IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


නිධානයකින් මැණිකක් ගත්ත හොරු අල්ලන්න ගිහින් පොලිසිය අද්භූත සිදුවීමක් දැකලා

“සර් නවගත්තේගම කැලෑවේ ගල් තලාවක නිධානයක් ගොඩගන්න හදනවා. දැන්ම ගියොත් කට්ටියම අල්ලාගන්න බැරිවෙන එකක් නැහැ”   


නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාට දුරකථනයෙන් කතාකර පවසනු ලැබ ඇත්තේ ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවෙකු විසිනි.   


 පොලිස් ස්ථානාධිපති දයානන්ද මහතා තොරතුරු ලැබුණු වහාම පොලිස් කණ්ඩායමක් සමඟ පිටව ගියේ නිධන් හොරුන් අල්ලා ගැනීම සඳහාය.   


නිධන් හොරුන් නිධානය ගොඩගැනීමට යන තැනට නවගත්තේගම රැලපනාව ප්‍රදේශයේ සිට කැලේ ඇතුළට කිලෝමීටර් පහක පමණ දුරක් යා යුතුය.   


එය අතිශය දුෂ්කර ගමන් මගකි. වැටලීම සිදුකළේ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේය.   


අලි ඇතුන්, විෂඝෝර සර්පයන් බහුල වශයෙන් ගැවසෙන මහා වනාන්තරයට පොලිස් කණ්ඩායම ඇතුල් වන විටත් හතර වටින් සැඳෑ අඳුර ගලා එමින් තිබුණේය.   


 පොලිස් කණ්ඩායම මහා වනාන්තරය තුළට ඇතුළු වූයේ ජීවිත අවදානම දෝතින් දරාගෙන ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ බලාපොරොත්තුවෙනි.   


 නවගත්තේගම රැලපනාව ප්‍රදේශයේ සිට කිලෝමීටර් පහක පමණ දුරක් ගෙවා පොලිස් කණ්ඩායම නිධානය ඇතැයි කියන ගල්තලාවක සහිත පොකුණ සමීපයට යන විට පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේ රැඳී සිටින අයුරු දැක ගැනීමට ලැබී ඇත.   


 එතනින් එහාට වෙච්ච දේවල් පමණක් නොව අරුම පුදුම අද්භූත සිද්ධියක් ගැන ද තොරතුරු හෙළිකළේ මෙම වැටලීමට නායකත්වය දුන් නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක දයානන්ද මහතාය.   


“මගේ පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ඔත්තුවක් ලැබුණ නවගත්තේගම රක්ෂිත වනාන්තරයේ නිධානයක් ගොඩගන්න යනවා කියා. ලැබුණු මේ තොරතුරු ගැන අපේ උසස් පොලිස් නිලධාරින්ටත් දැනුම් දීලා නිධන් හොරුන් අල්ලන්න වැටලීමක් සැලසුම් කළා. නිධන් හොරු පසුගිය සඳුදා කැලෑවට එනවා කියා තොරතුරක් ලැබුණු නිසා කැලෑවට ගිහින් රැක සිටියත් ඔවුන් ආවේ නැහැ. ආයෙත් තොරතුරක් ලැබුණා මේ කට්ටිය 8 වැනිදා එනවා කියා. ඒ අනුව මම තවත් පොලිස් නිලධාරින් කණ්ඩායමක් එක්ක රැලපනාවේ ඉඳලා කිලෝමීටර් පහක් පමණ කැලෑව ඇතුළට ගිහින් නිධානය තියෙනවා යැයි කියන ස්ථානයේ සැඟවී සිටියා.   


 සුදු හැඳගත් දෙන්නෙක් ගල් තලාවේ පොකුණ ළඟ හිටගෙන යාතිකා කරන්න පටන් ගත්තා. විනාඩි 20 ක් විතර දෙන්නා මේ විදිහට යාතිකා වුණා. ඊට පස්​ෙස් දෙන්නාම ඒ පොකුණට බැහැලා ප්ලාස්ටික් කෑන් දෙකකින් වතුර ඉසීමට පටන් ගත්තා. වතුර ඉස්සාට පස්​ෙස් එතැනින් කළුගලකින් නෙළන ලද නෙළුම් මලක් මතුවුණා. එක් අයෙක් ඒ මලට කුළු ගෙඩියකින් ගසා කඩා දැමුවා. තවත් කෙනෙක් යකඩ ඉන්නකින් ගසමින් බොහෝම අමාරුවෙන් කළුගලකින් නිමවන ලද ලෑල්ලක් වැනි දෙයක් ඉවත් කළා. ඒත් එක්කම කළු පැහැති ලොකු දුමාරයක් ඉහළට විහිදී ගියා. ඒ දුමාරයත් එක්කම වාගේ සඳුන් සුවඳට සමාන සුවඳක් අවට ප්‍රදේශය පුරාම පැතිර ගියා. ඒ සුවඳ සෑහෙන වේලාවක් යනකම්ම තිබුණා.   


නිධන් හොරුන් දෙදෙනාම එම කළුගල් පියන ඉවත්කර ඒ තුළ තිබූ ගල ඉවත්කර ගත්තා. ඒත් එක්කම අපි එතැනට කඩා වැදිලා දෙන්නම අල්ලාගත්තා” යැයි පොලිස් පරික්ෂක දයානන්ද මහතා කීය.   


ඊට පස්සේ වෙච්ච දෙයක් ගැන කිව්වේ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාය.   
“මෙම වැටලීමට නායකත්වය දුන් පොලිස් පරීක්ෂක නලින් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාට එක් අයෙක් රුපියල් කෝටියක් දෙන්නම් දෙන්නම මුදාහරින්න කියා තිබෙනවා. ඔහු කෝටියක මුදල ගැන ප්‍රතික්ෂේප කළායින් පස්සේ නිධානයෙන් ගොඩගත්ත ගල දෙන්නම් කියා තිබෙනවා. මේ ගල මිලකළ නොහැකි වටිනාකමක් තිබෙන එකක් බවත් පවසා තිබෙනවා. ඔහු ගල ලබාගැනීමත් ප්‍රතික්ෂේප කරලා තමා දෙන්නාම අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

කෝටියක පගාවක් ප්‍රතික්ෂේප කරලා සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් පරික්ෂක දයානන්ද මහතා මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම ආඩම්බරයක්”   


අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු මාතර කැකණදුර ප්‍රදේශයේ ද අනෙකා නිට්ටඹුව ප්‍රදේශයේද පදිංචි අයෙකි.   
මොවුන් දෙන්නාම ධනවත් ව්‍යාපාරිකයෝ වෙති.   


වැඩිදුරටත් මේ හා සම්බන්ධව කරුණු කාරණා අනාවරණය කරමින් නියෝජ්‍ය පොලිස්පති සිරිවර්ධන මහතා පැවසුවේ මෙවැනි කතාවකි.   


“මාතර ප්‍රදේශයේ පදිංචි සැකකරුට කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් තිබෙන බව ඔහුගෙන් මා ප්‍රශ්න කළ අවස්ථාවේ කියා සිටියා. නවගත්​ෙත්ගම ප්‍රදේශයේ පදිංචි අයෙක් ටික කාලයකට ඉහත දී මොහුට කතාකර නවගත්තේගම රක්ෂිත වනාන්තරයේ ගල්තලාවක කුඩා පොකුණක නිධානයක් ඇති බවට පවසා තිබෙනවා. තමාට ඇති බලවේගය ඉදිරියේ එය ඇත්තක් ද කියා බැලූ අවස්ථාවේ එතැන නිධානයක් තිබෙන බවට ඔහුට පෙනී ගියා කියා පැවසුවා. මේ ඔත්තුව දුන්නට ඔත්තුකරුට මාතර පුද්ගලයාගෙන් ලක්ෂ 50 ක් ඉල්ලා තිබෙනවා. ඔහු එයට කැමැත්ත ප්‍රකාශ කර අත්තිකාරම් මුදලක් වශයෙන් ලක්ෂ පහක මුදලක් ලබාදී තිබෙනවා. නිධානය ගොඩගන්න කලින් මාතර පුද්ගලයා මාස තුනක විතර කාලයක් යාතිකා වෙමින් ඉඳලා තමා මේ වැඩේට බැහැල තියෙන්නේ. ඔහු මතක අති කාලයක ඉඳලා මස් මාළු කරවල කන්නේ නොමැති බවත් එළවළු පමණක් ආහාරයට ගන්නා බවත් කිව්වා. අනෙකා ඔහුගේ මිතුරෙක්. ඔහු මාතර සිට කතරගම දක්වා ඉදිකෙරෙන නව දුම්රිය මාර්ගයේ කොන්ත්‍රාකාරයෙක් බව ප්‍රශ්නකර අප හෙළිකර ගත්තා”   


 වර්ණවත් ගල ඔබා තිබුණේ වංගෙඩියක හැඩයකින් යුතු ගල්තලාවේම තිබුණ වළක් තුළ බහාය. 

 
එම ගල වටා පරිවාර ගල් දෙකක්ද තිබියදී පොලිසිය සොයාගෙන ඇත.   


නිධානය ගොඩ ගැනීමට යොදාගත් කුළු ගෙඩිය හා යකඩ ඉන්නද පොලිස් භාරයට ගෙන තිබේ. 

 

 
අපි නැවතත් පොලිස් පරික්ෂක දයානන්ද මහත්තයා කියන කතාවට සවන් දෙමු.   


 “මෙම ගල ගොඩට ගත්තාට පස්සේ මම ඒක අල්ලා බලන්න හැදුවා. ඔවුන් කිව්වා දැන්ම ඒක අල්ලන්න එපා ඒතරම්ම බලගතු මැණිකක් කියා. ඒ නිසා මම ඒ වෙලාවේ ඇල්ලුවේ නැහැ. පස්සේ තමා ඇල්ලුවේ. මෙම ගල ජාතික ස්වර්ණාභරණ හා මැණික් අධිකාරියට පරික්ෂණ සඳහා ඉදිරිපත් කර පරික්ෂණයක් සිදුකරනවා. මෙය නිල් පැහැති ග්‍රෑම් 250 ක් පමණ බරකින් යුක්ත බව හෙළිවුණා. මෙය ගොඩගත්තාට පස්සේ ලොකු වැස්සක් පතිත වුණා.   
 නිධානය ගොඩගත්ත ස්ථානය හා ඒ අවට මම ඩිජිටල් කැමරාවකින් ෆොටෝ ගත්තා. මගේ ඒ කැමරාවේ අමුතු තාලයේ දීප්තිමත් එළියක් දක්නට ලැබුණා” යැයිද පොලිස් පරික්ෂකවරයා කීය.  


සැකකරුවන් දෙදෙනා ආණමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 17 දක්වා රිමාන්ඩ් බාරයට පත්කෙරිණි.   


 වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන සහ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන යන මහත්වරුන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ පුත්තලම කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේන සහ සහකාර පොලිස් අධිකාරි එස්.බී.එම්. සන්දනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නලින් ඉන්ද්‍රජිත් දයානන්ද, උපපොලිස් පරික්ෂක පී,එම්.එල්. පතිරණ යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.   
 පොලිස් සැරයන් ධර්මසිරි (41440), කොස්තාපල්වරුන් වන රාජකරුණා (31260), මුදියන්සේ (63079), කැලුම් (71232), නිදර්ශන් (38593) සහ රාජකරුණා (55080) යන මහත්වරුද මෙම පරික්ෂණවලට හවුල් වී සිටිති.  
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යැවූ වර්ණවත් ගල මැණිකක් නොවන බව දන්වා ඇති බවද දැනගන්නට ලැබිණ. 

 

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  

 



අදහස් (1)

නිධානයකින් මැණිකක් ගත්ත හොරු අල්ලන්න ගිහින් පොලිසිය අද්භූත සිදුවීමක් දැකලා

කුමාර් (ගල්ෆ්) Thursday, 16 November 2017 01:03 PM

ඒ ගලට වැඩේ දීලා දැනටම කොපියක් දාලා වගෙයි. නැතිනම් කට්ටඩියෝ බොරුගලක් තියාගෙන ඉන්න ඇති පොලිසියට දෙන්න අහුවුනොත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 319 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 845 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1272 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site