IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පිළිකා රෝගීන්ට දෙන ඖෂධ රැසක මිල අඩුවේ

දියවැඩියාව, හෘද රෝග, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි අපේ රටේ බහුලව හඳුනාගත හැකි බෝ නොවෙන රෝග සඳහා අවශ්‍ය වෙන ඖෂධ වර්ග හතළිස් අටක මිල අඩුවීම ඉකුත් වසරේදී සිදුවිය. ඖෂධ මිල අඩුකිරීමේ වැඩපිළිවෙළේ තවත් කොටසක් ලෙස පිළිකා රෝගය සඳහා භාවිත මිල අධික ඖෂධ වර්ග දහයක සහ ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ කිහිපයක ද මිල අඩුවීමක් සිදුවිය. පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය වෙන ඖෂධවලින් සියයට අනූපහක්ම මිලදී ගනු ලබන්නේ රජයයි. පෞද්ගලික අංශ ඔසුසල් හිමියෝ මිල අධික පිළිකා රෝගය සඳහා වෙන ​ඖෂධ මිලදී ගැනීමට නොපෙළඹෙති. රජය වසරකට ඖෂධ ආනයනය සඳහා රුපියල් බිලියන හතක් වැය කරන බව කියැවේ. 


එක්දහස් නවසිය තිස්හතර තිස්පහ කාලසීමාවේ අපේ රටේ ව්‍යාප්ත වූ මැලේරියා රෝගයෙන් වියළි කලාපයේ වැසියෝ බොහෝමයක් මියගිය බව විවිධ ඉතිහාස වාර්තා සඳහන් කරයි. එහිදී මියගිය පිරිස අසූද‌හසක් පමණ වෙන බව කියැවිණි. ඒ සමයේ මැලේරියාවට අවශ්‍ය ඖෂධ ප්‍රමාණවත්ව නොලැබීමත් ඖෂධ භාවිතය පිළිබඳ දැනුම අඩුවීමත් රෝගයේ පීඩාව වැඩි වර්ධනය වීමට හේතු විය. කලක් ගතවෙත්ම මැලේරියාව රෝගය රටින් අතුගා දැමීමට තරම් අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට හැකි විය. වෛරස් ආසාධන මෙන්ම කාලගුණික, දේශගුණික හේතු මත ඉඳහිට මතුවෙන රෝග, ඩෙංගු වැනි වසංගත නිසා සිදුවෙන ජීවිත අහිමි වීම් බොහෝමයකි. ඒ හැරුණු විට පිළිකාව, වකුගඩු රෝගය වැනි බෝ නොවන රෝග මැඩපැවැත්වීමට අප වැනි රටකට අසීරු වැඩ කොටසක් පැවරේ. ඒ සඳහා වෙන මූල්‍ය වියදම් ඉතා ඉහළ අගයක් ගනී. අනෙක් අතට වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයේ විවිධ සාධක ද ඊට හේතු වේ. සැබැවින්ම අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අභියෝග රැසක් සහිත වූවකි. උද‌ාහරණයක් වශයෙන් සඳහන් කළහොත් පිළිකා රෝග සඳහා භාවිත වෙන ටැබ්සුමාවේ වැනි ඖෂධයක් මිලදී ගැනීමට රුපියල් දෙලක්ෂයකවත් මුදලක් නැතිව බැරිය. ඖෂධ මිල අඩුකිරීම් මගින් ඒවැනි ඖෂධයක මිල රුපියල් ලක්ෂයකින් පමණ අඩු වී ඇත. ජීවිතාරක්ෂක ප්‍රතිජීවක, ස්නායුගත රෝග සඳහා වූ ඖෂධ වර්ග මෙන්ම ඉන්සියුලින් ඇතුළු දියවැඩියා ඖෂධ, ඇදුම රෝගය සඳහා භාවිත කරන ඖෂධ, ස්නායු රෝග ඖෂධ, අපස්මාර රෝග ඖෂධ සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධ වර්ග ද මේ අතරට අයත් වේ. 
දියවැඩියාව රෝගීන් භාවිත කරන රුධිර ග්ලූකෝස් මාපක හා ඊට අවශ්‍ය අනෙක් උපාංග සඳහා ද ​ෙම් වන විට උපරිම සිල්ලර මිලක් නියම කොට ඇත. ඊට අනුව රුධිර ග්ලූකෝස් මාපකයක උපරිම සිල්ලර මිල රුපියල් එක්දහස් හත්සිය පනහකි. රුධිර ග්ලූකෝස් මාපකවලට භාවිත කරන පරීක්ෂණ තීරුවක් සඳහා නිර්දේශිත මිල වන්නේ රුපියල් පනහකි. 


ඖෂධ පිළිබඳව කතා කිරීමේදී මහාචාර්ය සේනක බිබිලේ නාමය අමතක කළ නොහැකිය. එක්දහස් නවසිය හැත්තෑව වසරේ එවක පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක රජය ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් පිළිබඳව පදනම සකසමින් සිටියදී ප්‍රතිපත්තිය සැකසීමේ වගකීම සේනක බිබිලේ මහාචාර්යවරයාට පවරන ලදී. වෙළෙඳ නාමයන්ගෙන් අලෙවි කරන ඖෂධ රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා ඖෂධ නාමයෙන් පමණක් අලෙවි කිරීමට සේනක බිබිලේ ප්‍රතිපත්තිය ඉවහල් විය. අවම මිලකට ඖෂධ ලබාදීම, රජය මැදිහත්වීම සහිතව ඖෂධ බෙද‌ාහැරීමේ යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ඔස්සේ ක්‍රියාත්මක කරවීමට උත්සාහ දැරීය. ප්‍රතිපත්තිය යළි පණ නැංවීම කාලීන වැදගත්කමක් සහිත වූවකි. එහි යම් යම් කොටස් ක්‍රියාවට නැංවෙන බව මෙම ඖෂධ මිල අඩු කිරීම යම්තාක් දුරට සාක්ෂි දක්වයි. 


 ඇදුම රෝගය, හෘද රෝග, කොලොස්ටරෝල්, දියවැඩියාව, අධි රුධිර පීඩනය, වාත අමාරු ආදී බෝ නොවෙන රෝග අද බහුලව දැකිය හැකි රෝගයන්ය. හෘද රෝගියෙකුට සිය ප්‍රතිකාර අවශ්‍යතා සඳහා වැයවෙන මුදල අවම කරමින් රෝගියාගේ පාර්ශ්වයට යම් සහනයක් ලබා දීමට රජයට හැකිව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. එම තත්ත්වයත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානයට යොමු වී ඇති අතර තිරසර සංවර්ධිත ඉලක්ක ජය ගැනීමට යන ගමනේ සුබ ලකුණක් ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව හැඳින්විය හැකි බව සඳහන් වේ. 


 අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග හතළිස් අටක මිල අඩු කිරීම විශ්වීය සෞඛ්‍ය රැකවරණ මූලධර්මයන්ට ද රුකුලක් වන බව පැවසේ. බෝ නොවන රෝග අවම කිරීමේ හැකියාව වර්ධනය වෙන තරමට විවිධ හේතු මත අයත් වන බෝ නොවන රෝග පාලනය කිරීමට ක්ෂණික පියවර ගැනීමේ අවකාශය උද‌ා වේ. එමෙන්ම බෝවෙන ​රෝග උවදුරක් සහිත අවස්ථාවක විධිමත් වැඩපිළිවෙළ මගින් ඊට මුහුණ දීමේ හැකියාව වර්ධනය කරගනිමින් ඊට කඩිනමින් දැනුම්වත් කිරීම් වැඩසටහන් ක්‍රියාවට නැංවීම යනාදිය ඔස්සේ එම රෝග පැතිරීම පාලනය කිරීමට අවස්ථාව සැලසේ. 


2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව බෙහෙත් අලෙවි කරන වෙළෙඳසල් හිමියන්ට සැපයුම්කරුවන්ට නිෂ්පාදකයන්ට ඖෂධවේදීන්ට හෝ වෛද්‍යවරුන්ට උපරිම සිල්ලර මිලට නියම කළ බෙහෙත් තම අභිමතය මත වෙනස් කොට වෙනත් ලේබල් යටතේ හෝ ධාරිතාව වෙනස් කොට වෙනස් මිලකට අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. වෛද්‍ය උපකරණවල ද වෙළෙඳ නාමය අනුමත නාමය සහ මිල පැහැදිලිව දක්වන රිසිට් පතක් ද නිකුත් කළ යුතුය. නිෂ්පාදන හෝ විකිණීමට තිබෙන වෛද්‍ය උපකරණවල ද මිල වෙළෙඳ නාමය පිළිබඳව මිලදී ගන්නන් වඩාත් සැලකිලිමත් විය යුතුය. වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර මිල සෑම අලෙවිසලකම ප්‍රදර්ශනය කිරීම සෑම නිෂ්පාදකයකු, ආනයනික බෙද‌ා හරින්නන්, වෙළෙන්දන්, සැපයුම්කරුවන්, පෞද්ගලික වෛද්‍ය ආයතන පවත්වාගෙන යන පිරිස් මෙන්ම ​වෛද්‍ය වෘත්තිකයා ද දැනුම්වත් වී සිටිය යුතුය. 


සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට පිළිකා රෝගීන් සඳහා රුපියල් ලක්ෂ පහළොවක් පමණක්ය යන ප්‍රතිකාර සීමාව මේ වෙන විට ඉවත් කොට ඇත. හෘද රෝගීන් සම්බන්ධයෙන් ද එවැනි තීරණයකට එළඹ ඇත. හෘද රෝගියෙක්ගේ මාසික ඖෂධ වට්ටෝරුව සඳහා වැය වන රුපියල් අටදහසක පමණ මුදල රුපියල් තුන්දහස දක්වා අවම කිරීමට රජයට හැකියාව ලැබී තිබේ. ඉකුත් වසරේදී මිල අඩු කිරීම සිදුකළ ඖෂධ වර්ග ගණන හතළිස් අටකි. එහෙත් එක් ​ඖෂධයක් පෙති, කරල්, එන්නත් වශයෙන් වෙන් කළ විට ඖෂධ වර්ග දෙසිය හැත්තෑ දෙකක මිල ගණන් අඩු වී ඇත. ඖෂධ මිල ගණන් අවම කිරීම ඒ සඳහා පාලන මිල නියම කිරීම ආදිය සඳහා රජය සෘජුව මැදිහත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ සියල්ලෙහි ප්‍රශස්ත කාර්යභාරය ඉටු කළේ විෂය භාර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා බව බහුතරයක මතයයි. 


සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති මෙන්ම ඇතැම් සිවිල් සංවිධාන සඳහන් කරන ආකාරයට රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ගුණාත්මක මෙන්ම ප්‍රමාණාත්මක ද‌ායකත්වයක් නිසි අයුරින් ලබා දීමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබී නැත. කොළඹින් දුර බැහැර ප්‍රදේශවල සෞඛ්‍ය ගැටලු බොහෝමයකි. රෝහල් පහසුකම් ප්‍රවර්ධනයට අවශ්‍ය දායකත්වය ප්‍රමාණවත් නැත. නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් ගැටලු රැසක් වත්මනේ ඉස්මතුව තිබේ. පොදුජනයාට අවශ්‍ය ප්‍රමුඛතම සේවා අතරට සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන සේවා ඇතුළත් වන බව අප දනිමු. ඒවායේ දියුණුව ප්‍රගමනය රටේ අනාගත පැවැත්මට අත්‍යවශ්‍ය සාධක වේ.


උප ලේඛනය 

II වැනි කොටස 

 තෝරාගත් ඔෟෂධ නිෂ්පාදන 13 ක උපරිම සිල්ලර මිල 

I තීරුව II තීරුව III තිරුව IV තීරුව V තීරුව 

ඖෂධීය නාමය ලබා ගනු ලබන ක්‍රමය මාත්‍රා ආකාරය ශක්ති ප්‍රමාණය උපරිම සිල්ලර මිල 

(ශ්‍රී ලංකා රුපියල්) 

1. සෙෆ්ටසිඩීම් නික්ෂේපන 500 මි.ග්‍රැ. 480.00 

සෙෆ්ටසිඩීම් නික්ෂේපන 1 ග්‍රෑම් 800.00 

2. සෙෆ්ට්‍රිඇක්සෝන් නික්ෂේපන 250 මි.ග්‍රෑ. 240.00 

සෙෆ්ට්‍රිඇක්සෝන් නික්ෂේපන 500 මි.ග්‍රෑ. 450.00 

සෙෆ්ට්‍රිඇක්සෝන් නික්ෂේපන 1 ග්‍රෑම් 700.00 

3. සෙ​ෙෆාටැක්සීම් නික්ෂේපන 1 ග්‍රෑම් 375.00 

සෙෆොටැක්සීම් නික්ෂේපන 500 මි.ග්‍රෑ. 225.00 

4. ෆ්ලුකොනසෝල් පෙති/කරල් 150 මි.ග්‍රෑ. 45.00 

ෆ්ලුකොනසෝල් පෙති/කරල් 50 මි.ග්‍රෑ. 25.00 

5. ඉන්සියුලින් සොලියුබල් නික්ෂේපන 100 අයි.යූ. 1 මි.ලී. 1200.00 

හියුමන් (10 මි.ලී. කුප්පිය) 

ඉන්සියුලින් සොලියුබල් නික්ෂේපන 100 අයි.යූ. 1 මි.ලී. (3 මි.ලී. කාටිජය) 600 

ඉන්සියුලින් අයිසොෆෙන් හියුමන් නික්ෂේපන 100 අයි.යූ. 1 මි.ලී. (10 මි.ලී. කුප්පිය) 1200.00 

ඉන්සියුලින් අයිසොෆෙන් හියුමන් නික්ෂේපන 100 අයි.යූ. 1 මි.ලී (3 මි.ලී. කාටිජය) 600.00 

බයිෆෙසික් අයිසෝෆෙන් ඉන්සියුලින් (ඉන්සියුලින් සොලියුබල් හියුමන් 30 අයි.යූ. 1 මි.ලී. ඉන්සියුලින් නික්ෂේපන 100 අයි.යූ. 1 මි.ලී. (10 මි.ලී. කුප්පිය) 1200.00 

උපලේඛනය 

 තෝරාගත් වෛද්‍ය උපකරණ නිෂ්පාදන දෙකක උපරිම සිල්ලර මිල 

 I තීරුව II තීරුව III තීරුව 

 වෙළෙඳනාමය/අනුමත නාමය උපරිම සිල්ලර මිල (ශ්‍රී ලංකා රුපියල්) 

1. රුධිර ග්ලූකෝස් මාපක එක් ඒකකයක් 2,750.00 

2. රුධිර ග්ලූකෝස් මාපකවල භාවිතා කරන පරීක්ෂණ තීරු එක් පරීක්ෂණ තීරුවක් 50.00 

 

 

 

සමන්තිකා මාධවී 

 

 



අදහස් (0)

පිළිකා රෝගීන්ට දෙන ඖෂධ රැසක මිල අඩුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

ගාල්ලේ ත්‍රෛභෂික ලිපිය හා පාණදුරා වාද ලේඛනය ලෝක උරුමයක් වෙයි
2025 මැයි මස 08 15 0

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත


සබරගමු සරසවි සිසුවා සියදිවි නසාගත්තේ නවක වදය නිසාද
2025 මැයි මස 08 26 0

නවකවදය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළි කතාබහක් ඇතිව තිබෙන්නේ පසුගිය 29 වැනි දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ 22 හැවිරිදි


තීරුබදු යුද්ධය ලෝකය කළ දේ සහ අප නොකළ දේ
2025 මැයි මස 08 12 0

දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු‍ රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, ය


සිරි දළදා වන්දනාව පසු විපරම
2025 මැයි මස 08 14 0

වසර දහසයකට පසු පැවති සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන් වූයේ ඉකුත් 27 වැනිදායි. වසර දහසයක් වැනි දීර්ඝ කාලයක් බෞද්ධ බැතිමතුන්ට එම අවස්ථාව නොලැබීම ද මෑත ඉතිහ


ඇමෙරිකා වෙළෙඳපොළට ලංකාව ඇතළු වූ හැටි
2025 අප්‍රේල් මස 30 97 0

ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයනය ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධානතම අංගයකි. වසර දෙකකට පෙර ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්‍ෂ පහක සේවක පිරිසක් රැකියාවේ නිරතව සිටියත් මේ වන


සත්සරට සාධාරණයක් වෙයිද?
2025 අප්‍රේල් මස 30 61 0

“අනේ බුදු සර් මට මගේ දරුවගේ මිනිය එක වතාවක් හරි ඉඹින්න දෙන්න. මට මොනව උනත් කමක් නැහැ. මගේ දෙයියෝ....මගේ සුදු පුතේ ....මගේ ෂෂී....ඔයාගේ අතට දුන්න රෝසමල් පොකුර වග


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 10 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1287 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site