(නිමන්ති රණසිංහ)
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (6) නියෝග කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියානු අගමැතිට පල් හොරා පල් හොරා කියල බැනපු මිනිහෙක් අල්ලාගෙන ඇවිත් හිරේ දැම්මලු. ඇමෙරිකානු ජනාධිපති ඒ ගැන මෙහෙම කිව්වා. "ඒ තැනැත්තා රුසියාවෙන් හිරේ දැම්මේ කාරණා දෙකකට. එක රටේ අගමැතිට බැණ වැදීම, දෙක රාජ්‍ය රහසක් හෙලිකිරීම". ඒ වගේ මේ දෙන්නා හිරේ යන්නේ කාරණා දෙකකට. එක ආරක්ෂක විධි විධාන කඩකිරීම, දෙක පහුගිය ආණ්ඩුවේ හිතවත්තු වීම.
ඉල්ලන් කෑ නිලධාරීන්.. මේවා හොද පාඩම් අනිත් රාජ්‍ය සේවකයෝන්ටත්. වැදගත් ලිපි තමන්ට ඉහළින් සිටින නිලධාරීයාට භාරදුන් පසුව සැමවිටම අත්සන් ගන්න. දේශපාලනය කරන අය හෝ ඉහළ නිලධාරීන් කතා කරලා අරම කරන්න මෙහෙම කරන්න කියන දුරකථන පනිවිඩ රෙකොර්ඩ් කරලා මතු ආරක්ෂාවට තියාගන්න. මොකද දේශපාලනය කරන අය බලන්නේ එයාලා බේරිලා නිලධාරීන් පිටින් ඔක්කොම යවන්න. දැක්කනේ රන්ජ්න්ගේ සිද්ධියේදිත් පොලීසිය පාවා දුන්නහැටි දේශපාලන නරුමයෝ විසින්.. නුවර පැත්තේ මනුස්සයා සහ මාතර මනුස්සයාගේ කතාවෙන් ඒකහොදට පැහැදිලියි.
අනේ මේ දෙන්නවත් එළියට දාන්න.
තනතුරක වරප්‍රසාද විතරක් අරගෙන වගකීම ඉෂ්ඨ නොකරන නිලධාරීන්ට හොඳ වැඩේ. මොකද මේ ගොල්ලන් පඩි ගත්තෙත්, වරප්‍රසාද ලබාගත්තෙත් මහනජයාගෙන්... ඉතින් තමන් පඩි ගන්න මහජනයාට නිසි සේවය ඉටු නොකර හිටියාම මෙහෙම වෙනවා. හැබැයි ඉතින් මේ අය විතරක් නෙමෙයි තව මේකට වගකියන්න අය ඉන්නවා.
රජයේ රස්සාව හරියට අත්දෙක බැඳලා පිහිනුම් තටාකයකට දැම්මා වගේ. ආයතන සංග්‍රහයට එකට මුල්‍ය සංග්‍රහයට අනුව වැඩ කරන්න ඕනේ. ඊළඟට දේශපාලකයෝ වැරදි වැඩ කිවව්ම ඒක කළේ නැත්තම් තව ලෙඩක්. ඒක හින්දා පුම්බන්න පුළුවන් මිනිහව පුම්බනවා. ලොක්කන් එදිරියේ දණින් වැටෙනවා.
තමන් බේරෙන්න කරපු වැඩේ මේ ආණ්ඩුවත් ඇදගෙන දුවනවා .