IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හරක් කටාගේ ගෝලයෝ හතක් කුඩුත් සමග මාට්ටු

(යොහාන් භාසර සහ සුමිත් ප්‍රේමතිලක)

‘‘හරක් කටා‘‘ නැමැති ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුගේ මත්කුඩු ජාවාරම මෙහෙයවන බැව කියන ප්‍රධාන පුද්ගලයන් හත් දෙනකු රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සහ රුපියල් හත් ලක්ෂ විසිදහසක මුදලක් සමග අද (16) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර මාතර සහ වැලිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පස් දෙනෙකු, හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු සහ නිට්ටඹුව ප්‍රදේශයේ කාන්තාවක් ද වන බැව් පොලීසිය කියයි .

මාතර ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු සතුව හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 190 ක් සහ 160 ක් ද, වැලිගම ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනා සතුව හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 140 ක්, 100 ක් සහ 60 ක් තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත්ව ඇති නිට්ටඹුව ප්‍රදේශයේ කාන්තාව ජාවාරමට සම්බන්ධ මුදල් පරිහරණය කරන තැනැත්තිය බවත්, හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පත්වූ පුද්ගලයා සතුව රුපියල් හත් ලක්ෂ විසිදහසක මුදලක් හා ක්‍රෙඩිට් කාඩ් විශාල ප්‍රමාණයක් තිබූ බව වැටලීමට එක්වූ පොලිස් නිලධාරියෙක් කීය.

මාතර පොලිසියට සැකකරුවන් දෙදෙනකු , වැලිගම පොලිසියට සැකකරුවන් තිදෙනෙකු භාරදී ඇති අතර , හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයා සහ නිට්ටඹුව ප්‍රදේශයේ කාන්තාව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබේ.

මෙම ගිණුම් හරහා සතියකට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් ගනුදෙනු වී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

හරක් කටාගේ ගෝලයෝ හතක් කුඩුත් සමග මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site