IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘මහින්ද ඉන්දියාවට ගොස් රෑ දනියෙල් දවල් මිගෙල් ක්‍රමවේදය අනුගමනය කරනවා’


 
 
(නිමල කොඩිතුවක්කු)
    
මහින්ද රාජපක්ෂ මහතා  ඉන්දියාවට ගොස් රෑ දනියෙල් දවල් මිගෙල් ක්‍රමවේදය අනුගමනය කරන බව එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී  පැවසීය.


මහින්ද රාජපක්ෂ මහතාගේ දෙබිඩි පිළිවත හේතුවෙන් එක් පැත්තකින්  ඉන්දියාවත්   අනික් පැත්තෙන් ලංකාවේ ජනතාවත්   රැවටෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.


පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.


මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.


 “ හිටපු ජනාධිපති මහින්ද  රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරය පිළිබඳ විශාල මාධ්‍ය අවධානයක් යොමුවෙලා තියෙනවා.


මහින්ද රාජපක්ෂ මහතතා හදිසියේ ඉන්දියාවේ  සංචාරය කිරීම පිළිබඳ කරුණු කිහිපයක් ඔස්සේ අපිටත් සැක පළ වෙනවා. එතුමා කලින් ඉන්දීය අගමැති මන්මෝහන් සිං සිටියදී ඉන්දියාවට ගොස් දහතුනෙන් එහා ගහපු විසඳුමක් ලබාදෙන්න එකඟ වුණා. එහෙම කරලා ලංකාවට ඇවිත් කියන්නේ වෙන දෙයක්.  


මහින්ද රාජපක්ෂ මහතා  ඉන්දියාවට ගිහින් අනුගමනය කරන්නේ  රෑ දනියෙල් දවල් මිගෙල් ක්‍රමවේදයයි. අදත් එම ක්‍රමවේදයම  කරමින් එක පැත්තකින් ඉන්දියාව රවට්ටනවා. අනික් පැත්තෙන් ලංකාවේ ජනතාව  රවට්ටනවා.


ඉන්දියාවට ගිහින් කියනවා  චීනය හොඳ නැහැ කියලා. චීනයට ගිහින් කියනවා  ඉන්දියාව හොඳ නැහැ කියලා  ලංකාවට ඇවිත් කියනවා ඉන්දියාවත්  හොඳ නැහැ චීනයත් හොඳ නැහැ කියලා. මේ ක්‍රමවේදය තමයි අද ඔහු අනුගමනය කරන්නේ.


කළු කොඩි වලින් මුළු රටම පුරවන්න ඕන කියලා මෝදි අගමැතිතුමා ලංකාවට එද්දි කිවුවා විමල් වීරවංශ මහතා පැවසුවා. දැන් මෝදි අගමැතිතුමා  මහින්ද රාජපක්ෂ මහතා හමුවෙලා සාකච්ඡා කරද්දි දැන් විමල් වීරවංශලා මොකද කියන්නේ කියලා අපි අහනවා.

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (4)

‘මහින්ද ඉන්දියාවට ගොස් රෑ දනියෙල් දවල් මිගෙල් ක්‍රමවේදය අනුගමනය කරනවා’

gamage Friday, 14 September 2018 09:28 AM

අපි ඔයාලව පත්කළේ මහින්ද යනතැන් සොයන්න නොවේ. මහින්දගේ කාලෙට වැඩියෙන් හොඳට රට කරවන්න. තමුන්ලාත් වට්ටිඅම්මලා වගේ අනුන්ගේ දේවල් සොයනවා මිසක් රටට මොනවද කළේ? තමුන්ගේ අනාගත මන්ත්‍රී පැතුමත් ඔතැනින්ම ඉවරයි. ටාටා බායි...

:       11       198

RaveendraFriday, 14 September 2018 10:41 AM

ගමගේ මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. මේ අම්බරුවන් අනුන්ගේ දේ ගැන කතා කර කර ගෑනු මෙන් අනුන්ගේ ඕපාදුප හොයනවා හැර තමන් ගේ විලි වසාගන්න රෙදිත් නැතිව පහළින් බේරෙන දේවල් ගැන කිසිදු කතාවක් නැහැ. කෙටියෙන් කියනවා නම් වැසිකිළි යන්න බැරිවුණාමත් එ්කත් මහින්දගේ ගිණුමට තමයි බැර කරන්නේ...? මේ වගේ මහජන නියෝජිතයින් යයි කියා ගන්නා ගවයින්නේ ඉන්නේ...

:       20       166

gunarathnaFriday, 14 September 2018 02:38 PM

රවීන්ද්‍ර ඔබගේ අදහසත් හරි. දේශපාලන වේදිකාවේ චීන්නුන්ට මෙරට උගස් කරලා තියෙන්නේ.. එ්කෙන් බේරාගන්නට මේ පාලකයෝ වෙනස් කරන්නට ඕනේ කියලා. නමුත් ආවට පස්සේ චීනුන්ට කෙඳිරිගගා පස්සෙන් යනවා. උනුත් එකයි, මුනුත් එකයි කියල තමයි කියන්නට වෙන්නේ...

:       0       73

ravi Saturday, 15 September 2018 07:05 AM

කවුරු කොහොම කිව්වත් මෙතන ලියවිලා තියෙන්නේ " රාජපක්ෂගේ දෙපිටකාට්ටු කියමන්"...

:       207       506

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 171 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2060 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site