IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ළමා දූෂකයාට මරණ දඬුවම දුන්නේ මෙහෙමයි

59 හැවිරිදි බිලී රේ අයිරික් පසුගිය බ්‍රහස්පතින්දා වන තෙක් ගත කළේ නැෂ්විලේහි පිහිටි රිවර්බෙන්ඩ් දැඩි ආරක්ෂිත බන්ධනාගාරයේය. පසුගිය බදාදා ඔහු තම අවසාන රාත්‍රි භෝජනය ලෙස සුවිශේෂී බර්ගරයක් අනුභව කොට පෙප්සි බෝතලයක් පානය කළේය. මරණ දඬුවම පනවන ලද සිරකරුවකුට තම අවසාන භෝජනය ලෙස ඩොලර් 20කට නොවැඩි ආහාරයක් ලබා ගත හැකිය. 


පසුදින සවස 7ට විෂ එන්නත් තුනක් මගින් ඔහු මරණයට පත් කිරීමට නියමිතව තිබිණි. 2009 සිසිල් ජොන්සන් නමැත්තා මරණයට පත් කිරීමෙන් පසු ටෙනසි නගරයේදී මරණ දඬුවමට යටත් කෙරුණු ප්‍රථම පුද්ගලයා වූයේ බිලී රේ අයිරික්ය. 


බිලී රේ අයිරික්ට මරණ දඬුවම නියම වූයේ 1985දී සත් හැවිරිදි දැරියක වූ පෝලා කේ ඩයර් දූෂණය කොට මරා දැමීමේ වරදටය. එවක 26 හැවිරිදි වූ ඔහු වසරක පමණ කාලයක් ඩයර් නිවෙසේ දරුවන් රැකබලාගන්නකු ලෙස සේවය කර තිබිණි. බිලී මත්පැන් පානයට හුරු වී සිටි බැවින් 1985 අප්‍රේල් 15 වැනි දින පෝලාගේ මව වන කැතී බිලීව තම නිවෙසින් එළවා දැමුවාය. ඇයත් සැමියාත් රාත්‍රි සේවයට ගිය පසු රාත්‍රියේ දරුවන් බලා ගැනීමට කිසිවකු නොවූ හෙයින් කැතීගේ සැමියා වන කෙනී, බිලී යළි නිවෙසට කැඳවාගෙන ආවේ දරුවන්ගේ ආරක්ෂාව සඳහාය. 


එදින රාත්‍රියේ බිලීගෙන් කෙනීට දුරකතන ඇමතුමක් ලැබිණි. ඉන් පැවසුණේ පෝලාව නැගිටුවීමට නොහැකි බැවින් වහා නිවෙසට පැමිණෙන ලෙසටය. නිවෙසට පැමිණි කෙනීට දැකගත හැකි වූයේ සාලයේ ලේ විලක් මැද වැටී සිටි පෝලාගේ සිරුරය. කෙනී වහා දැරිය අසළ පිහිටි ළමා රෝහල වෙත රැගෙන ගියේය. ඒ වන විටත් පෝලා මියගොස් සිටියාය. මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ හුස්ම හිරවීමෙන් ඇගේ මරණය සිදු වූ බවටය. එමෙන්ම දැරිය තදබල ලෙස දූෂණයට ලක්ව තිබුණාය. මිනීමැරුම් චෝදනාව යටතේ බිලී අත්අඩංගුවට ගැනිණි. 


පෝලාගේ මරණයට වරදකරු වූ බිලී 1987 මැයි මස 4 දින මරණයට පත් කිරීමට නියමිත වූ අතර ඔහු මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි. ඔහුගේ නීතිඥයෝ දසක ගණනක් පුරා ඔහු ගලවා ගැනීමට උත්සාහ දැරූහ. 


ඔවුන්ගේ විරෝධතාව එල්ල වූයේ විදුලි පුටුව වෙනුවට විෂ එන්නතක් මගින් මරණයට පත් කිරීමේ නව ක්‍රියාමාර්ගයට එරෙහිවය. මරණකරුට වේදනාවක් ඇති නොවන පරිදි මරණයට පත්කිරීම සඳහා එම විෂ පිළිබඳ තවදුරටත් පර්යේෂණ කරන තෙක් මරණ දඬුවම ප්‍රමාද කරන මෙන් ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එහෙත් එම අභියාචනය එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ප්‍රතික්ෂේප කළේය. 


බිලී විසින් දූෂණය කොට මරා දැමූ පෝලා නමැති දැරියගේ මව වන කැතී ජෙෆර්ස් ප්‍රකාශ කළේ, ඔහු කළ අපරාධයේ වේදනාව ඊට වඩා දරුණු බැවින් ඔහුට දැනෙන වේදනාව පිළිබඳව තමාට කිසිදු හැඟීමක් ඇති නොවන බවය. 


“මම 13 වැනි ජුරි සභිකයා නොවෙයි. මගේ පෞද්ගලික මතය ප්‍රකාශ කිරීම හෝ ඔහු විනිශ්චයට ලක්කිරීමට මට අවශ්‍ය නැහැ. මගේ දියණියගේ වයස අවුරදු 7යි. ඔහු ඇය දූෂණය කොට, ගෙල මිරිකා මරා දැම්මා. මෙම තීන්දුව සර්ව සාධාරණයි. ඔහුට දෙවියන් සමාව දුන්නත් මගෙන් සමාවක් නැහැ.” ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ඇය සඳහන් කළාය. 


මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිත දිනට සතියකට පෙර බිලී අඩි 8 *10 ප්‍රමාණයේ විශේෂිත සිරමැදිරියකට ගෙන එන ලදී. 2018 අගෝස්තු 7 දින රාත්‍රියේ මිඩසෝලම් නමැති විෂ එන්නත් තුනක් මගින් ඔහු මරණයට පත් කෙරිණි. 

 

 

 


අන්තර්ජාලයෙනි 
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා



අදහස් (0)

ළමා දූෂකයාට මරණ දඬුවම දුන්නේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 610 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 516 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site