IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


හිරුණිකාගෙන් ජනපතිට ලිපියක්

(ඩයනා උදයංගනී)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීම රටේ පවතින නීතිය හෑල්ලුවට ලක්කිරීමක් බව භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

තමා අදහන බුදුදහම අනුව දුමින්ද සිල්වා මහතාට සමාව දී අවසන් බවත්, එසේ වුවත් රටේ පවත්නා නීතිය නොකඩා ආරක්ෂා කිරීම පාලකයන්ගේ වගකීමක් බවත් ඇය සිය ලිපියේ සඳහන් කර ඇත.

‘ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ මහාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනකු ලබාදුන් තීන්දුව කුණුකූඩයට විසි කර දමමින් අවසන් තීරණය ගන්නේ ඔබතුමා නම් මේ රටේ නීතියක් කුමකටද?’ යනුවෙන් ඇය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන්ය. එක් රටක් -- එක් නීතියක් තේමාව යටතේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ජනාධිපතිවරයා හිතුමතේ වැරදිකරුවන් නිදහස් කරන්නේ නම් රටට සිරගෙවල්, නීතියක් හා විනිසුරන් කුමකටදැයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය ලිපියේ සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා කිහිප දෙනෙකුගේ අතකොලුවක් බවට පත්ව ඇති බවත්, එසේ නොවී ඔහු මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යූ, පූටින් වැනි නායකයන්ගේ සංකලනයක් යයි සිතා 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දුන් ජනතාවගේ යහපත වෙනුවෙන් කෙලින් තීරණ ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය යොමු කළ ලිපියේ දැක්වේ.

දුමින්ද සිල්වා මහතා ඉදිරියේදී මහඇමති අපේක්‍ෂකයකු ලෙස හෝ දේශපාලනයට ගෙනැවිත් ජයග්‍රහණය කළ ද තමා පුදුම නොවන බවත්, ජනතාව අයුක්තිය නැමති යදම් බිඳදා නැගී සිටින දිනය වැඩි ඈතක නොවනු ඇති බවත් ඇය කියා සිටී.

 



අදහස් (11)

හිරුණිකාගෙන් ජනපතිට ලිපියක්

Sri Lanka Thursday, 24 June 2021 10:17 PM

ඕක තමයි ලංකාවේ සිස්ටම් එක... හැමෝම කරන්නේ තමන්ට ඕනෑ දේ... ඔබත් ඇතුළුව පවුල් දේශපාලනයක් ලංකාවේ තියෙන්නේ. සුදුස්සෝ හිරේ... නැතිනම් රට හැරගිහින්...

:       0       0

gunarathna Friday, 25 June 2021 07:08 AM

මොනවද දන්නේ නැ ලිව්වේ නේද

:       0       0

මුණසිංහ Friday, 25 June 2021 07:29 AM

නීතිය හෑල්ලුවට ලක් වුනේ කෙහොමද කියලා ඔයාගෙ අතිජාත රන්ජන් කියලා දුන්නේ නැතිද?

:       0       0

69 lakshaya Friday, 25 June 2021 07:44 AM

අපේ සර්, එක රටක්, එක නීතියක් කියලා කිව්වා.. 69 ලක්ෂයක් අපි ඡන්දෙ දුන්නා.. මෙහිදී ඔහු එක නීතියක් ලෙස අදහස් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිය නොවන බවත්, ඔහුගේ නීතිය බවත් ඔබතුමියට නොවැටහුණාට 69 ලක්ෂයේ අපට නම් වැටහෙනවා. ලබන ඡන්දෙට අපට බොන්න අරක්කු භාගයක් දීලා කන්න බත් පැකට් එකක් දුන්නු ගමන් අපේ සර්ට ඡන්දෙ දෙනවා.

:       0       0

Game Kolla Friday, 25 June 2021 08:40 AM

නඩු වාර්තාව අනුව, දුමින්ද සිල්වා ගැටුමට සම්බන්ද වුවද වෙඩි තැබීමට සම්බන්ද වී නොතිබිනි. එ කල වුවද නීතිය පිළිබදව විද්වුතුන් පවා සදහන් කර තිබුනේ ඔහුට මරන දඩුවම ලබැ දිය නොහකි බවයි.

:       0       0

Bamunuarachchi Friday, 25 June 2021 11:02 AM

ජනාධිපතිතුමනි, අල්පොන්සෝගේ හඬපටය තවවරක් දෙකක් ප්‍රචාරය කළාම ඔය ඉල්ලීම් ඒ ගොල්ලන්ම කුණුකූඩ වලට දා ගනී...

:       0       0

Asanga Friday, 25 June 2021 11:35 AM

ඔබ හරි රටේ නීතිය හැල්ලුවට ගිහින් තියෙන කාලයක් වෙන දැක්කෙම නැ

:       29       139

Nimal Friday, 25 June 2021 01:15 PM

ඔය ලියුම කුනු බක්කියට දාන්න ඇතිි

:       22       148

BamunuarachchiMonday, 28 June 2021 06:31 PM

නැතුව දුම් අල්ල අල්ල තියා ගන්නයෑ. නිකන් නොවෙයි ඉරලා කුණු කුඩේට දාන්න ඇති...

:       0       1

sampath Saturday, 26 June 2021 05:28 PM

ඔබට බලය තිබුණු කාලේ කළ කී දේ අපි පත්තරවල කියෙව්වා.. තමන්ගේ ප්‍රශ්නෙකදී වගේම අනුන්ගේ ප්‍රශ්නයකදීත් මෙහෙම හිතුවා නම් අපිත් අනුමත කරනවා.

:       2       5

Bamunuarachchi Sunday, 27 June 2021 10:09 AM

දැන් රන්ජන්ගේ හඬපට ගැන කතා නැහැ. හිරුනිකාට තුවාලයක් වෙයි කියලා වෙන්න ඇති...

:       0       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 366 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site