( දියතලාව - ඩී.කේ.රත්න )
බණ්ඩාරවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී හා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් බණ්ඩාරවෙල මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායම යටතේ තරග වදින අපේක්ෂකයෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අභ්‍යාස පොත් බෙදාදීම නිසා අද (24දා) බණ්ඩාරවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගන තිබේ.
බණ්ඩාරවෙල වැලිමඩ පාර කලමඩුගස්තැන්න ප්‍රදේශයේ සිටින පාසල් ළමුන් සදහා අභ්‍යාස පොත් අට බැගින් බෙදමින් සිටියදී බදුල්ල දිස්ත්‍රික් එ.ජා.ප.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් බණ්ඩාරවෙල පොලීසියට දුරකථනයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව එම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd