IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


පොලිසිය තාවකාලිකව බාරගත්තාම මෙහෙම නම් ස්ථිරව දුන්නොත් කොහොමට හිටීද - නාමල් කරුණාරත්න

බී.ජී චතුරංග 
 
   ‘‘අගමැතිතුමාට පොලීසිය තාවකාලිකව බාර දීලා ගොවීන්ට මෙහෙම පහර දුන්නානම්, නීතිය හා සාමය ස්ථිරව බාර දුන්නොත් කොහොම ගහයිද‘‘ යැයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

 
ඒ මහතා මේ බව පැවසුවේ අද (1) තඹුත්තේගම නගරයේ පැවති උද්ගෝශණයේ දී කලහකාරීව හැසිරී බන්ධනාගාර ගතකෙරුණු ගොවීන් ගේ සුව දුක් විමසීමට පැමිණි අවස්ථාවේ දී ය. 
 
එහි දී අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද කීය.
 
අද අර්ජුන ඇලෝසියස්ලා,ලලිත් වීරතුංගලා, රටින් පැනලා ඉන්න මොහොතක් මේක. ඒ කම්බ හොරු අද නිදැල්ලේ ඉන්න මොහොතක හොරු ටයිකෝට් දාගෙන පාර්ලිමේන්තුවේ නිදහසේ ඉන්නවා. 
 
රටේ නම් දරාපු කුඩුකාරයෝ හොරු සියළු දෙනා නිදැල්ලේ ඉන්නකොට, අහිංසක ගොවි, අම්මා තාත්තාගේ අයිතිය වෙනුවෙන් පාරට බැහැපු ගොවි අම්මලා තාත්තලා අද ඉන්නේ හිර බත් කකා.
 
ජනාධිපති පැහැදිලිවම ප්‍රකාශ කළා ගොවීන්ගේ සටන් සාධාරණයි කියලා. එම සටන් මා කිසිසේත් මර්දනය කරන්නේ නැහැ කියලා. නමුත් ජනාධිපති තුමනි පෙරේදා 28 දා ගොවියන්ට පහරදීලා ගොවියා හිරගෙදරට ගාල් කරලා, කන්න තුන හතරක් ගොවියට වගා කර ගන්න බැරි වුණා. පොහොර සල්ලි වන්දි මුදල් වෙලාවට දෙන්න බැරිවුණා. ඒ නිසා රත්තරන් බඩු ටික, පදින බයිසිකලේ, වතුර මෝටරය උකස් තියලා ඒවා දැන් සින්න වෙලා තියෙන මොහොතක තමයි ගොවියා මහ පාරට බැස්සේ.නැතුව ඇඟේ අමාරුවට නෙමෙයි. ඒ ගොවියට සැලකුවේ මේ විදිහටයි.
 
ගොවියා මහ පාරට බැස්සේ රාජපක්ෂ ආණ්ඩුව අටවපු උගුලකට, ඒ අටවපු බෝම්බ තමයි මේ පත්තු වෙන්නේ. උමාඔය, සයිටම් වැනි ඒ අටවපු බෝම්බ පත්තු වුණා. දැන් ප්‍රාදේශීය වශයෙන්අටවපු බෝම්බ තමයි මේ පත්තු වෙන්න පටන් අරන් තියෙන්නෙ. 
 
රාජාංගනයේ ජලය යන්නේ නීලබැම්ම ජලාශයට නීල බැම්මෙන් මහා දැවැන්ත ජල කඳක් වාර්ෂිකව මහ මුහුදට ගලා යනවා. නීල බැම්මෙන් පහත මේ ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ගොවියා ගේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙනවා. පානීය ජල ප්‍රශ්නයක් විසඳෙනවා. එතකොට දෙපැත්ත සමබර වන විධියට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කියලා ආණ්ඩුවට අපි බලකර සිටිනවා.‘‘



අදහස් (3)

පොලිසිය තාවකාලිකව බාරගත්තාම මෙහෙම නම් ස්ථිරව දුන්නොත් කොහොමට හිටීද - නාමල් කරුණාරත්න

රාජේශ් ඛන්නා Thursday, 01 March 2018 08:50 PM

ජාතික සංවිධායක වරයෙක් නීතිය රකින්න ඉන්න පොලිසියට ගල්ගසා අලාභ හානි කළ අය වෙනුවෙන් පෙනීසිටීම නොවිය යුතුය. රටට දැන් අවශ්‍ය වී ඇත්තේ රටේ දියුණුවට එරෙහි ව පාරට බැස දඟලන හා කඩාකප්පල් කාරී වැඩ කරන මෙවැන්නන්ට හා උසිගන්වන්නට මීටත් වඩා තදින් සිටින මෙවැනි අවස්ථාවලින් නිකරුනේ පීඩා විඳින සාමාන්‍ය ජන බහුතරයේ නිදහස රකින නීති ගරුක අමාත්‍යංශ නායකයෙකි.

:       543       551

himal Friday, 02 March 2018 04:31 AM

ඔයාලගේ ගේම් දැන් මිනිස්සු දන්නවා

:       119       101

hira Friday, 02 March 2018 06:45 AM

චන්දය දුන්නේ නැති ඔරොප්පුව තියෙන්නේ.

:       210       199

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1415 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site