(ඩයනා උදයංගනී)
මෙරට දේශපාලනයේ පෙරළිකාරයකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ දි.මු ජයරත්න මහතා මහනුවර පෞද්ගලික රෝහලකදී අද (19) අභාවප්‍රාප්ත විය.
දි.මු ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනුශාසකවරයකු ලෙස මියයන තුරුම කටයුතු කළේය.
ශ්‍රී ලංකාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා වූ දි.මු ජයරත්න මහතා මියයන විට 90 වැනි වියෙහි පසුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි 13 වන සාමාජිකයෙකු වන දි.මු ජයරත්න මහතා පාර්ලිමේන්තුවට මුලින්ම තේරී පත්වූයේ 1970 වසරේ දීය.
1993 වසරේ පිහිටුවන ලද පොදුජන එක්සත් පෙරමුණේ ආරම්භක මහලේකම්වරයා වූ දි.මු ජයරත්න මහතා මියයන තුරුම එම තනතුරද හෙබවීය.
ජයරත්න මහතා මුල්වරට කැබිනට් මණ්ඩලයට ඇතුළත් වූයේ 1994 වසරේදී පිහිටුවනු ලැබූ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ ඉඩම්, කෘෂිකර්ම හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පත්වෙමිනි.
ඉන් අනතුරුව දි.මු ජයරත්න මහතා කෘෂිකර්ම, ආහාර සහ සමූපකාර, තැපැල්, විදුලි සංදේශ සහ උඩරට සංවර්ධන, තැපැල්, විදුලි සංදේශ, ග්‍රාමීය ආර්ථික සංවර්ධන, වැවිලි කර්මාන්ත, බුද්ධ ශාසන හා ආගමික කටයුතු ආදී අමාත්‍යධූර ගණනාවක් ද හෙබවීය.
ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ 2010 අප්‍රේල් 21 වැනිදාය.
ඔහු පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ ගම්පොල පිහිටි දොළුව මහා විද්‍යාලයෙනි.
දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1951 වසරේ මහනුවරදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමෙන් පසු දි.මු.ජයරත්න මහතා එහි සාමාජිකත්වය ලබා ගත්තේය.
ඔහු දොළුව මහා විද්‍යාලයෙහි ගුරුවරයෙකු ලෙසින් මෙන්ම දොළුව තැපැල් ස්ථානාධිපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජීවතුන් අතර සිටි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා ද වේ.
දි.මු ජයරත්න මහතා අනුලා යාපා ජයරත්න මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතාගේ සහ දියණියන් දෙදෙනකුගේ පියා විය.
දි.මු ජයරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මාමණ්ඩිය ද වේ.
ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය හා ආගමික මධ්‍යස්ථානය ද දි.මු ජයරත්න මහතාගේ නිර්මාණයකි. එම ස්ථානයන්හි පරිපාලනය සිදුවූයේ ද දි.මු ජයරත්න මහතා යටතේ පාලනය වූ අම්බුළුවාව පරිසර, සංවර්ධන හා සංරක්‍ෂණ භාරය මගිනි.
හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය අවසන් ගෞරව සඳහා ගම්පොළ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
හිටපු අගමැති දි.මු දිවියට සමුදෙයි
SUNIL MILANO Tuesday, 19 November 2019 02:33 PM
හිටපු ගරු අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මැතිතුමනි ඔබට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා
Karunarathna Gampola Tuesday, 19 November 2019 02:49 PM
සසර ගමන නිමා කිරීම උදෙසා අජර අමර නිවනට පත් වේවා !!
Mf Tuesday, 19 November 2019 02:50 PM
නිවන් සුව පතමි.
Nimal ... Tuesday, 19 November 2019 03:02 PM
නිවන් සැප ලැබේවා!
ගම්පොලයා Tuesday, 19 November 2019 03:51 PM
නිවන් සුව පතමි
රොහාන් දයාදර පැරිස් Tuesday, 19 November 2019 03:54 PM
නිවන් සුව පතමු! එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානය පැරිස් ශාඛාවේ බලවත් ශෝකය!
Mahee Tuesday, 19 November 2019 03:56 PM
අපට සිටි නිහතමානී සැබැ දේශපානඥයෙක්. ඔබට නිවන් සුව!
සිරිබිරිස්Wednesday, 20 November 2019 12:21 AM
එතුමාට නිවන්සුව ලැබේවා
Raveendra Tuesday, 19 November 2019 08:07 PM
නිවන් සුව අත්වේවා !!
ධම්ම Wednesday, 20 November 2019 03:57 AM
මියගිය අයට සුගතිය ප්‍රාර්ථනා කිරීම යහපත් දෙයක් එහෙත් එම සුගතිය සඳහා සුදුසුකම් මාලාවක් සැපිරිය යුතු බව බුදු බණේ සඳහන්ව ඇත.