(නාලක සංජීව දහනායක)
එදා සමාජ විප්ලවයක් ලෙස ජනාධිපතිවරයා හැඳින්වූ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද රටටම කොඩිවිනයක්ව පවතින්නේ යැයි ජනාධිපතිවරයාගේම ප‍්‍රකාශවලින් වැටහෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (8) පැවැසීය.
යම් හෙයකින් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට කඩා වැටී ඇත්නම් එයට ජනාධිපතිවරයා ප‍්‍රමුඛ වත්මන් රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතු යැයිද ඔහු කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ අද (8) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව සංශෝධනය කිරීම හරහා අනාගයේදී බල අරගලයක් නිර්මාණය විය හැකි බැවින් ව්‍යවස්ථා සංශෝධනයට පෙර අනිවාර්යයෙන්ම මැතිවරණ ක‍්‍රමය වෙනස් කළ යුතු බවට එදා තමන් පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන් බව කී මහාචාර්යවරයා ජනාධිපතිවරයා එදා එම අදහසට එකඟතාවය පළකළානම් රට තුළ මේ ආකාරයට අස්ථාවර බවක් නිර්මාණය නොවන බවද කීය.
මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමේ 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සංශෝධනය සති දෙකක් ඇතුළතදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා එදා කළ ප‍්‍රකාශය විශ්වාසකරමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය පළ කළ බව මහාචාර්යවරයා කීය. නමුත් අවුරුදු හතරක් ගතවූ පසුවත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට නොහැකි වූ නිසා අද රටම අවුල් ජාලාවක්ව තිබෙන බවත් එබැවින් මෙම අර්බුදයට සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා වගකිව යුතු බවත් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවැසීය.
ජනාධිපතිවරයා අද කුමක් කීවද 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තම බලතල අත්හැරීම හේතුවෙන් තමන් ඉතිහාසගතවන බවට ඔහු එදා දැඩි ආඩම්බරයකින් යුතු කතාකළ බව කී මහාචාර්යවරයා ජනාධිපතිවරයා ඇතුළු බොහෝදෙනෙකු මෙම ව්‍යවස්ථා සංශෝධනය සමාජ විප්ලවයක් ලෙස හැඳින්වූ බවද සඳහන් කළේය. එහෙත් අද එය කොඩිවිනයක් බවට පත්ව තිබෙන බව පැහැදිලිව පෙනේනට තිබෙන බවද හෙතෙම පැවැසීය.
එමෙන්ම ජනාධිපතිධූර කාලය අවුරුදු හතරකට සීමා කළ යුතු බවට ප‍්‍රකාශ කළ ඒ මහතා මේ වනවිට සිය ධූරකාලය පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සූදානම් වන බවද කීය. එහෙත් පාර්ලිමේන්තුවේ සම්මතවූ කිසියම් නීතියකට කතානායකවරයා අත්සන් තැබූ පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැතැයිද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවැසීය.
පළාත් සභා මැතිවරණ පනතට එරෙහිව අධිකරණයට පැමිණිලිකළ අවස්ථාවේදී කතානායකවරයා අත්සන් කළ පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට බලයක් නැති බවට එවකට සිටි නීතිපතිවරයා වූ ජයන්ත ජයසූරිය මහතා විසින් ප‍්‍රකාශ කර තිබෙන බව කී මහාචාර්යවරයා එම ප‍්‍රකාශය උඩුයටිකුරු කර ඊට හාත්පසින්ම වෙනස් තර්කයක් ගොඩනැගීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැතැයිද කීය. එක් පුද්ගලයකුගේ අභිලාශයන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්තියට හානි කිරීමට ඉඩ නොතබන බවද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
COMMENTS
මේක කොඩිවිනයක් හැටියට පේන්නේ විධායකයේ රස වැටුණට පස්සෙ ඒක දාල යන්න අකමැති මෛත්‍රීටත් ඒකාධිපතියාේ බලයට ගේන්න හදන ඔහේලා වගේ අයටත් පමණයි. සහයෝගයෙන් වැඩකරන කිසිම කෙනෙකුට එහෙම විය යුතු නැත.
ඔය කියන කොඩිවිනය සංශෝධන වලින් අපු එකකක් නොවේ. ඔය ගොන් රැල මුළු රටටම කොඩිවිනයක්, අප්පච්චිට කියලා කරගන්න. තිබුණා නේද? මේවා ඒ දවස්වල කටවල් වහගෙන ඉඳලා... දැන් 10-20 ගණන් කරනවා. මෛත්‍රී ව්‍යවස්ථාවට පිටුපාලා මහින්ද අගමැති කෙරුවා ඉර බැස යනකොට... සේරම නඩේ ගුරාලා කෙල හලාගෙන දිවුරුම් දීලා අැමතිකමුත් ගත්තා. මලපෙරේත තටු ටික කපලා කට්ටිය එලෙව්වා ජනතාව. එදා ඒ කරපු වැරදි වැඩේ හරියි කියලා කිව්වා.... මොකද රජ්ජුරුවෝ නිසා, මොවුන්ගේ අැටනැති දිව හැම පැත්තටම පෙරලන්න පුළුවන්..., ඇටත් නැහැ, දතුත් නැහැ... අනිත් ඒවත් නැති නිසා... තමයි මේ වගේ කතා කියන්නේ... මම වගේ කට පණ, කොන්ද පණ, දැඩි නීති රීති... පිළිපදින නායකයෙක් අපේ රටට ඕනෑ දුප්පත්, මිනිසා ළඟ මුන් ටික දණ ගස්සන්න ඕනෑ බලමු...
19ය කිසිම කොඩිවිනයක් නොවේ. රටට කොඩිවිනය කලේ සාටකලායි. ඒවා ලියන්න ගියොත් කාලය ගෙවිලා යනවා කරපු කොඩිවින ඉවර නොවීම... පාලකයෝ බෙදාගත්තා හොඳටම ඇති... දැන් පීඩිත පන්තිය බෙදාගෙන ඔලුව උස්සාගන්න අවස්ථාව උදාකරගනිමු.
19ඒ සංශෝධනය වඩාත් ශක්තිමත් වී ඇත.
රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කල යුත්තේ රටේ ජනතාවට අවශ්‍ය පරිදි විනා පක්ෂ නායකයන්ගේ කැමැත්තට නොවෙයි. මේ සංසෝධනය වහා ජනමත විචාරණයකට ලක්කළ යුතුය.
19 හොඳම නැතත්...18 නිසා රටට වෙන්න තිබුණු බරපතල විනාශය වැලකුණු එකම වටිනවා.. වරද ජනාධිපතිවරණයදී ජනතාව කීවේ ඒකාධිපති පාලනය එපා කියලා.. ඉතිං GL වැනි ඒකාධිපති අරමුණු වෙනුවෙන් පෙනී සිටින මහාචාර්යවරුන්ට වඩා සාමාන්‍ය දැනුවත් මිනිස්සුන්ට 18 ට වඩා 19හොඳයි. තවදුරටත් සාධනීය යහපතක් වේ යයි සිතන ව්‍යවස්ථාවක් මිස රටට පැරැණි ඒකාධිපති පාලනයට ඉවහල් වෙන ක්‍රමය එපා.