(විනීතා එම් ගමගේ)
අගමැතිවරයා විශ්වාසභංගය දිනාගත්තේ ඔහු කෙරෙහි යන්තමින් හෝ විශ්වාසයක් තිබුණා නම් එයත් භංග කරගෙන යැයි එළිය සංවිධානයේ කැඳවුම්කරු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යානාංශයේ කථිකාචාර්ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියෝ පැවැසූහ.
රටට මොනවා වුණත් මට කමක් නැතැයි ඔහු සිතන බව මේ විශ්වාසභංගය වෙනුවෙන් ඔහු කළ කීදේ මගින් රටට හෙළි කර අවසන් යැයි ද උන්වහන්සේ කීහ.
අභයතිස්ස හිමියෝ මේ අදහස් පළ කළේ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ අද (10) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
පසුගියදා සෙල්වම් අඩෙයිකලනාදන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරනවා විශ්වාසභංගය පරාජයට පත් කිරීමට ද්‍රවිඩ සන්ධානය සහය දුන්නේ කරුණු දහයක් නිසා යැයි කියා ඔවුන් එම කරුණූ දහය හෙළි කර තිබෙනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුනෙන් දෙකකින් සම්මත කළ යුතුය. හමුදාව සතු සියලූ ඉඩකඩම් යළි එහි වැසියන් වෙත ලබාදිය යුතුය.
සිර බාරයේ සිටින සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුය. අතුරුදන්වූවන් වෙනුවෙන් ඇත්තේ අතුරුදන්වූන්ගේ කොමිසම පමණයි. ඒ ගැන අවධානය යොමු කළ යුතුය. උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කළ යුතුය. උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දිය යුතුය. උතුරු නැගෙනහිර පළාත් රැකියා සඳහා දකුණින් බඳවා නොගතයුතුය.
උතුරු නැගෙනහිරට අයත් දිස්ත්‍රික්ක අට සඳහා දෙමළ දිසාපතිවරුන් බඳවා ගත යුතුය. එහි සංවර්ධන කටයුතු සඳහා අදාළ පළාත් සභාවල මතයට ගරු කළ යුතු අතර ඔවුන්ට පරු නමුඛතාව දිය යුතුය. දෙමළ ජනතාවට කඩිනම් දේශපාලන විසඳුමක් ලබාදිය යුතුය යන යෝජනා දහයයි මෙසේ ඉදිරිපත් කර තිබේ.
‘මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නම් ජනමත විචාරයක් යන්න ඕනෑ. මේ හදන්නේ 13 වැනි සංශෝධනයේ ඇති සියලූ බෙඳුම්වාදී ලක්ෂණයන් අයින් කරන්නයි කියන්නේ. එතකොට මේ රට ඉන්දියාවටත් වඩා ෆෙඩරල් කරන්න පුළුවන්. අලූත් ව්‍යවස්ථාවකින් මේ රට ගන්න හදන්නේ එතකොට අභිමානනීය ලෙස ඊළම ලබාගන්න පුළුවන් නිසයි’ යැයි ද අභයතිස්ස හිමියෝ පැවැසූහ.
COMMENTS
අපේ බෞද්ධයින් විනාශ වෙන්නේ බුදුදහම අනුව කටයුතු නොකරන සම්මාදිට්ඨීය නැති චීවරධාරීන් නිසයි. පට්ටම් ගහගෙන පැරණි පන්සල්වල සිටිනවිට අහිංසක බෞද්ධයින් නිකම්ම රැවටෙනවා. ගතානුගතිකව සිතන බෞද්ධයන් සිතන්නේ සිවුරුදාගත් ඔක්කොම හාමුදුරුවරු... අපි සිවුරට ගරුකරන්න ඕනෑ කියායි. රට දියුණු වෙන්න නම් මේ අදහස් වෙනස්විය යුතුයි. තර්කානුකූලව සිතිය යුතුයි.
ගැටුම් ඉවරවෙලා දැන් අවුරුදු 10 ක් විතර ගිහින්. දෙමල මිනිස්සු තමන්ගේ ඉඩම් වල පදිංචි වුනහම මොකද්ද තියන වරද ?
අපේ හාමුදුරුවනේ ඒ විශ්වාසය ඒ ගොල්ලෝ අතරින්ම ආව එකක් මිස ජනතාවගෙන් ලැබුණු දෙයක් නොවෙයි. ඒක දෙමලුන් කළ කල දුටුකල වල ඉහ ගැනීමක්. ඒ අය ජාතිය වෙනුවෙන් තවත් යමක් කරගත්තා. අපේ අය බඩගෝස්තරය රැක ගත්තා.
ඇයි අගමැතිගේ විතරක්. ගෙනාපු අයගේ විශ්වාසය වැඩි වුනාද ? ඇතුලේ අර්බුද ඇතිවුනේ නැද්ද? ශ්‍රීලනිපයට මොකද වුනේ ?
අපරාධ කරලා නැත්නම් සිර භාරයේ සිටින සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු නැද්ද ?