඉවත් වන්නේ නම් ආණ්ඩුව පෙරළා වෙනත් ආණ්ඩුවක් පිහිටුවීම ඉතා පහසු කටයුත්තක් බව වැඩිදුරටත් කියා සිටියේය.
 
තමන් ඇතුළු 16 දෙනෙක් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට සහය දී ආණ්ඩුවෙන් ඉවත් වූයේ එම අරමුණ ඉටු කරගැනීම සඳහා බව කී දිසානායක මහතා තවදුරටත් ආණ්ඩුවේ සිටීමෙන් ශ්‍රී.ල.නි.පය කරන්නේ රටට විපතක් බව ද කීවේය.
 
පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා මේ බව පැවසුවේ පුංචි බොරැුල්ලේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(ඡායාරූපය -ශාන්ත රත්නායක)
 


          



අදහස් (5)

ශ්‍රි.ල.නි.ප කණ්ඩායම තීරණයක් ගන්නවානම් ඉදිරි අයවැයේදී ආණ්ඩුව පෙරළිය හැකියි

Bamunuarachchi Friday, 28 September 2018 01:31 AM

අපිනම් මෙයාව පැන්නුවා. මෙයා සමග එන හෝ යන ජනතාවක් නැත.

:       134       74

Saththaya Friday, 28 September 2018 03:15 AM

ඔව් මෙච්චරකල් වයස්ගතවෙනකල් මේ රටට කල සේවය තමා ආණ්ඩු බලය අල්ලා සැප විදීම. වෙන කරපු සමාජ සේවයක් නැහැ . ඔහොම දිගටම කරගෙන යන්න , ඉන්නට රටක් නැතිවෙනකල් .

:       515       808

rohana Friday, 28 September 2018 03:53 AM

මෙයා පින් මන්තිරි කෙනෙක් නේද? වෙන කවුරුහරි මොනාහරි දෙන්නම් කිව්වනම් මෙයා ඒ පැත්තට පනියි.

:       37       209

Janahitha Friday, 28 September 2018 10:06 AM

දේශපාලනයෙන් ජනතාව ඉවත් කර දැමූ මේ අය කියන දේවල්වල කිසිම තේරුමක් නැහැ. අවුරුදු 20ක් 30ක් මොහුගේ පහුගිය කාලය ගැන විමසා බලන්න.

:       12       1

rohana Sunday, 30 September 2018 05:23 AM

නාමල් බේබි කොළඹ ඇවිත් එක පාරක් ආණ්ඩුව පෙරලුවනේ අායෙත් මොකක්ද පෙරලන්න තියෙන්නේ. අර රත්නපුරේ දෙවිත් කිව්වේ අපි ආණ්ඩුව පෙරලලා මිසක් අපහු යන්නේ නැහැ කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 154 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site