IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ඉරුවාරදය

ලෙඩක හැටි

 

නොමළ ගෙයකින් අබ මිටක් සෙවීම අසීරු ​ෙවන්නා සේ, ජීවිත කාලය පුරාවට හිසරදය නොවැළඳුණු අයෙකු සෙවීම ඉතා අසීරු වේ.  


සෑම විටම භයානක නොවුවද හිසරදය යනු පුද්ගලයා කායිකවත්, මානසිකවත් පීඩාවට පත් කරනා සුලභව දැකිය හැකි රෝගි තත්ත්වයකි.  


මෙවර ලෙඩක හැටි ලිපි මාලාවෙන් දිග හැරෙන්නේ හිසරදය ඇතිවීමට හේතුවක් වන ඉරුවාරදය පිළිබඳවය.   


ලොව ජනගහණයෙන් සියයට 12 කට වැඩි පිරිසක් ඉරුවාරදයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇත.  


ඕනෑම වයසක පසුවන්නෙකු ඉරුවාරදය වැළඳීම සුලබ වුවද මැදිවයසේ කාන්තාවන් අතර ඉරුවාරදය බහුලව දක්නට ලැබේ.  


රෝග ලක්ෂණ  


1. හිසරදය  


ඉරුවාරදය හේතුවෙන් ඇති ​ෙවන හිසරදය හිසේ එක් පැත්තකින් ආරම්භ වී හිස පුරා පැතිරෙන වේදනාවක් ලෙස පැවතිය හැකිය.  


මෙලෙස ඇති වන හිසරදය පැය 4-72 කාලයක් පැවැතීම ප්‍රධාන ලක්ෂණයකි. වරක් ඇති වන හිසරදය නිතර ඇති වීමට පුළුවන.  


2. වමනය, ඔක්කාරය.  


3. හිරු එළියට සහ ශබ්දවලට අධික ලෙස සංවේදී වීම.  


4. ඉක්මනින් තරහා යෑම ආදි රෝග ලක්ෂණ ඇති විය හැක.  


ඉරුවාරදය බහුලව දැකිය හැකි අවස්ථා  


මෙලෙසින් ඇති වන හිසරදය පූර්ව දැනුම් දීමේ ලක්ෂණයක් නොමැතිවද  පූර්ව දැනුම්දීමේ රෝග ලක්ෂණද සහිතවද ඇති වීම සුලභව දැකිය හැකිවීම විශේෂත්වයකි.  


පූර්ව දැනුම්දීම් සහිත ඉරුවාරදයේදී ඇතිවන රෝග ලක්ෂණ  


1. පෙනුම හා සම්බන්ධ රෝග ලක්ෂණ. මෙහිදී ඇසෙහි දෘෂ්ඨියේ කොටසක් නොපෙනී යාම, එළි හා ඉරි ආදී දිස්වීම සහ දෘෂ්ඨිය හා සම්බන්ධ අනෙකුත් ගැටලු ද දක්නට ලැබේ.  


2. අත්වල සහ මුහුණේ ඇතැම් ස්ථානවල ඇතිවන හිරිගතිය.  


3. කථනය හා සම්බන්ධ අපහසුතා  


ඉහත රෝග ලක්ෂණ පූර්ව දැනුම් දීමකින් තොරව ඇතිවී, හිසරදය තෙක් වර්ධනය නොවී ඉබේම සුවපත් විය හැකිය.  


ඉරුවාරදය ඇති විය හැකි දුර්ලභ ආකාර  


ඔසප් වීම හා සම්බන්ධ ඉරුවාරදය

 

ස්ත්‍රීන්ගේ ඔසප් කාලයේදී නිරතුරුවම ඇති වන මෙම හිසරදය, මෙම ස්වාභාවික ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ සුවපත් වේ.  


උදරගත වේදනාව ලෙස ඇති වන හිසරදය  


මෙම තත්ත්වය බහුලව දැකිය හැකි වන්නේ ළමුන් අතරය. මෙහිදී හිසරදය ඇතිව හෝ නැතිව උදරගත වේදනාව පැවැතිය හැකි අතර ඇතැම් විට ඔක්කාරය සහ වමනයද ඇති වීමට පුළුවන.  


නව යොවුන් වියේ පසුවන්නන්ට ඉරුවාරද තත්ත්වයක් ඇතිවීමට වැඩි නැඹුරුවක් තිබේ.  


දෘෂ්ඨියේ වෙනසක් සමඟ ඇති වන ඉරුවාරදය 


එක් ඇසක පෙනුමේ අඩුවක් ලෙස ඇති වෙන මෙම ඉරුවාරදය ටික දිනකින් ඉබේම යථා තත්ත්වයට පත් වේ. දෘෂ්ඨියේ වෙනසක් අැති නිසා, බොහෝ පිරිසකට මෙය ඉරුවාරදය, අක්ෂිය හා සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක්ද යන්න නිවැරදිව හඳුනාගත නොහැකි වේ. මෙම අවස්ථාවේදී සාමාන්‍ය දෘෂ්‍ඨි පරීක්ෂාවක් සිදුකළද ඇසෙහි රෝගී තත්ත්වයක් හඳුනාගත නොහැකි වේ.  


ශරීරයේ එක් පැත්තක අඩපණ විමෙන් ඇති වන ඉරුවාරදයද දුර්ලභව දැකිය හැකි රෝගී තත්ත්වයකි.  


ඉරුවාරදය හේතුවෙන් ඇතැම් රෝගීන්ට ඇතිවන මෙම රෝග ලක්ෂණයේදී ශරීරයේ එක් පැත්තක් අඩපණ වීමට පටන් ගැනෙනු අතර පැය ගණනකින් හෝ දවස් ගණනකින් රෝගී තත්ත්වය සුවපත් වේ. මෙය අංශබාග තත්ත්වයක් වන්නේ නැත.  


5. ඉරුවාරදය ඇති විය හැකි තවත් අවස්ථාවකි කැරකැවිල්ල සමඟ රෝගී තත්ත්වය මතුවීම. මෙහි මූලිකම රෝග ලක්ෂණය වන්නේ කැරකැවිල්ල සමඟ ඇතිවන හිසරදය විනාඩි 5 කාලයේ සිට පැය 72 ක කාලය දක්වා පැවැතිය හැකි වීමය.  


ඉරුවාරදය ඇති වීමට බලපාන හේතු  


විවිධ හේතූන් මත ඉරුවාරදය ඇති වන බවට වෛද්‍ය විද්‍යාත්මකම කරුණු පෙන්වා දුන්නද, රෝගයට නිශ්චිතවම බලපාන හේතූන් සෙවීම අදටද පර්​ෙ‌ය්ෂණ මට්ටමින් සිදුවේ.  


කෙසේ නමුත් දැනට සොයා ගෙන ඇති කරුණු අනුව, මොළයේ ඇති රුධිරවාහිනිවල පවතින විෂ්කම්භයේ වෙනස් වීම් ඉරුවාරදය ඇති වීමට බලපාන හේතූන් අතර වේ.  


මොළයේ ස්නායු සම්බන්ධ රසායන ද්‍රව්‍යයන්හි සංයුතියේ ඇතිවන වෙනස් වීම්ද, ඊස්ට්‍රජන් නමැති හෝමෝනයේ සිදුවන වෙනස්වීමද, ඉරුවාරදයට බලපාන හේතූන් ලෙසට හඳුනාගෙන ඇත.  


ඉරුවාරදය ඇති වීමට බලපාන සාධක  


1. හිතකර නොවනා කෑම, බීම ගැනීම (උදාහරණයක් ලෙසට කැ​ෙෆ්න් අඩංගු පාන වර්ග, චීස්, චොක්ලට්, පිටි සහ තෙල් අධික ආහාර)  


2. නියමිත වේලාවට ආහාර නොගැනීම.  


3. ඇතැම් හො​​්මෝන අඩංගු ඖෂධ භාවිතය.  


4. ප්‍රමාණවත් නින්දක් නොලැබීම හෝ වැඩිපුර නිදා ගැනීම.  


5. මානසික ආතතිය.  


රෝග නිර්ණය  


ඉරුවාරදය රෝගියාට ඇතිවන රෝග ලක්ෂණ අනුව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා නිශ්චිතව නිර්ණය කර ගැනීම ඉතාම වැදගත්ය. ඉහතින් සඳහන් කළ රෝග ලක්ෂණ වලට අමතරව රෝගියෙකුට මේ හා සම්බන්ධ වෙනත් රෝග ලක්ෂණ ඇතිනම් මොළයේ ස්කෑන් පරීක්ෂාවක් කර ගැනීම ඉතා ඉක්මනින් සිදුකළ යුත්තකි.  


ප්‍රතිකාර ක්‍රම  


ඉරුවාරදය සඳහා නිශ්චිත ප්‍රතිකාර ක්‍රම ඇතත්, බොහෝ රෝගීන්, රෝග නිවාරණයට භාවිත කරනුයේ වේදනානාශක ඖෂධය.  


මෙහිදී රෝගීන් දැනුම්වත් විය යුතු විශේෂ කරුණක් තිබේ. එනම්, නිරතුරවම වේදනානාශක පෙති ගැනීමද හිසරදය ඇතිවීමට බලපෑ හැකි බවය.  


ඉරුවාරදය ඇති විට ගැනීමට සහ ඉරුවාරදය දිගින් දිගටම එ්ම වැළැක්වීමට දෛනිකව මාස 4-6 භාවිත කළ යුතු ඖෂධද රෝගී සුවතාව වෙනුවෙන් නිර්දේශ කෙරේ.  


ඉරුවාරදය ඇති රෝගියෙකු වෛද්‍ය නිර්දේශය මත, නියමිත මාත්‍රාවෙන් නියමිත වේලාවට ඖෂධ ලබාගත යුතු බව මතක තබාගත යුතු කරුණකි. හිසරදය සුළු රෝගයක් ලෙස සිතා හිතුමතේ ඖෂධ ලබාගැනීම අතුරු ආබාධ රැසකට අතවැනීමක් විය හැක.  


ඖෂධ පෙති මගින් සුව නොවනා රෝගීන්ට ඇතැම් විට වෛද්‍යවරුන් ඖෂධය එන්නත් රෝග නිවාරණය වෙනුවෙන් නිර්දේශ කෙරේ.

 

 

 

 

 

 

 

 

සටහන
අසුන්තා එදිරිසූරිය



අදහස් (2)

ඉරුවාරදය

Tharindu sahan Wednesday, 01 May 2019 02:32 PM

මේ ලෙඩේ හොඳ කරන්න බැරිද?

:       6       20

රුක්ශලා හංසනී. Tuesday, 18 May 2021 02:06 AM

ඉරුවාරයදය රෝගය පිළිබදව වැඩි දුරටත් දැනුන් දීම පිලිබදව ස්තූතියි. මමත් එම රෝගයෙන් පෙලෙන අයෙක් වෛද්‍ය උපදෙස් වලට අමතරව , තවත් මේ වගේ දැනුවත් කිරීම් ඉතාමත් වැදගත්. මේ අකාරයට සියලුම රෝග පිළිබදව දැනුවත් කිරීමක් කල හැකි නම් රෝගීන්ට හුගාක් පහසුවෙන් සුවපත් වෙන්න පුලුවන් .

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

ගාල්ලේ ත්‍රෛභෂික ලිපිය හා පාණදුරා වාද ලේඛනය ලෝක උරුමයක් වෙයි
2025 මැයි මස 08 40 0

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත


සබරගමු සරසවි සිසුවා සියදිවි නසාගත්තේ නවක වදය නිසාද
2025 මැයි මස 08 47 0

නවකවදය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළි කතාබහක් ඇතිව තිබෙන්නේ පසුගිය 29 වැනි දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ 22 හැවිරිදි


තීරුබදු යුද්ධය ලෝකය කළ දේ සහ අප නොකළ දේ
2025 මැයි මස 08 16 0

දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු‍ රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, ය


සිරි දළදා වන්දනාව පසු විපරම
2025 මැයි මස 08 26 0

වසර දහසයකට පසු පැවති සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන් වූයේ ඉකුත් 27 වැනිදායි. වසර දහසයක් වැනි දීර්ඝ කාලයක් බෞද්ධ බැතිමතුන්ට එම අවස්ථාව නොලැබීම ද මෑත ඉතිහ


ඇමෙරිකා වෙළෙඳපොළට ලංකාව ඇතළු වූ හැටි
2025 අප්‍රේල් මස 30 103 0

ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයනය ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධානතම අංගයකි. වසර දෙකකට පෙර ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්‍ෂ පහක සේවක පිරිසක් රැකියාවේ නිරතව සිටියත් මේ වන


සත්සරට සාධාරණයක් වෙයිද?
2025 අප්‍රේල් මස 30 68 0

“අනේ බුදු සර් මට මගේ දරුවගේ මිනිය එක වතාවක් හරි ඉඹින්න දෙන්න. මට මොනව උනත් කමක් නැහැ. මගේ දෙයියෝ....මගේ සුදු පුතේ ....මගේ ෂෂී....ඔයාගේ අතට දුන්න රෝසමල් පොකුර වග


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1247 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1522 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site