IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘‘පන්හිදෙන් ඔබ්බට’’

වාර්තාකරණයෙන් එහා ගිය මානුෂීය මෙහෙවර 

 

වාර්තාකරණයෙන් එහා ගිය මානුෂීය මෙහෙවර ‘‘පන්හිදෙන් ඔබ්බට’’ වැඩ සටහන ඉරිදා ලංකාදීපයේ නවතම හඳුන්වාදීමකි. මේ නව වැඩසටහනේ ඒකායන අරමුණ වාර්තාකරණයට සීමා නොවී ජනයාට සහන සැලසීමය. එහි පළමුවැනි මෙහෙයුම සාර්ථක කරගන්නට අපට සහාය දැක්වූයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාය.   

මේ ඒ පළමු මෙහෙයුමේ කතා පුවතයි. 


2014 සැප්තැම්බර 09 වැනිදා කුරුණෑගල නිකදළුපොත පදිංචි පමාරා කේෂණි බණ්ඩාර විජේකෝන් දැරිය මව් තුරුලේ නිදා සිටියදී කිසියම් පුද්ගලයෙක් ඇය පැහැර ගත්තේය. 


දින හතරකට පසුව දැරිය හමුවූයේ කුඹුක්ගැටේ ප්‍රදේශයේ නිවසක සඟවාගෙන සිටියදීය. මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අයෙකු දැරිය සඟවාගෙන සිටි බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිවීය. 

 

චෙක් පත පිරිනමමින්...

 

කෙසේ වෙතත් දැරිය ඇතුළු ඇගේ සහෝදර සහෝදරියන් දෙමාපියන්ගේ පහත් ආර්ථික මට්ටම හේතුවෙන් අනාරක්ෂිතව කල්ගෙවන බව සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ කළ පිරිස් අනාවරණය කළහ. දැරිය පැහැරගෙන ගොස් තිබුණේ නිවස වටකොට තිබූ පොලිතින් කොළයක් කපා එම ස්ථානයෙන් නිවෙසට ඇතුළුවය. 


එවකට වයඹ පළාත් සභාවේ නිවාස අමාත්‍යාංශය මෙම දැරියට නිවසක් සාදාදීමට ඉදිරිපත් විය. ඒ සඳහා රුපියල් ලක්ෂ 22 ක ඇස්තමේන්තුවක්ද සාදා තිබිණි. එහෙත් ගෙයි වැඩකටයුතු ආරම්භ කළ අවස්ථාවේදී මිලදී ගත් සිමෙන්ති, වැලි ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා රුපියල් 57,000 ක මුදලක් පමණක් ලබාදී පළාත් නිවාස අමාත්‍යාංශය නිහඩවිය. 


අනතුරුව දැරියගේ පියා වන අනුර බණ්ඩාර මහතා රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබාගෙන නිවසේ තවත් වැඩකටයුතු කොටසක් නිමකර ගත්තේය. ඉන්පසුව එම ණය ගෙවීමත් දරුවන් 5 දෙනෙකු සමග තම ජීවිකාව ගෙවීමත් දුෂ්කර වූ නිසා නිවෙසේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අඩපණ විය. 


මෙම පවුල පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳව 2017 ජූලි 04 වැනිදා ලංකාදීප පුවත්පතේ ‘‘ආණ්ඩුවේ කඩවුණු පොරොන්දුවට පවුලක්ම අසරණ වෙලා’’ මැයින් පළවු ප්‍රවෘත්තියත් සමග නැවත වරක් මොවුන් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු විය. 

 

දැනට ජීවත් වෙන නිවෙස

 

අනතුරුව ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත මහතාගේ මැදිහත් වීමෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරීය මෙම නිවස සාදා ගැනීමට රුපියල් ලක්ෂ 5 ක ආධාරයක් දීමට එකඟ විය. එහි මූලික අදියර වශයෙන් දැරියගේ පියාට රුපියල් ලක්ෂයක චෙක්පතක් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා අතින් පිරිනැමුණේ සැප්තැම්බර් 21 වැනිදාය. 


දැරියගේ පියා වන අනුර බණ්ඩාර විජේකෝන් මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළේය. 


ගෙයි වැඩ නතරවෙලා තිබුණේ. මම ලක්ෂයක ණයක් අරන් බිත්ති ටිකක් බැන්දා. ඊට පස්සේ ඉතිරි හරිය කරගන්න මට සල්ලි තිබුණේ නැහැ. මම රැකියාව විදියට කරන්නේ රසකැවිලි හදලා කඩවලට දාන එකයි. මෙහෙම ගෙයි වැඩ නතර වෙලා තියෙන කොට තමයි ලංකාදීප පත්තරේ අපි ගැන ප්‍රවෘත්තිය පළවුණේ. ඉරිදා ලංකාදීපේ ප්‍රධාන කර්තෘතුමා අපේ ගෙදර ඇවිල්ලා බැලුවා. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න නිවාස මහත්තයා ආවා. දැන් අද ලක්ෂයක චෙක් එකක් ලැබුණා. ගේ හදාගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවක් දැන් අපට තියෙනවා. ඉරිදා ලංකාදීප පත්තරේ නිසා තමයි අපට අද මේ සහනය ලැබුණේ යි ඒ පියා සඳහන් කළේ සතුටු කඳුළු පිරුණු දෙනෙතිනි. 


මෙම චෙක්පත ප්‍රදානය කිරීමේ අවස්ථාවට හිරියාල ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජගත් මංජුල යාපා මහතා සහ හිරියාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික, නිවාස සංවර්ධන අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කළමනාකරු එන්.කේ.බී.එස්. නරසිංහ, ගනේවත්ත ප්‍රාදේශීය ලේකම්වරිය වන ආර්.එන්.එන්.එල්. කරුණාරත්න, ගණේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිවාස නිලධාරි ඒ.එස්. ගුණතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

 

 

 

වාරියපොල  රවීන්ද්‍ර නෙත්තසිංහ



අදහස් (0)

‘‘පන්හිදෙන් ඔබ්බට’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site