IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


හේන් ඉඩම් යළි ඉල්ලා අම්පාරේ ගොවීහු උද්ඝෝෂණය කරති

(නවරත්න සමරතුංග)
වසර ගණනාවක් තිස්සේ තමන් බුක්ති විඳින ලද නාමල්ඔය බී සහ බී දෙක කොටසේ හේන් ඉඩම්  නැවත දෙන්නැයි බල කරමින් අද (07) අම්පාර බිබිල මාර්ගයේ නාමල් තලාව මංසන්ධියේදී ගොවීන් පිරිසක් උද්ඝෝෂණයක නිරතවූහ.
 
 අක්කර 35 ක පමණ භූමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම හේන් ඉඩම් නඩත්තු කරමින් තම දරුපවුල් පෝෂණය කර ගත් නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මායිම්ගල් දමා එම ඉඩම් අත් පත් කරගෙන ඇති බවත් මේ හේතුවෙන් වගා කන්න දෙකක් තමන්ට ජීවනෝපාය මාර්ග නැතිවී ගිය බවත් ගොවීහු සඳහන් කළහ.
 
ඉඩම් නිදහස් කරදෙන ලෙස පාඨ කියමින් හා ඉල්ලීම් සදහන් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු ඝෝෂා කළහ.
 
 මේ අතර වන ජීවී වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා නියෝජනය කරමින් මෙම ස්ථානයට පැමිණි පොලොන්මාරුවේ සුමන රතන හිමියන් එම ගැටළුව සම්බන්ධව කරුණු විමසා සිටි අතර උද්ඝෝෂකයින් තම ඉල්ලීම් සඳහන් සංදේශයක් ඒ හිමියන්ට භාරදුන්හ.
 
 ඒ අනුව ප්‍රශ්න ගත කරුණ අමාත්‍යවරයා මගින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාවෙත යොමු කර ඉදිර කාලයේදී විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවට දුන් ප්‍රතිඥාව මත පිරිස විසිර ගියහ.



අදහස් (4)

හේන් ඉඩම් යළි ඉල්ලා අම්පාරේ ගොවීහු උද්ඝෝෂණය කරති

විජිත් Monday, 07 September 2020 12:53 PM

කැලෑවේ සත්තුන්ට අයිති ඉඩම් අල්ලාගෙන වගාකරලා.. අන්තිමට ඒ සත්තු ඔවුන්ගේ ඉඩම් හොයාගෙන ඇවිල්ලා වගා විනාශ කරපුවාම. අපේ හේනට අලි ආවා කියලා වැලපෙනවා එහෙම නොවේ. හැම ආණ්ඩුවක්ම කරලා තියෙන්නෙත් ඔය දේමයි. නිසි පරිසර අධ්‍යයනයක් නොකර හිතු හිතු තැන්වල කැලෑ කපන්න මිනිසුන්ට අවසර දුන්නා. වන සතුන්ට උන් හිටි තැන් නැතිවුණා. මත්තල ගුවන් තොටුපොල හැදුවේ කොහේද..? අලි මංකඩවල් වසා දමලා.. අද ඒ අලි හැමතැනම... මේ දේශපාලුවන්ගේ මෝඩ අදහස් නිසා රටම අනතුරේ. ඔබලා හේන් වගාකරනවා නම් අලින්ගෙන් ආරක්ෂා වෙන්න සුදුසු ක්‍රියාමාර්ග ඔබලාම සොයාගත යුතුයි. මොකද ඔබ මේ කරන්නේ අනවසර වගාවක්? සත්තුන්ට අයිති ඉඩමක් උන්ගෙන් පැහැර ගැනීමක්. තමන්ගේ අයිතිය සොයාගෙන අලින් යළිත් එන දවසට.. ඔය දේශපාලුවන් ඔබේ සහායට එන්නේ නැතිබවත් මතක තියාගන්න. ඒ වගේම මෙය මානුෂීය ප්‍රශ්නයක් බව මට නොතේරෙනවා නොවෙයි. ඔබත් අමතක කරන්න එපා මේ ඉඩම කැලෑව මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් අයිති බව.. මිනිසා නීතිය ගැන විශ්වාසය තබනවා වගේම වන සතුන් තම අයිතිය සඳහා සටන් කිරීම ගැන විශ්වාසය තියෙනවා...

:       297       1008

kalumMonday, 07 September 2020 01:27 PM

විජිත් ඔබගේ අදහස් දැක්වීම මම ඉතාම අගේ කරනවා. අද අපේ රටේ බොහෝ දෙනෙක් මිනිසා විසින් සත්වයින්ට කර ඇති අසාධාරණය ගැන කතාකරන්න ටිකක් අකමැතියි. ඔබ පවසා ඇති සියලු දේම මම අගේ කරනවා. ඒ වගේම සතුන්ට ආදරේ සියලු දෙනාම ඔබගේ අදහස අනුමත කරනවා ඇති...

:       136       222

Bamunuarachchi Tuesday, 08 September 2020 06:48 AM

රජයේ ඉඩමක් සුද්ද කර හේනක් වගාකළ පළියට,එහි අයිතිය වගාකළ මිනිහාට ලැබෙන්නේ නැත. එහෙම ඉඩම් සුද්දගේ කාලේ ගම් මැනුමෙන්ම අවසන් කළා.

:       0       1

BamunuarachchiTuesday, 08 September 2020 01:03 PM

එහෙම ගම් මැනුමෙන් නැතිනම් ‘‘බ්ලොක් සර්වේ‘‘ එකෙන් අයිති වූ පිඹුරුවල ලකුණු වූ ඉඩම් වලට යන්න පාර නැතිකම ප්‍රශ්නයක් වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1280 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1229 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 447 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site