( මොහොමඩ් ආසික්)
හජ් උත්සව සමයේ මුස්ලිම් ජනතාව විසින් දානමය කටයුත්තක් වශයෙන් සිදු කරනු ලබන සතුන් ඝාතනය සඳහා කිසිදු මුස්ලිම් දේවස්ථාන පරිශ්‍රයක මෙවර අවසර ලබා නොදීමට මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ වකුෆ් සභාව තීරණය කර තිබේ.
මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.බි.එම්. අෂ්රෆ් මහතා විසින් මේ සම්බන්ධයෙන් සියලු මුස්ලිම් දේවස්ථාන භාරකාර මණ්ඩල වෙත ලිඛිතව දන්වා යවමින් කිසිදු මුස්ලිම් දේවස්ථාන පරිශ්‍රයක සතුන් ඝාතනය සඳහා අවසර ලබා නොදෙන ලෙස උපදෙස් ලබා දෙනු ලැබ තිබේ.
මුස්ලිම් ජනතාවගේ හජ් උත්සවය ලබන 21 වනදා සමරනු ලබන අතර එදින සිට දින තුනක් මෙම දානමය කටයුත්ත සිදු කළ හැකියි. කෙසේ නමුත් මෙවර 23 වනදා පෝය දිනයක්ව න බැවින් එය දින දෙකකට පමණක් සීමා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධ ශාසන අමාත්‍යාංශයට, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඇයි කියන්න බැරි පන්සල්වල අධික ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් දාලා අහල පහළ ගෙවල්වල මිනිස්සුන්ට කරදර හිරිහැර කරන්න එපා කියලා?
මේවා ක්‍රියාත්මක වෙනනම් හොදයි ඉතින්
හොද අදහසක් මේවා මේ විදියටම වෙනවනම් හොදයි
ඔබ සැමගේ එම සත් ක්‍රියාව අපි අගය කරන්නෙමු. මින් ඉදිරියටත් එසේ කිරීමට සිත් යොමු වේවා!!!
සියලු ආගම් සමාන නොවේ. සමහර ආගම් ප්‍රාණඝාතය අනුමත කරයි. සමහර ආගම් එසේ නොකරයි.
පෝය නිසා සතුන් ටික දෙනෙක්ගේ මෙවර ජීවිතය බේරුණා.
වටින තීරණයක්
ගව ඝාතන තහනම, කොරෝනා මළ සිරුරු භූමදානය කරන්න දෙන්නේ නැහැ.. දැන් නැති ප්‍රශ්නයක් හදලා විසඳුම් දෙයි.
එදා අපේ රට බුදුහාමුදුරුවන් දහම් දිවයින ලෙස නම් කළා. ඒ උතුම් වූ බුද්ධ වචනය ඉස්මතුවෙන පොහොයදාට පෙර දින දෙකේම ගොඩබිම සතුන්ගේ ලේ වලින් සේදී යනවා. මේ සතුන් මරණ විදිහ මා දැක තිබෙනවා. ඉතාමත් කුරීරු ලෙස සතුන් ජීවිත පූජාකරන්නේ අනේක වධ බන්ධන වලට ලක්වෙලා තමයි. මිනිසා කොතරම් දියුණු යයි පුරසාරම් දෙඩුවත්, ඇත්තෙන්ම මිනිසා සතුන් තරම් දියුණු නැහැ. ගවයා මස්, මාංශ ආහාරයට නොගන්නා අහිංසක සතෙක්... අප හට කිරි, වෙඬරු, ගිතෙල් හා පොහොරට ගොම ටිකත් ලබා දෙනවා. ඒත් මිනිසා කිරි දුන් සතාව මරා මස්කර කනවා. ඉතින් කොහොමද? මිනිසා දියුණුවෙලා තියෙන්නේ. කොයි දහමේ වුණත්, මේ බිලිපූජා නවතා දැමීමට දැන්වත් පියවර ගත යුතුය. මිනිසාට පමණක් නොව, සතුන්ටද ජීවත්වීමට අයිතියක් ඇත. සතුන් උපදිනුයේ මිනිසාට මරාගෙන කෑමට නොවේ. මේ කොරෝනා ලෙස පැමිණියේ, මිනිසා විසින් මරා දමන ලද සතුන්ගේ දුක් අඳෝනා මිශ්‍ර සාපය විය නොහැකිද? පිට පිට එකදිගටම එන නොයෙක් ආකාරයේ නැස්පැත්ති ද එසේ විය නොහැකිද?
මේ අහිංසක සත්තු හැමදාම මැරෙන්නැත්නම් තමයි හොඳ...
ඇයි දැනටමත්? ඕගොල්ලෝ අපිට කවදත් බංගලියන් තමයි. මොකෝ එහෙ කුරුඳු ගම්මිරිස් තිබෙනවායැ?