(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රට තුළ ඇති වී තිබෙන ව්‍යවස්ථාදායක අර්බුදයට විසඳුමක් ලබා ගැනීමට අධිකරණයෙන් දිය හැකි හොඳම විසඳුම වන්නේ ජනතාවට සිය ජනතා පරමාධිපත්‍යය අනුව කටයුතු කරන්න අවස්ථාව ලබාදීම යැයි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව ඉදිරිපත් වූ පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (6) තෙවැනි දිනටත් විභාගයට ගැනීම ආරම්භ කළ අතර එහිදී මෙම පෙත්සම් වලට එරෙහි අතරමැදි පෙත්සම්කාර මහාචාර්ය ජගත් වැල්ලවත්තගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥවරයා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතීඥවරයා මෙසේ ද කීය.
මෙවැනි ව්‍යවස්ථාදායක අර්බුදයකදී කළ යුත්තේ ජනතාවටම සිය පරමාධිපත්‍යය බලය අනුව කටයුතු කිරීමට අවස්ථාව ලබා දීමයි. ඒ නිසා ඇති වී තිබෙන මේ අර්බුදයට විසඳුමක් ලබා දෙන්නැයි අපි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී වගඋත්තරකාර පාර්ශ්වය පවා ඡන්දය ලබා දී තිබෙනවා.
මෙවැනි ව්‍යවස්ථාදායක අර්බුද හා සමාන අර්බුද වරෙක ඉන්දියාවෙත් ඇති වූවා. එවිට එරට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යෝජනාවක් සම්මත කරගෙන ජනාධිපතිවරයා හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මහ මැතිවරණයකට ගියා. ඒ අනුව මේ අර්බුදය නිම කරන්න අධිකරණය විසින්. ජනතාවටම අවස්ථාව ලබා දිය යුතුයි.
මැතිවරණයකට යන්න ඕනේ නැහැ කියන්නේ මැතිවරණයකට යන්න බය අයයි, ඒ වගේම ජනතාව අතරේ විශ්වාසය නැති අය යැයි ද ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා කීය.
අතරමැදි පෙත්සම්කාර මහාචාර්ය ජී.එල්.පීරිස් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතාද , උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා දැන්වත් ඔය තුන් කට්ටුවේ කඹ ඇදිල්ල නවතලා මහජනතාව වන අපට ඉඩ දෙන්න අපේ ස්වාධීන මතය ඉදිරිපත්කර රටේ ස්වාධිපත්‍ය රැකගැනීමට
මේක ජනතාවගේ පරමාධිපත්‍යය අවභාවිතය කිරීම සම්බන්ධ නඩුවක්. නැවත ඡන්දෙකට ගිහින්, එතැනදී පත්වෙන පාර්ලිමේන්තුවත් පහුවෙනිදාම මේ විදිහටම විසුරවා හැරියොත් හෝ තමන් කැමති කෙනා ජයග්‍රහණය නොකළ නිසා අගමැතිකෙනෙක් පත් නොකර උන්නොත් එදාටත් ආයේ ඡන්දෙකට යන්නද කියන්නේ. ප්‍රශ්නය විසඳන ආකාරය අහගන්න නොවෙයිනේ අධිකරණයට ගිහින් තියෙන්නේ. ජනාධිපති විසින් ඇතිකර තිබෙන තත්වය නීතියට එකඟද නැතිද කියලා දැනගන්නනේ. මේ අර්බුධය මැතිවරණයකින් විසඳන්න බැහැ. දේශපාලන වාසිබලාගෙන සමහරු ජනාධිපතිවරණත් ඉල්ලනවා.
මැතිවරණ තියන්න ඕන කියන්න මෙයා කවුද? මැතිවරණ වලට සල්ලි දෙන්නේ මෙයාද?
මැතිවරණයකට යන්න බයද කියා අහනවා? සත්තකින්ම බය වෙන්න ඕනේ අධිකරණ තීන්දුවලටත් අභියෝග කරමින් බලහත්කාරකමින් කටයුතු කරනවා නම්... මොවුන් බලය අතේ තියාගෙන විනාඩියෙන් විනාඩිය කියන කියන දෙය වෙනස්කරන නායකයාගේ සහයෝගයත් ගෙන ඡන්දයක් තැබුවොත් කොහොම කරයිද?
පාර්ලිමේන්තුව විසුරුවන්න ඕන හරි ක්‍රමයට. ඔක්කොම පටලාගෙන පිළිතුරු දෙන්නේ.
2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනතාව බලය දුන්නේ අවුරුදු පහකට මහත්තයෝ.... එය අතරමගින් කඩාගෙන හොඳම විසඳුම ජනතා පරමාධිපත්‍යයට ඉඩදීමයි කියන්නේ මොකක්ද? ඔබ කියන විදියට වැඩ සිද්ධවුනොත් අනාගතයේ කිසිදා විසඳීමට නොහැකි ප්‍රශ්ණ ඇතිවෙිවි. ඔබේ රැකියාවට ඔහොම කිව්වත් ඔය කියන ලෙසට කටයුතු කිරීම රටට සුදුසුනැහැ
උගත් උනත් මෝඩ තර්ක ගේන්නේ..... ඡන්දේ තියලැ යූඇන් පී එක ජය ගත්තොත් එදාට මොකද? කරන්නේ............... මෙයා කතා කරන්නේ ජනතා පරමාධිපත්‍ය නොවෙයි.....
ගැටලුව කරපු වැඞේ හරිද වැරදි කියල බලන එක බව මේ පුද්ගලයට තේරෙන්නේ නැති නිසා අදාල නැති දේවල් දොඞෝනව.
ජනතාව පාර්ලිමේන්තු ඡන්දයක් ඉල්ලා සිටියේ කවදාද? ඡන්දයක් ලබාගන්න ව්‍යාජ පරමාධිපත්වයක් ගැන හැමෝම කතාකරනවා.
මේක ජනතාවට විසදන්න බැහැ. ජනතාව කවද්ද හරි තීරණයක් ගත්තේ. හැමදාම රැවටුනා මිසක්. ජනතාව බිල්ලට අරගෙන් එයාල බලයට ආපු එක විතරයි වුනේ.